News Line| Off Air
Generic placeholder image

Mar
30

කොරෝනා හමුවේ පීඩාවට පත් ජනතාවට ජනපතිගෙන් තවත් සහන රැසක්

Generic placeholder image

නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි පවුල් සහ පුද්ගලයන් සඳහා තවත් මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක් ප්‍රදානය කිරීමට නියමිතයි. එකවර ලැබෙන දීමනාවක් ලෙස රුපියල් 5,000/-ක් ගෙවීමෙන් ඔවුන් මුහුණපා සිටින ආර්ථික දුෂ්කරතා සමනය වනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්‍යාවශ්‍ය සේවා යථා පරිදි පවත්වාගෙන යාමට ස්ථාපිත ජනාධිපති කාර්ය සාධක […]


Mar
30

සිංගප්පුරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවකයෙකුට කොරෝනා වැළදෙයි

Generic placeholder image

සිංගප්පූරු මහකොමසාරිස් කාර්යාලය අද සිට සති දෙකක් කාලයක් වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. ඒ, එම කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ, 21 වන මහලේ සේවකයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු කර ගැනීම හේතුවෙන්. මේ බව කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.


Mar
30

දිවයිනේ දෙවන කොරෝනා මරණයත් වාර්තා වෙයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මීගමුව මහ රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකු මියගොස් තිබෙනවා. ඒ අනුව මෙම මරණය දිවයිනේ සිදුවූ දෙවන කොරෝනා මරණය යි.


Mar
30

ඇඳිරි නීතිය පිලිබද නවතම නිවේදනය

Generic placeholder image

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා. සෙසු සියළු දිස්ත්‍රික්කවල අද (30) දහවල් 2.00ට යළි පනවනු ලැබූ ඇඳිරි නීතිය අප්‍රේල් 01, බදාදා උදෑසන 6.00 දක්වා බල පැවැත්වෙන බවත් එම නිවේදනයේ සදහන්. අත්‍යාවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් […]


Mar
30

මාස 4 ක බිළිදෙකු ඇතුළුව එකම පවුලේ පස්දෙනෙකුට කොරෝනා ආසාධනය වෙයි

Generic placeholder image

හලාවත එකම පවුලේ පුද්ගලයින් පස්දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී රඳවාගෙන තිබෙනවා. අදාළ පවුලේ සාමාජිකයන් අතර මාස 4ක් වයසැති ළදරුවෙකු සිටින බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කළා.


Mar
30

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 30 වනදාට පෙර

Generic placeholder image

2019 වසරේ පවත්වන ලද අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල 2020 අප්‍රේල් මස 30 වැනි දිනට පෙර නිකුත් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව හා එක්ව සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටියා.


Mar
30

කොරෝනා ආසාධිතයින් ගණන 122 දක්වා ඉහළ යයි

Generic placeholder image

දිවයිනේ නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 122 දක්වා ඉහළගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා.


Mar
30

තවත් කොරෝනා රෝගීන් හතරදෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

Generic placeholder image

තවත් කොරෝනා රෝගීන් හතරදෙනෙකු පූර්ණ සුවය ලබා අයි.ඩී.එච් රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. ඔවුන් අතර කාන්තාවක්ද සිටින බව සදහන්. ඒ අනුව මේ වන විට පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගිය සංඛ්‍යාව 15 ක්.


Mar
30

නිරෝධායනයට ලක් කළ තවත් පිරිසක් අද නිවෙස් වෙත

Generic placeholder image

විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් කෙරුණු තවත් කණ්ඩායමක් නිවෙස් බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙලෙස පිටත්ව ගොස් ඇති පිරිස 132 බව වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩි දුරටත් සදහන් කලා.


Mar
30

පළාත් කිහිපයකට අද පස්වරුවේ වැසි

Generic placeholder image

දිවයිනේ සබරගමුව, බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද පස්වරු 2 න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි.


Mar
30

ලොව පුරා ‌කොරෝනා මරණ 33000 ඉක්මවයි

Generic placeholder image

ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසය ‌හේතුවෙන් ‌මේ වනවිට පුද්ගලයන් 33,000කට වැඩි පිරිසක් මරණයට පත් වී ති‌බේ. මෙම වසංගතයට අමෙරිකාව සහ යුරෝපා කලාපය මේ වන විට දරුණු ලෙස ගොදුරුවී අවසන්ය. නව කොරෝනා වෛරසය මේ වන විට රටවල් 201ක පැතිර ගොස් ඇති අතර ලොව පුරා මරණ 33,956ක් වාර්තා වී තිබේ. හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 721,412 […]


Mar
30

ජපානයේ විකට නළු කෙන් ෂිමොරා කොරෝනා ආසාදනය වී මරුට

Generic placeholder image

ජපානයේ හාස්‍ය උත්පාදක රංගන ශිල්පියෙකු වන කෙන් ෂිමොරා කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇති අතර වෛරසය ආසාදනය වීමෙන් පසුගිය 20 වනදා සිට ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ (29) රාත්‍රී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඔහු මියයන විට 70 වන වියේ පසු විය.


News Articles
Latest Videos
Most Popular Post