ඉන්දුනීසියාවට දැඩි ගංවතුර තත්ත්වයක් ඇති ව තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 50 දෙනකු පමණ මියගොස් තිබෙන අතර අධික ගංවතුර තත්ත්වය හමුවේ නායයාම් තත්ත්වයක් ද පවතින හෙයින් ජනතාව බේරා ගැනීම සඳහා මේ වනවිට ගලවා ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇතැයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. මේ අතර දිස්ත්‍රික්ක 4කට සහ ගම්මාන […]
තිහගොඩ ප්‍රදේශයේදී පොලිස් ජීප් රියට යට වී පුද්ගලයෙක් මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. තිහගොඩ බණ්ඩත්තර ප්‍රදේශයේ පදික මාරුව මතදී මෙම අනතුර ඊයේ රාත්‍රියේ සිදුව ඇති අතර තිහගොඩ පොලීසියට අයත් මෙම ජීප් රථය සැකකරුවෙකු රැගෙන යමින් සිටියදී මෙලෙස අනතුර සිදුව තිබෙන්නේ. කෙසේ වෙතත් ජීප් රථය පැදවූ තිහගොඩ පොලීසියේ නිලධාරීයාව පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
මුලිතිව්, වව්නියාව, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොණරාගල යන දිස්ත්‍රික්ක 10කට අද උණුසුම් කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. මේ හේතුවෙන් වැඩබිම්වල සිටින පුද්ගලයින් ප්‍රමාණවත් ලෙස ජලය පානය කළ යුතු අතර අධික වෙහෙසකාරී කටයුතු සීමා කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ. නිවෙස්වල සිටින වැඩිහිටි හා රෝගී […]
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත මේ වන විට බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා ඉදිරිපත්කළ පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට […]
මෙම දිනවල උත්සව සමයේ සාප්පු සවාරි යෙදෙන මහජනතාව බහුලව ගැවසෙන ස්ථානවලට යාමේදී සිය මුදල් පසුම්බිය, අත්බෑගය පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. විශේෂයෙන් දුම්රිය, බස් රථ ආදී පොදු ප්‍රවාහන සේවාවලදී මෙන් ම බහුලව මහජනයා ගැවසෙන ස්ථානවලදී ස්වර්ණාභරණ කොල්ලකෑම්, අත්බෑග සොරා ගැනීම්, මුදල් පසුබ්මි පැහැර ගැනීම් වැනි […]
51 දෙනෙකුට මරු කැඳ වූ දුම්රිය අනතුරේ වගකීම භාරගනිමින් එරට ප්‍රවාහන ඇමති වරයා ඉල්ලා අස් වීමට තීරණය කර තිබෙනවා. අදාල ඉල්ලා අස්වීම ලිපිය එරට රජයට භාරදීමට කටයුතු කර තිබුන නමුත් තායිවාන අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කර තිබෙන්නේ මේ වන විට තව දුරටත් එම සිද්ධියේ මෙහෙයුම් සහ සහන සේවා සඳහා කටයුතු සිදුවන හෙයින් ඒ පිලිබදව සොයා බැලීම […]
ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගය ඊයේ නෙළුම් පොකුණ රගහලේ පැවැත්වුණු අතර එහිදී ජයග්‍රහණය හිමි කරගත් පුෂ්පිකා ද සිල්වා හට පැළදු කිරුළ නැවත ගලවා එම තරගයෙන් දෙවැනි ස්ථනය දිනා ගත් තැනැත්තියට ලබා දීමට හිටපු විවාහක රූ රැජින වන කැරොලින් ජූරි විසින් කටයුතු කරනු ලැබුවා. ඒ එම තරගය නැරඹීමට පැමිණි සියල්ලන් මවිතයට පත් කරමින්. එම අවස්ථාවේ […]
ප්‍රංශය තුල නැවතත් කොරෝනා ආසාදිතයින් ඉහළ යෑමත් සමග එරට තෙවැනි වරටත් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මේ වන විට එරට රෝහල් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් ගණන සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ. මේ අනුව මාසයක කාලයක් ප්‍රංශය සම්පුර්ණයෙන් ම වසා දැමීමට තීරණය කර තිබෙනවා.
චීනයෙන් මෙරටට ලැබුණු කොවිඩ් එන්නත අද දිනයේ සිට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා. ඒ අනුව එම එන්නත චීන ජාතිකයින්ට පළමුව ලබා දීමට පියවර ගෙන තිබෙනවා. චීනයේ නිෂ්පාදිත සිනොෆාම් නමැති මෙම එන්නතේ මාත්‍රා ලක්ෂ 6ක් ජනාධිපති ෂී ජින් පින් මහතා විසින් මෙරටට ප්රදානය කෙරුණා.
දුර ගමන් සේවා බස් රථ වලට අද සිට සිවිල් ඇදුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමට තීරණය කර තිබෙනව. ඒ රියදුරන්ගේ රිය ධාවනය නිරික්ෂනය කිරීම සදහායි. මේ වසර තුල රිය අනතුරු හේතුවෙන් මහමගට මිනිස් ජිවිත විශාල ප්‍රමාණයක් බිලි වී තිබෙනවා.
සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයකසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 14 දක්වා […]
මෙරට තුළ නව පොලිස් ස්ථාන 190ක් ආරම්භ කිරීමට පියවරගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සදහන් කරනවා.