මාර්තු මස 20 වන දින සිට අද(27) අළුයම 4.00 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව පුද්ගලයින් 66,341ක් අත්අඩංගුවට පත්ව තිබෙනවා. එම කාලය තුළ අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 18 695 ක් වන බව පොලිස් කොට්ඨාසය සඳහන් කරයි. මේ අතර ඊයේ(25) රාත්‍රී 10.00 සිට අද අළුයම 4.00 දක්වා වු ගත වු පැය 6ක කාලය […]
කොරෝනා වෛරසය හේතුවෙන් ඇණහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය අද සිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව බදුල්ල සිට මහනුවර බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් මෙලෙස ධාවනයට එක් කෙරුණා බවයි පැවසෙන්නේ.
මගී ඉල්ලීම් සහ ඇතැම් දුම්රිය ස්ථානවල තත්වය සැලකිල්ලට ගනිමින් අද සිට තවත් දුම්රිය කිහිපයක් ධාවනයට එක් කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කලේ. එමෙන්ම ලබන මාසයේ සිට සියලූ දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර තිබෙන බවද සදහන් වෙනවා.
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෑගල්ල, රත්නපුර, කළුතර, නුවරඑළිය, ගාල්ල, […]
මෙරට තුළ එක් දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යව ඊයේ(26) දිනයේ වාර්තා වී තිබෙනවා. ඒ ඊයේ දිනය තුළ පමණක් වෛරස ආසාදිතයින් 137 දෙනෙකු හඳුනාගැනීමත් සමඟයි. ඒ අනුව මේ වන විට මෙරටින් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 1319 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඊයේ හඳුනාගත් වෛරස ආසාදිතයින් අතර 127 දෙනෙකු කුවේට් සිට පැමිණ මෙරට නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිසක් […]
අමෙරිකාවේ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගොස් ඇත. එරටින් අද වන විට පුද්ගල මරණ 100580ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. එරටින් ගත වූ පැය 24 තුළ මරණ 775ක සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
ඊයේ(26) රාත්‍රී 11.30 වන විට තවත් කොවිඩ්-19 ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට COVID 19 වෛරසය ආසාදිත පිරිස 1319 දක්වා ඉහළ ගොස් ඇත. මේ අනුව ආසාදිතයින් 597 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. පසුගිය 25 දා තුළ නව මරණයක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 10 දක්වා ඉහළ ගියේය. එමෙන්ම ඊයේ උදෑසන 10 […]
පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක 7ක නායයෑම්, පස් කණ්ඩි කඩා වැටීම්, ගල් පෙරළීම් සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා. ඒ අනුව රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරඑළිය, ගාල්ල, කළුතර සහ මාතර දිස්ත්‍රික්කවල ජනතාව මේ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙසයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.
ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු යටිතළ පහසුකම් සංවර්ධන අමාත්‍ය ලංකා කම්කරු කොංග්‍රස් නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ හදිසි හෘදයාබාදයක් හේතුවෙනුයි.
තවත් කොරෝනා ආසාදිතයින් 69 දෙනෙකු හඳුනා ගැනීමත් සමග අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 96ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එම අසාදිතයින්ගෙන් 88 දෙනෙකු කුවෙට් සිට මෙරටට පැමිණි පිරිසක් වන අතර ඉතිරි ආසාදිතයින් 8 දෙනා නාවික හමුදා සාමාජිකයින් අතරින් හඳුනා ගෙන තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1278 දක්වා ඉහළ යනු ඇති.
වයස අවුරුදු 2 ට අඩු දරුවන් සඳහා මුහුණු ආවරණ පැළදීම සිදු නොකළ යුතු බව ජපාන ළමා රෝග විශේෂඥයින් පවසනවා. ඔවුන් පෙන්වාදෙන්නේ මුහුණු ආවරණ පැළදීමෙන් ඔවුන්ගේ සෞඛ්‍යයට තර්ජනයක් ඇති විය හැකි බවයි. මේ හේතුවෙන් කුඩා දරුවන් ශ්වසන අපහසුතාවලට ලක්විය හැකිබව එම විශේෂඥයින් අනතුරු අඟවා ඇත. කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වයත් සමඟ මුහුණු ආවරණ පැළදීම මේ වන විට […]
මත්ද්‍රව්‍ය ලඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මධුශංකට සියළුම වර්ගයේ ක්‍රිකට් තරඟ තහනම් කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසුවේ අද (26) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තහනම පැනවෙන බවයි. ශෙහාන් මධුශංක ක්‍රිකට් ක්‍රීඩාවට, ක්‍රිකට් ආයතනයට මෙන්ම ක්‍රීඩකයින්ට ද අපකීර්තියක් ඇතිවන ආකාරයෙන් කටයුතු කර ඇති බව […]