News Line| Off Air
Generic placeholder image

May
25

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අතර මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල විශේෂයෙන් කෑගල්ල, රත්නපුර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලමි.මී.100 වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැක. ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් […]


May
25

මෙරට හදුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 1140 දක්වා ඉහළට

Generic placeholder image

අද(24) දිනයේ රාත්‍රී 11.00 වන විට නව ආසාදිතයින් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1140 ක් දක්වා ඉහළ ගොස් තිබේ.


May
24

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර අන්තර් පළාත් බස් සේවාව අනිද්දා ආරම්භ කිරීමට පියවර

Generic placeholder image

කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර අන්තර් පළාත් බස් සේවා අනිද්දා සිට ආරම්භ කිරීමට පියවර ගන්නා බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය පවසනවා. නිවේනදනයක් නිකුත් කරමින් මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරන්නේ මෙම බස් රථ සේවා ආරම්භ කරනුයේ සෞඛ්‍ය අංශ විසින් රජයට දී ඇති උපදෙස් අනුව බවයි. එමෙන්ම සෞඛ්‍ය අංශ විසින් දී ඇති උපදෙස් අනුව මුව ආවරණ […]


May
24

කළුතර, ගම්පහ දිස්ත්‍රික්ක සඳහා අද සහ හෙට සහල් ලබාදීමේ වැඩපිළිවෙළක්

Generic placeholder image

කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්ක සඳහා අද හා හෙට සහල් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව අභ්‍යන්තර වෙළෙඳ ආහාර සුරක්ෂිතතා සහ පාරිභෝගික සුබසාධන අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය පැවසුවේ, සෙසු ප්‍රදේශ සඳහා ද අඛණ්ඩව එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවය.


May
24

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 54 ඉක්මවයි

Generic placeholder image

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 54 ඉක්මවා තිබේ. අද වන විට ආසාදිතයින්ගේ සංඛ්‍යාව 54 ලක්ෂ 3,979ක් ලෙස දැක්වෙන වන බව විදෙස් වාර්තා පවසයි. වැඩිම ආසාදිතයින් පිරිසක් අමෙරිකාවෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 17 ලක්ෂයකට ආසන්න වෙයි. මේ


May
24

අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි […]


May
24

මගී අවශ්‍යතාව ගැන ජාතික ගමනාගමන කොමිෂන් සභාවෙන් සමීක්ෂණයක්

Generic placeholder image

වත්මන් මගී අවශ්‍යතාව සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් සමීක්ෂණයක් ආරම්භ කරනු ලැබ තිබේ. එහි සභාපති නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ, සියලුම දිස්ත්‍රික් හා පළාත් ආවරණය කෙරෙන පරිදි මගීන් 2000 ක් පමණ යොදා ගනිමින් මෙම සමීක්ෂණය සිදු කෙරෙන බවය.


May
24

කොළඹ පුද්ගලයින් 3252 ක් PCR පරීක්ෂාවට

Generic placeholder image

පසුගිය සති 6 ක කාලය තුළ කොළඹ නගරයේ පුද්ගලයින් 3252 ක් PCR පරීක්ෂණයට ලක් කළ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි. මේ වනවිට ශ්‍රී ලංකාව තුළ සිදු කළ PCR පරීක්ෂණ ප්‍රමාණය 50,000 කට අධිකය.මේ අතර මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1089 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ […]


May
24

අද සහ හෙට සියලු සුරාසැල් වසා දමයි

Generic placeholder image

අද සහ හෙට දිවයින පුරා සුරාසැල් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. සුරාබදු නියෝජ්‍ය කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පැවසුවේ, අද සහ හෙට දිවයින පුරා ක්‍රියාත්මක පොලිස් ඇඳිරි නීතිය හේතුවෙන් එලෙස වසා තැබීමට තීරණය කළ බවය. ඒ අනුව කොළඹ සහ ගම්පහ ඇතුළුව දිවයිනේ සියලු බලපත්‍ර ලාභී සුරාසැල් වසා තබනු ඇති. පොලිස් ඇඳිරි නීතිය කාලය තුළ […]


May
24

ජනපතිගේ රාමසාන් පණිවිඩය

Generic placeholder image

ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන ඊදුල් ෆීතර් හෙවත් රාමසාන් උත්සවය ‍අදට යෙදී තිබේ. ඉස්ලාම් දින දර්ශනයට අනුව ෂවුවාල් මාසයේ නව සඳ ඊයේ දැකීමෙන් අනතුරුව කොළඹ මහ පල්ලිය රාමසාන් දින සැමරුම අද පැවැත්වීමට තීරණය කළේ ය. ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උත්සවය සමරන්නේ මාසයක උපවාසයකින් අනතුරුවය. මේ අතර අතිශය සංකීර්ණ, එමෙන්ම පෙර නොවූ විරූ ආකාරයේ අර්බුදයකට සමස්ත ලෝකවාසීන් […]


May
24

රාමසාන් උත්සවය අදයි

Generic placeholder image

රාමසාන් උත්සවය අදට යෙදී තිබේ. ඊයේ පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක නව සඳ දැකීම හේතුවෙන් අද(24) රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කළේය. ඉස්ලාම් බැතිමතුන් මාසයක පමණ කාලයක් උපවාසයේ නිරතවීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය ඔවුන්ගේ උත්සව අතර වැදගත්ම අවස්ථාවක් ලෙස සැලකෙයි


May
24

අද සහ හෙට දිවයිනටම ඇඳිරි නීතිය

Generic placeholder image

දිවයිනේ සියලු දිස්ත්‍රික් සඳහා මේ වන විට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි. ඊයේ(23) රාත්‍රී 8.00 සිට ඇදිරි නීතිය පැනවු අතර එය ලබන අඟහරුවාදා උදෑසන 5.00 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි. එදින ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු නැවත දැනුම්දෙන තුරු රාත්‍රී කාලයේ පමණක් සියළු දිස්ත්‍රික්ක සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ඒ අනුව […]


News Articles
Latest Videos
Most Popular Post