අනුරාධපුර, තිරප්පනේ, ගල්කුලම ප‍්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ගින්නක් ඇති වී තිබෙනවා. අද (16) පස්වරු 2.30 ට පමණයි ගින්න ආරම්භ වී ඇත්තේ. එම ගින්න නිවා දැමීම සදහා ගිනි නිවීම් රථ දෙකක් යොදවා තිබෙනවා. ගින්නට හේතුව තවමත් අනාවරණ වී නැහැ .
සබරගමු විශ්ව විද්‍යාලයට අනුබද්ධව කුරුවිට බටුහේනේ ස්ථාපිත කළ වෛද්‍ය පීඨය විවෘත කිරීම දේශපාලනඥයින් සම්බන්‍ධ කර ගැනීමට විරෝධය පළකරමින් එම විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය අද (16) දහවල් පැයක කාලයක් බලන්ගොඩ පඹහින්නේ පිහිටි විශ්ව විද්‍යාල ගේට්ටුව ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබේ. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රධාන මැතිඇමතිවරුන් අතින් හෙට (17) පෙරවරුවේ සබරගමු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය විවෘත […]
පසුගිය දිනයන්වලදී නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ භාතිය සංතුෂ්ගේ “ඔබ නිසා” ප්‍රසංගය ඉතාමත් සාර්ථක අයුරින් පැවැත්වුණා. මෙම ප්‍රසංගය නැරඹීමට පැමිණි අයගෙන් නෙළුම් පොකුණ රඟහල පිරී ගොස් තිබුණු බවයි අපට දැනගන්නට ලැබුණේ. මේ ප්‍රසංගය බලන්න ආසාවෙන් හිටපු අයටත් මේ ප්‍රසංගය මග හැරිලා තිබුණේ සියලුම ප්‍රවේශපත්‍ර පවා විකිණී අවසන්ව තිබූ නිසාවෙන්. කෙසේ වූවත් මේ ප්‍රසංගයේදී හරි අපූරු […]
උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් දියත් කිරීමට නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. 2017 අ.පො.ස. (උ.පෙළ) විභාගයෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබුවද රාජ්‍ය විශ්වවිද්‍යාලයකට තේරී පත් නොවූ ශිෂ්‍යයන් හට ඔවුන්ගේ උසස් අධ්‍යාපන අපේක්ෂාවන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමත රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක් මගින් […]
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවීමක් කළ බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (16දා) අධිකරණයට වාර්තා කළා. දූෂණ විරෝධී බළකායේ නාමල් කුමාර මහතා විසින් හෙළි කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන සිදුවිම පිළිබඳව ප්‍රකාශයක් […]
මේ දිනවල මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීම සම්බන්ධයෙන් ත්‍රි පුද්ගල කමිටුවක් පත් කොට ලබන සදුදා දිනට පෙර (2019.01.21) වහාම වාර්තාවක් ලබා දෙන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. 2018.11.22 වන දින මෙම පහරදීම සිදු වී තිබෙන අතර මේ සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු […]
උතුරු සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යධූරය ඉදිරියේදී උතුරු නැගෙනහිර සංවර්ධන වශයෙන් වෙනස් වන බවට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කරනු ලැබුවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (15) දින යාපනය වලිකාමම් උතුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා, ‘අගමැතිවරයාට විශ්වාසය පලකිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් […]
පාර්ලිමේන්තුව තුළ පසුගිය සමයේ ඇති වූ ගැටුම් මාලාව තුළදී දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා විසින් කතානායක මයික්‍රෆෝනයට හානි සිදු කිරීමෙන් පසු එම මයික්‍රෆෝනය ආනයනය කිරීමට සූදානම් බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මෙසේ මයික්‍රෆෝනයට සිදු කළ හානිය තුන් ලක්ෂ විසිදහසක් බව නිශ්චය කොට තිබෙනවා. එසේ හානිකළ මුදල නැවත මහජන මුදලින්ම පියවීමට නියමිතව තිබෙනවා. එම මුදල හානිය සිදු කළ […]
සඳ මත යම් ජීව විද්‍යාත්මක ද්‍රව්‍යයක් රෝපණය වූ ප්‍රථම අවස්ථාව ලෙස ලෝක ඉතිහාසයට එක්වෙමින්, සඳ මත සිටවූ පුළුන් බීජ දළු දමා තිබෙන බව චීන රජයේ මාධ්‍ය අද (15දා) අනාවරණය සිදු කළා. චීනය විසින් පසුගිය 3දා සඳෙහි අඳුරු පෘෂ්ඨය වෙත ගොඩබැස්වූ ඡන්ග්’එ 4 අභ්‍යවකාශ යානා මෙහෙයුම අතරතුර ඔවුන් මේ වැදගත් පියවර සනිටුහන් කර තිබෙනවා. සඳෙහි පෘෂ්ඨයේ […]
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයන් දෙපළක් වන කුමර් සංගක්කාර සහ මහේල ජයවර්ධන විසින් පවත්වාගෙන යන හෝටල් ජාලයක් වන මිනිස්ට්‍රි ඔෆ් ක්‍රැබ්ස් හෝටලයේ ශාඛාවක් පිලිපීනයේ මැනිලා නුවර විවෘත කර තිබෙනවා. ප්‍රථමයෙන්ම කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසළ ලන්දේසි රෝහල් පරිශ්‍රයේදි ආරම්භ කළේය. දැන් ඔවුන් එය ලෝකයේ රටවල් කිහිපයකම විවෘත කර තිබෙනවා. මීට පෙර ඉන්දියාවේත්, ඉන් අනතුරුව චීනයේත් […]
වරාය නගර ව්‍යාපෘති සමාගම තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් වරාය නගර සමස්ත ගොඩකිරීමේ කටයුතු අවසන් කර තිබෙන බව දැනුම් දී තිබෙනවා. වැලි කැණීමේ කටයුතුවල නිරතව සිටි අවසන් නෞකාව වන ෂිං හායි ලෝන්ග් වරාය නගර භූමියෙන් සමු ගැනීම සිදූ බවද සඳහන් කරනවා. හෙක්ටයාර් 269ක බිම් ප්‍රමාණයේ පිළිසැකැසුම් මේ වන විට සම්පූර්ණ කර තිබෙන ඇති අතර නව […]
පසුගිය රජය සමයේදී පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර ගෙන ඒමේදී වංචාවක් සිදුවී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා. රාගම ශික්ෂණ රෝහලේ ඉදිකරන ලද නව හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කිරිමේ අවස්ථාවට අද (15දා) එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කරා. “පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය ලීනියර් ඇක්සලේටර් යන්ත්‍ර […]