මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 653 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අද දින ආසාධිතයින් 04 දෙනෙකු හදුනාගැනීමත් සමගයි. අද හදුනාගැණුනු ආසාධිතයින් 04 දෙනාම ඔළුවිල් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටින සුදුවැල්ල ප‍්‍රදේශයේ පුද්ගලයන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා.
ස්පාඤ්ඤයේ සති 06 ක් තුළ වාර්තා වූ අවම කොරෝනා මරණ සංඛ්‍යාව අද වාර්තා වී තිබෙනවා. ඒ අනුව මරණ 268 ක් අද වාර්තා වී ඇති අතර එරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 24543 ක් දක්වා ඉහළෙගොස් ඇති බව විදෙස් වාර්තා පැවසුවා. ස්පාඤ්ඤයේ මුළු ආසාධිතයින් සංඛ්‍යාව දෙලක්‍ෂ 36 899 ක් වනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පැවති පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් මැයි මස 4 වනදා එනම් සඳුදා රැස්වීමක් සඳහා කැඳවා ඇත. පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවා ඇති බවට වාර්තා වේ.
COVID 19 වෛරසය ආසාදිතව සිට ප්‍රතිකාර ලබා සුවය ලැබු පුද්ගයින් තිදෙනෙක් අද (30) රොහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින වෛරස් ආසාදිතයින් ගණන 503 ක් දක්වා අඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යශය නිවේදනය කළා. මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 139ක්.
රඟපාන්න පොර කන චරිත අතරේ …. රගපාන්නේ නැතුව චරිතයක් වුන Irrfan Khan…..ඔබට…..සුබ ගමන්… 1967 වසරේ ජනවාරි 7 වනදා රාජස්ථාන් ප්‍රාන්තයේ ජයිපූර් හිදී සහබ්සාදේ ඉර්ෆාන් අලි ඛාන් ලෙස ඔහු උපත ලබනවා.ඔහු පඨාන් පවුලකින් පැවත එන්නෙක්.ඔහුගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙක් වීම නිසා ඔහු සැපවත් ජීවිතේකට උරුමකම් කියනවා. ක්‍රිකට් ක්‍රීඩකයෙක් වීමට ඔහුගේ සිහිනයක් තිබුනත් දෙමාපිය අශිර්වාදය නොමැති වීම නිසා […]
බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ ගණන 26,000 ඉක්මවා ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. කොරෝනා මරණ බහුතරයක් වාර්තා වන තුන්වන රට බවට බ්‍රිතානය පත් වන අතර බ්‍රිතාන්‍යයෙන් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන එක් ලක්ෂ හැට පන් දහස් දෙසිය විසි එකක්. මේ අතර තවදුරටත් ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් අමෙරිකාවෙන් වාර්තා වන අතර එය 61.000 ඉක්මවා තිබෙනවා.
උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ සෞඛ්‍ය වාර්තා සම්බන්ධයෙන් ඉතා අවධානයෙන් පසුවන බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පවසයි. මෑතකදී උතුරු කොරියානු නායකයා ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම සහ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පරස්පර අදහස් මතුවීම හේතුවෙන් ඒ පිළිබඳව ඉතා අවධානයෙන් පසුවන බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර ඇත. 36 හැවිරිදි කිම් ජොං අන් අවසන් වරට ප්‍රසිද්ධියේ […]
තද සුළං හා මුහුද රළු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. ඒ අනුව ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු හේතුවෙන් මෙම තත්ත්වය ඇති වෙයි. එහිදී පෙර සඳහන් කළ ස්ථානයන්ගේ මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි අතර සුළං වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර […]
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත් වල ඩෙංගු අවදානම ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමග එලෙස අවදානමක් මතුවන බවයි. මේ හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු සඳහන් […]
ප්‍රවීණ බොලිවුඩ් නළු රිෂි කපූර් ඉන්දියාවේ, මුම්බායිහි රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ. 67 හැවිරිදි ඔහු කපූර් පවුලෙන් පැවත එන අතර හින්දි සිනමා කර්මාන්තයේ දිගු කලක් ආධිපත්‍යය දැරු නළුවෙකු ලෙස හැඳින්විය හැකිය. 1973 දී බොබී චිත්‍රපටයේ රිෂී කපූර් සිය පළමු ප්‍රධාන චරිතය රඟපෑවේය. ඔහු දශක දෙකකට අධික කාලයක් පුරා චිත්‍රපට ගණනාවත ප්‍රේමාන්විත චරිතයක් රඟපෑවේය. රිෂී කපූර් 2018 […]
මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින පුද්ගලයින් හේතුවෙන් කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානම මතුව ඇතැයි පොලීසිය පවසයි. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවට දැනුම් දෙන්නේ එවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු වහාම දැනුම් දෙන ලෙසයි.
ඊයේ(29) රාත්‍රි 11.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 19 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 649 ක් දක්වා ඉහළ ගියේය.ඒ අනුව ඊයේ දිනයට පමණක් ආසාදිතයින් 30 දෙනෙක් වාර්තා විය. කෙසේ වෙතත් ඊයේ කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලැබු අතර සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 136 ක් දක්වා වැඩි විය. මේ […]