News Line| Off Air
Generic placeholder image

Apr
3

දිමුත්ට ඩොලර් 7 500 ක දඩයක්

Generic placeholder image

බීමතින් රිය පදවා අනතුරක් සිදුකර ක්‍රීඩක කොන්ත්‍රාත්තු කඩ කිරීම හේතුවෙන් දිමුත් කරුණාරත්නට ඇමෙරිකානු ඩොලර් 7 500ක් දඩයක් නියම කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. එම දඩය ඔහු වෙනුවෙන් එක් ටෙස්ට් තරගයක් සඳහා ගෙවන ගාස්තුවට සමානයි. බොරැල්ල, කිංසි හෝර්ටන් ප්‍රදේශයේදී මාර්ග සංඥා උල්ලංඝනය කරමින් ක්‍රීඩක දිමුත් කරුණාරත්න ධාවනය කළ ජීප් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් එහි […]


Apr
3

වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 09 කට බලපෑම්

Generic placeholder image

වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 09 කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමණාකරන‍ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කලේ වියලි කාලගුණය හමුවේ ජල මූලාශ්‍ර සීග්‍රයෙන් සිදෙමින් පවතින බවයි. ජල ඉල්ලුම 20%කින් ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සදහන් කලේ වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර වල ජල මට්ටම අඩුවෙමින් තිඛෙන […]


Apr
3

ලංකාව ඉන්දියාවේ කේන්ද්‍රස්ථානය බවට පත් කල යුතුයි – අගමැති

Generic placeholder image

ශ්‍රී ලංකාව ඉන්දියාවේ කේන්ද්‍රස්ථානය බවට පත් කල යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කලේ මහරගම බහුමහල් රථ වාහන අංගනය සහ සුකිත පුරවර ව්‍යාපෘතිය එලි දැක්වීමේ අවස්ථාවට ඊයේ පස්වරුවේ එක් වෙමින්.


Apr
3

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ භාවිතා කරන්නන්ට වැඩ වරදියි

Generic placeholder image

විෂ මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන්නන්, අළෙවි කරන්නන් මෙන් ම ඒවා ළග තබා ගන්නා සහ භාවිතා කරන පුද්ගලයන්ට එරෙහිව ද ඉදිරියේ දී දැඩි නීති ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව සදහන් කලේ මත්ද්‍රව්‍ය පාලනයට සහ අපරාධ අවම කිරීමට අදාළ පනත් කෙටුම්පත් පිළිබඳව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී යි. විෂ මත්ද්‍රව්‍ය […]


Apr
3

අර්බුදය විසඳන තෙක් කැබිනට් රැස්වීම් වලට සහභාගී වෙන්නෙ නෑ – ජනපති

Generic placeholder image

ලංකා විදුලි බල මණ්ඩලයත් , මහජන උපයෝගිතා කොමිෂන් සභාවත් අතර ඇති වී තිබෙන අර්බුදය විසඳා ගන්නා තෙක් තමා කැබිනට් රැස්වීම්වලට සහභාගි නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වනවා. දේශපාලන ආරංචි මාර්ග සදහන් කලේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව විදුලි බල මණ්ඩලයට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිතුමා අදහස් දක්වා ඇති බවයි. […]


Apr
3

දේශපාලන උවමනා මත විදුහල්පතිවරුන් පත් කිරීමෙන් ගැටළු

Generic placeholder image

සුුදුසුකම් සපිරූ විදුහල්පතිවරුන් සිටියදී අත්දැකීම් අඩු විදුහල්පතිවරුන් දේශපාලන උවමනා මත පාසල් වලට පත් කිරීමෙන් මේ වන විට ගැටලු රැසක් පැන නැගී ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සදහන් කලේ අධ්‍යාපන පරිපාලන පළමු පංතියේ විදුහල්පතිවරුන් පත් කල යුතු ඇතැම් ජාතික පාසල් සදහා තුන් වැනි පංතියේ විදුහල්පතිවරුන් පත් කර […]


Apr
3

සහල් මිල ගණන් පහළට

Generic placeholder image

පසුගිය සති කිහිපයට සාපේක්ෂව සහල් මිළ ගණන් අඩු වි තිබෙනවා. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේයේ සංඛ්‍යා දත්ත කළමණාකාර එච් ජී ලයනල් මහතා සදහන් කලේ ඉදිරි සති කිහිපය පුරා මෙම තත්වය පැවතිය හැකි බවයි.


