News Line| Off Air
Generic placeholder image

Apr
22

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 322 දක්වා ඉහළ යයි

Generic placeholder image

ශී‍්‍ර ලංකාවෙන් හමු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 322 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයෙකු හමුවීමත් සමගයි. එම රෝගියා පොළොන්නරුව රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි අයෙක් බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළා. ඒ අනුව අද දිනය තුළදී මෙරටින් කොරෝනා රෝගීන් 12 දෙනෙකු වාර්තා වුණා.


Apr
22

අද හදුනාගත් කොරෝනා ආසාධිතයින් 11 දෙනා ගැන තොරතුරක්

Generic placeholder image

අද හදුනාගත් කොරෝනා ආසාධිතයින් 11 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක සිටි බේරුවල ප‍්‍රදේශයේ පිරිසක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා. ඔවුන් දැනට නිරෝධායන මධ්‍යස්ථාන වල රදවා සිටින්නන් බව වාර්තා වනවා.


Apr
22

කොරෝනා පාලනයට ජපන් රජයෙන් ආධාර මුදලක්

Generic placeholder image

ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පාලනය කිරීම සදහා ජපන් රජය විසින් ඩොලර් මිලියන 1 දශම 2 කට අධික මුදලක් ලබාදෙනු ලැබ තිබෙනවා. ඒ යුනිසෙෆ් ආයතනය, ජාත්‍යන්තර ශ්‍රමික සංවිධානය සහ රතු කුරුස සංවිධාන හරහාය.


Apr
22

පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම හෙට

Generic placeholder image

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීම හෙට(23) පැවැත් වීමට නියමිතව තිබෙනවා. හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ සභාපතීත්වයෙන් හෙට දිනයේ රැස්වීම කථානායක නිල නිවසේ දී පැවැත් වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. මේ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සමාජිකයින් සහභාගී වීමට නියමිතව තිබේ.


Apr
22

කොරෝනා රෝගීන් ගණන 321 ක් දක්වා ඉහළට

Generic placeholder image

කොරෝනා රෝගීන් ගණන 321 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි


Apr
22

තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙක් පූර්ණ සුවය ලබයි

Generic placeholder image

කොරෝනා ආසාධනය වී සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 104 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් දෙදෙනෙක් අද පූර්ණ සුවය ලබා නිවෙස් වෙත යෑමත් සමගයි.


Apr
22

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ සේවකයින් අද PCR පරීක්ෂණයකට

Generic placeholder image

කොරෝනා අසාධිතව පිළියන්දල ප්‍රදේශයෙන් හදුනාගත් පුද්ගලයා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට පැමිණ ඇති බවට අනාවරණය විම හේතුවෙන් අද පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලේ සියලු දෙනා PCR පරීක්ෂණයකට යොමු කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ මධ්‍යස්ථානයේ වෙළඳ කටයුතු තොග වෙළඳාමට පමණක් අද සිට සීමා කෙරෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේ.


Apr
22

ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල ලිපි බෙදා හැරීමේ කටයුතු අද සිට

Generic placeholder image

මේ වන විට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල ලිපි බෙදීමේ කටයුතු අද සිට ආරම්භ කරන බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සදහන් කලේ , එම ප්‍රදේශවල තැපැල් කාර්යාල පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා විවෘතව තබන ලෙස උපදෙස් දී ඇති බවයි.


Apr
22

ආරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන ජංගම වෙළෙඳුන්ට වැඩ වරදී

Generic placeholder image

කොරෝනා වෛරසය පාලනය කිරීම හමුවේ ජංගම වෙළෙඳුන්ට අනිවාර්යය උපදෙස් මාලාවක් ලබා දී තිබෙනවා. ඒ වෙළෙඳාම් කටයුතු සෞඛ්‍ය ආරක්ෂිතව සිදු නොකිරීම හේතුවෙන් සාමාන්‍ය ජනතාව වෙත වෛරසය ව්‍යාප්තවීමේ අවදානමක් මතුව තිබීම හේතුවෙන්. ඒ අනුව පොලිසිය විසින් එම ජංගම වෙදුන්ට ලබා දී ඇති උපදෙස් මාලාව නම්, පිරිසිදු ඇඳුමින් සැරසී සිටීම, පා වැසෙන පරිදි සපත්තු හෝ සුදුසු පාවහන් පැළඳීම, […]


Apr
22

ඉන්දියාවේ සිටින සිසුන් 101ක් හෙට දිවයිනට

Generic placeholder image

විදේශ රටවල රැදි සිටින තවත් ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් හෙට(23) මෙරටට ගෙන්වා ගැනීමට නියමිතව තිබේ. ඉන්දියාවේ රැදි සිටි සිසුන් 101 දෙනෙකු මෙලෙස රැගෙන ඒමට නියමිත බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහන් කළේය. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 146 දරණ ගුවන් යානය මගින් ඉන්දියාවේ අමරිට්සර් සිට මෙම සිසුන් පිරිස දිවයිනට රැගෙන ඒමට නියමිත බව එම […]


Apr
22

ඇදිරි නීතිය කැඩූ 34956 ක් අත්අඩංගුවට

Generic placeholder image

ඇදිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 34956 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. රථවාහන 8948 ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළා. එමෙන්ම ඊයේ දහවල් 12 සිට පස්වරු 6 දක්වා පැය 06 ක කාලය තුළ ඇදිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 131 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර වාහන 34 ක් පොලිස් භාරයට […]


Apr
22

පළාත් කිහිපයකට අදත් තද වැසි – වෙරළ බඩ මුහුදු ප්‍රදේශ වලට අනතුරු ඇඟවීමක්

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානවලට මි.මී.100 වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය […]


News Articles
Latest Videos
Most Popular Post