ගතවූ පැය 24 තුලදී ස්පාඤ්ඤයෙන් නව මරණ 821ක් වාර්තාවී තිබෙන්නේ ඊයේ දිනයේදී වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවූ රට බවට පත්වෙමින්ය. එරටින් අද වන විට හඳුනාගෙන ඇති මුළු ආසාදිතයන් ගණන අසූදහස ඉක්මවන අතර මරණ 6,803 වාර්තාවී තිබුණි. බ්‍රිතාන්‍යයෙන් හමුවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 19,500 ඉක්මවන අතර ඒ අතරින් 1228 දෙනෙක් මියගොස් තිබේ. මේ අතර ජනජීවිතය සාමාන්‍ය තත්ත්වයට […]
මෙරට වාර්තා වන කොරෝනා රෝගීන් ගණන 120 දක්වා ඉහල ගොස් තිබෙන වාර්තා වෙනවා.
කොරෝනා ආසාදිතයින් 105 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති. මෙරටින් රටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 117කි. ඉන් ආසාදිතයින් 11 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබේ. මෙරට වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 29 කි. කළුතර දිස්ත්‍රික්කයෙන් 17 ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 11 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 10 වශයෙන් […]
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත අනියුක්ත කෙරුණු රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන් අද සේවයට පැමිණීමට අවශ්‍ය නොවන බව රජය දැනුම් දෙයි. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් සේවයට වාර්තා කිරීමේ අපහසුතා සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි. රැකියා විරහිත උපාධිධාරී අභ්‍යාසලාභීන්, කොරෝනා වෛරස මර්දන රාජකාරී සඳහා […]
ඇඳරි නීතිය ඉවත් කෙරුණ ද බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ, බණ්ඩාරවෙල, හපුතලේ සහ දියතලාව යන ප්‍රදේශවල තොග සහ සිල්ලර වෙළඳසැල් මෙන්ම සුපිරි වෙළඳසැල් ද වසා දැමීමට තීරණය කර ඇති බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරී අතුල ද සිල්වා මහතා සදහන් කළා. බණ්ඩාරවෙල නගරයෙන් කොරෝනා ආසාදිතයෙකු සොයාගැනීමත් සමඟ මෙම පියවර ගෙන තිබේ. මේ අතර අදාළ පුද්ගලයා පසුගිය 18 වනදා දියතලාව […]
ගතවු පැය විසි හතරක කාලය තුළ කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගල මරණ 756ක් වාර්තා වීමත් සමඟ ඉතාලියේ සිදුවු මරණ සංඛ්‍යාව දසදහස ඉක්මවා තිබේ. ඒ අනුව මේ වනවිට එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 10,779 ක් බව විදෙස් වාර්තා සඳහන් කළේය. මේ වන විට එරටින් වාර්තා වන වෛරස ආසාදිතයින්ගේ ගණන 97,689 ක් වන බව […]
දිස්ත්‍රික්ක 06 ක් හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවතට කොළඹ,ගම්පහ,කළුතර,පුත්තලම,මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අද(30) උදෑසන 6.00ට තාවකාලිකව ඉවත් කෙරිණි. එම පළාත් සඳහා අද දහවල් 2.00 සිට යළිත් ඇඳිරි නීතිය පනවනු ඇති. කොළඹ,ගම්පහ,කළුතර,පුත්තලම,මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දැනුම්දෙනතුරු තවදුරටත් ක්‍රියාත්මක කරන බව ජනාධිපති […]
හෙට(30) දිනයේ ඇඳිරි නීතිය ඉවත් කරන ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ඇති සියලු වෙළඳසැල් විවෘත කරන්නැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඉල්ලීමක් කරනවා. එමගින් මහජනතාවට පහසුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව උදා කර දෙන ලෙසයි වෙළඳ සැල් හිමියන්ට හමුදාපතිවරයා විසින් දැනුම් දෙනු ලබන්නේ. පාරිභෝගියන්ට ලබා දිය හැකි සියලු දෑ ඔවුන් වෙනුවෙන් ලබා දෙන ලෙසත් මහජනතාව වෙළඳ […]
නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද පස්වරුවේ තවත් කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගීන් දෙදෙනෙක් වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.
අප්‍රේල් මස 2 සහ 3 යන දිනවල විශ්‍රාම වැටුප් ගෙවීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. මෙම දින දෙක තුළදී ගෙවීම් ලබා ගැනීමට නොහැකි වන අයට අප්‍රේල් මස 6 වනදා වන විට අදාල ගෙවීම් සිදුකර අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි එම කාර්යාලය පැවසුවේ. අත්‍යවශ්‍ය සේවා ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ රැස්වීමක් අද පැවති අතර […]
ඉකුත් අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් අද දිනයේදී (29) එක් සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මඩකලපුව ප්‍රදේශයේ පිහිටි සියොන් දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු කොළඹ, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. කොළඹ […]
කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයෙකු සුවය ලබා තිබෙනවා. මේ අතර කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට සිදුවූ පළමු මරණය ඊයේ(28) රාත්‍රියේ වාර්තා වුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි යටතේ සිදුකරන බවයි. මේ වන විට මෙරටින් […]