කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ව්‍යාප්තිය වලක්වා ගැනිමේ අරමුණින් රජය විසින් සමෘද්ධිලාභීන්ට ලබා දෙනු ලබන රුපියල් 10,000ක අත්තිකාරම් මුදල ලබන 10 වන දිනට පෙර ලබාදී අවසන් කිරිමට අපේක්ෂා කරන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ආර්.පී බන්දුල තිලකසිරි මහතා කියා සිටියේ, මෙම අත්තිකාරම් මුදල අදියර දෙකක් යටතේ ලබාදීමට කටයුතු කර ඇති බවයි. […]
මෙරට අධ්‍යාපන කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති කාර්යය සාධක බලකායක් ස්ථාපනය කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතල අනුව අදාල කාර්යය සාධක බලකාය ස්ථාපනය කර ඇති අතර ඊට අදාල ගැසට් නිවේදනය ද ඊයේ ප්‍රකාශයට පත් කර තිබුණි. මේ වන විට උද්ගත වී ඇති කොරෝනා වසංගත තත්ත්වයන් හමුවේ අධ්‍යාපන ක්ෂේත්‍රය කිසිදු අයුරකින් පසුබෑමකට […]
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ලෝකයේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව අට ලක්ෂ 56,910 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් 42,107 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඊයේ දිනය තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඉතාලියෙන් වාර්තා වන අතර එය 837 දෙනෙකු බව සඳහන් වෙයි.අමෙරිකාවෙන් නව මරණ 719 දෙනෙකු ඊයේ […]
පවතින වසංගත තත්ත්වයෙන් රට ආරක්ෂා කර ගැනීම සඳහා අද(01) සිට සතියක කාලයක් පිරිත් සජ්ඣායනා කර රටටත් ජනතාවටත් ආශිර්වාද කරන්නැයි මල්වතු අස්ගිරි මහනාහිමිවරු ප්‍රමුඛ මහාසංඝරත්නය දිවයිනේ සියලු විහාරස්ථානවලින් ඉල්ලීමක් සිදු කරයි. එමෙන්ම රජයේ උපදෙස් පිළිපදිමින් නිවසේ සිටම මෙම ආධ්‍යාත්මික වැඩසටහන සමඟ සම්බන්ධවන ලෙස උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියි. අද සිට අප්‍රේල් 07 වැනිදා තෙක් සතියක කාලයක් රාත්‍රී […]
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද(01) උදෑසන 6.00 සිට තාවකාලිකව ඉවත් කර තිබේ. එම දිස්ත්‍රික්ක සඳහා අද සවස 2ට යළි ඇඳිරි නීතිය පනවනු ලබන බවද රජය නිවේදනය කරයි. කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරිම සඳහා මුළු දිවයිනටම බලපාන ලෙස […]
බේරුවල චීනකොටුව ප්‍රදේශයේ නිවසක ස්වයං නිරෝධායනයට ලක්කර සිටි එකම පවුලේ සිව් දෙනෙකුට කොරෝනා වෛරසය ආසදනය වී ඇති බව අද තහවුරු වුණා. ඒ ඊයේ කළුතර පන්විල ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා අසාධිතයාගේ මව පියා බිරිඳ සහා අවුරුද්දයි මාස 08ක් වයසැති බිළිදා වන අතර ඔවුන් අද ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත ඇතුළත් කෙරුණා. අද කොරෝනා රෝගීන් 20 දෙනෙකු […]
ශී‍්‍ර ලංකාවෙන් තවත් කොරෝනා ආසාධිතයින් 10 දෙනෙකු හදුනාගෙන් තිබෙනවා. ඒ අනුව මේ වන විට දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 142 දක්වා ඉහළගොස් තිබෙනවා.
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතිනවා. සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරී නීතිය හෙට (අප්‍රේල් 01 බදාදා) උදෑසන 6.00 ට ඉවත් කොට දහවල් 2.00ට යළි පනවනු ලැබේ. අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් […]
දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව අද පස්වරු 4.15 වන විට 132 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
නව කොරෝනා වෛරසය වැළදුණු පුද්ගලයින් සංඛ්‍යාව 129 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද (31) දිනයේ මේ වන විට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වූ පුද්ගලයින් 07 දෙනෙක් හඳුනා ගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.
දියඹ මුහුදේ සිදුකළ මෙහෙයුමකින් රුපියල් මිලියන දස දහසකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා. අයිස් නම් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 500ක් ඇතුළු මත්ද්‍රව්‍ය මෙලෙස සොයා ගැනීමට නාවික හමුදාව සමත් වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කළා.
තවත් කොරෝනා රොගීන් දෙදෙනෙක් අද (31) සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් තිබෙනවා. මේ අතර මෙරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයින්ගේ ගණන 122 දක්වා ඉහළ ගියේ අලුතින් ආසාදිතයන් පස් දෙනකු වාර්තා වීමත් සමඟයි. ඒ අනුව මේ වන විට ආසාදිතයන් 16 දෙනකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර රෝහල් ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයන් ගණන […]