News Line| Off Air
Generic placeholder image

Jan
22

හිටපු ජනපති මෛත්‍රී පොලොන්නරුවෙන් ඉදිරි මහ මැතිවරණයට

Generic placeholder image

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මහ මැතිවරණය සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් කිරිමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. අද පැවැති මාධ්‍ය හමුවකදී නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා මේ බව තහවුරු කළා.


Jan
22

ඔප්පු ලියාපදිංචියට විද්‍යුත් මෘදුකාංගයක්

Generic placeholder image

විද්‍යුත් මෘදුකාංගයක් හරහා ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීමට රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. රෙජිස්ටාර් ජනරාල් එන්.සී. විතානගේ මහතා සඳහන් කළේ, ඉඩම් ඔප්පු ලියාපදිංචියේදී සිදුවන අක්‍රමිකතා අවම කිරිම මෙහි අරමුණ බවයි. මේ වනවිට ව්‍යාජ ඉඩම් ඔප්පු සකස් කිරිම් සම්බන්ධයෙන් වසරකට පැමිණිලි 3000 කට අධික සංඛ්‍යාවක් ලැබෙන බව ද ඔහු සඳහන් කළා. නව ක්‍රමවේදය ලබන මාසයේ සිට […]


Jan
22

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ පළමු ටෙස්ට් තරඟය අද හතරවන දිනටත්

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වන දිනය අද (22) යි. ඊයේ (21) දිනය සඳහා තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී රැස් කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 295කි. ඊයේ දිනය සඳහා තරඟය ආරම්භ කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය […]


Jan
22

කොරෝනා වෛරසය පැතිර යෑමේ අවධානමක් – ආසාදිතයෙක් අමෙරිකාවෙන් හමුවෙයි

Generic placeholder image

චීනයේ පැතිරයන කොරෝනා වෛරසය වන විට බොහෝ දුරට එරට ව්‍යාප්තව පැතිර යෑමේ අවධානමක් පවතින බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරනවා. මේ වන විට මෙම වෛරසය ආසාදනය වීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර අසාදිත රෝගීන් තුන්සීයක් පමණ හදුනාගෙන ඇති බව වාර්තා වෙනවා. එමෙන්ම මෙම වෛරසය ආසාදිතයෙක් අමෙරිකාවෙන් හමුව තිබෙන අතර ඔහු චීනයේ වූහාන් නගරයේ […]


Jan
22

සජිත් සහ එජාපයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් අතර හමුවක්

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයින් සහ පළාත් පාලන අපේක්ෂකයින් අතර හමුවක් ලබන 26 වනදා පැවැත්විමට නියමිතව තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම හමුව පැවැත්වෙන බව හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා පවසනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ හමුවක් ඊයේ පැවැත්වුණා.


Jan
22

උපාධිධාරීන්ට රැකියාදීමේ සම්මුඛ පරික්ෂණ ලබන මාසයේ

Generic placeholder image

ලබන මාසය වන විට උපාධිධාරීන්ට රැකියාදීම සඳහා සම්මුඛ පරික්ෂණ ආරම්භ කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා.


Jan
22

මහජන සාමය පවත්වාගෙන යෑමට අදාලව ත්‍රිවිධ හමුදාව යෙදවිම පිලිබදව අති විශේෂ ගැසට් නිවේදනයක්

Generic placeholder image

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.ඒ මහජන සාමය පවත්වාගෙන යාම සඳහා නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශවලට ත්‍රිවිධ හමුදාවේ සියළු සාමාජිකයින් යෙදවීමට අදාලවයි. හදිසි නීතිය ඉවත් කිරිමෙන් පසු හිටපු ජනාධිපතිවරයා විසින් මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර අතර පසුව මාසිකව මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා විසින් […]


Jan
22

වැස්ස වැඩි වන ලකුණු

Generic placeholder image

අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට වැසි තද වැසි ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව නැගෙනහිර, උතුරු-මැදසහ ඌව පළාත්වලත් වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය […]


Jan
21

පාරිභෝගික කටයුතු අධිකාරී නිලධාරීන් මැනිං වෙළඳපොළේ සංචාරයක

Generic placeholder image

පිටකොටුව මැනිං පොදු වෙළඳපොළෙහි එළවළු මිළ ගනන් සොයා බැලීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරින් අද(21) පෙරවරුවේ එහි සංචාරය කළා. මේ අතර සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු මිල ගණන් අද දිනයේ සිට විශාල වශයෙන් පහත වැටෙමින් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් පවසනවා. යාපනය ප්‍රදේශයෙන් විශාල වශයෙන් එළවළු තොග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීමත් සමඟ මෙලෙස එළවළු මිල […]


Jan
21

පාර්ලිමේනතු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකරට ඇප

Generic placeholder image

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේනතු මන්ත්‍රී ශාන්ත සිසිර අබේසේකර මහතාව ඇප මත මුදා හැරීමට හලාවත මහාධිකරණ විනිසුරු ජගත් ඒ.කහදගම මහතා අද(21) නියෝග කළා. ඒ අනුව ලේ ඥාතීන් දෙදෙනෙකු මන්ත්‍රීවරයා වෙනුවෙන් ඇප අත්සන් කළ යුතු බවද මහාධිකරණ විනිසුරුවරයා නියම කරනු ලැබුවා.


Jan
21

තෙවන දිනයේ ශ්‍රී ලංකාවත් ඉනිමක සාර්ථකත්වයට පිය නගයි

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තුන්වන දිනය අද (21) යි. ඊයේ (20) දිනය සඳහා තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවි ලකුණු 42ක් රැස්කරගෙන සිටියා. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 23 ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 74 […]


Jan
21

ඉස්ලාම් ආගමට අපහාස කළ 03කට ඩුබායි අධිකරණයෙන් දඩ

Generic placeholder image

සමාජ මාධ්‍ය ඔස්සේ ඉස්ලාම් ආගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වු චෝදනාවකට වරදකරුවන් වු ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණයක් විසින් දඩ නියම කර තිබෙනවා. ඒ අනුව එක් පුද්ගලයෙකුට ඩිරාම් ලක්ෂ පහ බැගින් දඩ මුදලක් ගෙවන ලෙස ඩුබායි අධිකරණය නියෝග කර ඇති අතර එය මෙරට මුදලින් රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න බව වාර්තා වෙනවා. ඩුබායි තරු පංතියේ නිවාඩු නිකේතනයක […]


News Articles
Latest Videos
Most Popular Post