නව කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමඟ 2020 ඔලිම්පික් ක්‍රීඩා උළෙල කල් දැමීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව තීරණය කළ බව එහි සාමාජික ඩික් පවුන්ඩ් විදෙස් මාධ්‍යකට අද (24) සඳහන් කළා. ඒ අනුව වසරකින් මෙම තරගාවලිය කල් දමා තිබෙනවා.
මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට රටවල් 195 ක පැතිර ගොස් ඇති අතර මේ වන විට මිය ගිය ගණන 16,509 ක් වාර්තා වී තිබෙනවා. ලොව පුරා ආසාදිතයන් ගණන 378,000 ඉක්මවන බව වාර්තා වෙනවා. වැඩිම බලපෑමට එල්ල වී ඇත්තේ ඉතාලියයි. එරට සිදුවූ මරණ සංඛ්‍යාව 6,077ක් පසුගිය පැය 24 තුළදී එරටින් වාර්තාවූ මරණ ගණන 602 ක්. එරට […]
පූනානි මධ්‍යස්ථානයේ රැදී සිටි 203 දෙනෙකු සහ කන්දකාඩු මධ්‍යස්ථානයේ රැදී සිටි 108 දෙනෙකු අද දිනයේ නිරෝධායන කටයුතු අවසන් වීමෙන් පසු එම මධ්‍යස්ථාන වලින් පිටව ගොස් තිබෙනවා. මොවුන් ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාවේ සිට කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ලොව පුරා ව්‍යාප්තවීමෙන් අනතුරුව මෙරටට පැමිණ තිබුණා.
පවතින ඇඳිරි නීතිය නොසළකා සාමකාමීව පොලිම්වල රැඳී සිටින සියලුම පාරිභෝගිකයින්ට සේවය සලසන ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙළෙඳසැල් හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව නිවේදනය කළා.
ගෝලීය කොරෝනා වෛරස් වසංගතය පැතිරීම වේගතවත් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් ඇඩනොම් පවසනවා. පසුගිය කාලයේ වෛරසය පැතිර ගිය රටාව සම්බන්දයෙන් කළ අධ්‍ය්‍යනයට අනුව සමස්ත ආසාදිතයන් ගණන ලක්ෂය සම්පූර්ණ වීමට දින 67ක් ගතවී තිබූ අතර දින 11ක් තුළ එම ගණන දෙලක්ෂය බවට පත්ව තිබුණි. සමස්ත ආසාදිතයන් ගණන දෙලක්ෂයේ සිට තුන්ලක්ෂය දක්වා ඉහළ […]
දිවයින පුරා සියලුම ධීවරයන්ට මුහුදු යාමට අවසර ලබාදී තිබෙන බව ධීවර අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ අනුව දිවයින පුරා සියලුම ධීවරයන්ට මුහුදු යාමට අද උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා කාලය තුළ හැකි බව වැඩි දුරටත් සදහන් .
පොලිස් ඇඳිරි නීතිය ඉවත් කර ඇති ප්‍රදේශවල උදෑසන 7.00 සිට 10.00 දක්වා කාලය තුළ මහජන බැංකු ශාඛා විවෘතව තබන බව එම බැංකු කාර්ය මණ්ඩලය සදහන් කරනවා.
ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශ වල නැවත පස්වරු 2ට ඇඳිරි නීතිය පනවනු ලබන බව පොලිසිය සදහන් කරනවා. මේ අනුව රජය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනවශ්‍ය ලෙස ඒකරාශි නොවී අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරන ලෙසයි.
කොළඹ, ගම්පහ, පුත්තලම යන දිස්ත්‍රික්ක 03 සහ උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද(24) උදෑසන 6.00ට ඉවත් කල අතර කෙසේ වෙතත් එම දිස්ත්‍රික්ක 08 සඳහා අද දහවල් 12.00ට යළි ඇඳිරි නීතිය පනවනු ලබනවා. ඒ අනුව එය මාර්තු 27 වනදා සිකුරාදා උදෑසන 06.00 දක්වා බලපැවැත්වෙනු ඇති.
දිවයිනේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 97 දක්වා ඉහළගොස් තිබෙනවා.
දිවයිනේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 94 දක්වා ඉහළගොස් තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය සහ ඊට අදාල කටයුතු සදහා විශේෂ අරමුදලක් ස්ථාපනය කර තිබෙනවා. ජනාධිපති අරමුදල ඒ සඳහා රුපියල් මිලියන 100ක මුදලක් ප්‍රදානය කර තිබෙන අතර තවද දේශීය, විදේශීය පරිත්‍යාගශීලීන්ට, මෙම අරමුදලට මුදලින් දායකවීමට අවස්ථාව හිමිවනවා.