Apr
3

විදුලිබල අර්බුධය විසදීමට නව වැඩපිළිවෙලක් ගැන අවධානය

Generic placeholder image

විදුලිබල අර්බුධය විසදීමට මිල අවම නව තාක්ෂණික ක්‍රමෝපායක් සම්භන්ධයෙන් විදුලි බල අමාත්‍යාංශයේ අවදානය යොමු වී තිබෙනවා. නව ඉන්ධන රහිත ද්‍රව තෙරපුම්බල එන්ජිම විෂය බාර අමාත්‍යවරයාගේ විශේෂ අවධානයට යොමුව ඇති බවයි අමාත්‍යාංශය සදහන් කලේ. තවත් වසර එකහමාරක් වැනි කාලයක් තුළ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි ඉන්ධන රහිත ද්‍රව තෙරපුම්බල එන්ජිම විදුලි උත්පාදන ක්‍රමය යොදාගනිමින් විදුලි උත්පාදය […]


Apr
3

වෛද්‍යවරුන් අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක

Generic placeholder image

ඌව පළාතේ සියලු රෝහල් වල වෛද්‍යවරුන් අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතයි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් ශාඛාවේ සාමාජික පාලිත රාජපක්ෂ මහතා සදහන් කලේ පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පල කරමින් මෙය සිදු කරන බවයි. ඌව පළාතේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පසුගිය පළමු ආරම්භ කිරීමට නියමිත වැඩ වර්ජනය පිළිබද විශේෂ සාකච්ඡාවක් […]


Apr
3

බක්මහ දිවුරුම සාර්ථකව අවසන් වෙයි

Generic placeholder image

මතින් නිදහස් රටක් වෙනුවෙන් රටම එක්ව දිවුරුම් දෙන බක්මහ දිවුරුම අද සිදු කිරිමට නියමිතයි. එහි ප්‍රධාන උත්සවය පෙරවරු 8.15 ට සර්ව ආගමික නායකයන්ගේ ආශිර්වාදයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්වුණා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඊට සහභාගී වුණා. එමෙන්ම පළාත් ආණ්ඩුකාරවරුන්, ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු නියෝජිතයන් ද ඒ සඳහා එක්වනු […]


Apr
2

ධුර කාලය අවසන් වීමටත් පෙර ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට යයි

Generic placeholder image

ධුර කාලය අවසන් වීමටත් පෙර ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට ඇල්ජීරියානු ජනාධිපති අබ්දෙලාසීස් බුටෙෆිලිකා සුදානම් වනවා. ඔහුගේ ධූර කාලය අවසන් වන්නේ ලබන 28 වනදායි. එරට පවතින විරෝධතා හමුවේ අබ්දෙලාසීස් බුටෙෆිලිකා සිය ධුර කාලය අවසන් වීමටත් පෙර ජනාධිපති ධුරයෙන් ඉවත් වීමට කටයුතු කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ . පස්වන වරටත් ඇල්ජීරියානු ජනාධිපතිවරණය සදහා තරඟවැදිමට අබ්දෙලාසීස් […]


Apr
2

ජල ඉල්ලුම ඉහළට

Generic placeholder image

ජල ඉල්ලුම 20%කින් ඉහළ ගොස් ඇති බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසනවා. එම මණ්ඩලය සදහන් කලේ වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍ර වල ජල මට්ටම අඩුවෙමින් තිබෙන බවයි. මෙම තත්වය මත ඇතැම් ප්‍රදේශ වල ජල සැපයුම් සීමා කර තිබෙනවා. ඉහළ ප්‍රදේශවල ජනතාවට ජල සැපයුම් සිදුකිරීම දුෂ්කර වී ඇත්තේ පහත්බිම් ප්‍රදේශවල නළ ජලය භාවිත කරන්නන් අධික […]


News Articles
Latest Videos
Most Popular Post