News Line| Off Air
Generic placeholder image

Mar
23

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ ජනපතිගෙන් ජනතාවට සහන රැසක්

Generic placeholder image

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටින ජනතාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ගේ බලතල අනුව අද (23) සිට සහන රැසක් ප්‍රධානය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පහත සඳහන් සහන ජනතාවට අද සිට ලබා දීමට අදාළ සියලු බලධාරීන්ට ජනාධිපති ලේකම්වරයා උපදෙස් ලබාදී ඇති බව සදහන්.


Mar
23

කොරෝනා ආසාධිතයින් 91 දක්වා ඉහළ යයි

Generic placeholder image

අද (23) දිනයේදී නව කොරෝනා වෛරසයට ගොදුරුවූ රෝගීන් පස් දෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරනවා. ඒ අනුව මේ වන විට මෙරටින් කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් 91 දෙනෙක් සොයා ගෙන ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියාසිටියේ.


Mar
23

හෙට විශේෂ පක්‍ෂ නායක රැස්වීමක්

Generic placeholder image

පවතින තත්ත්වය පිලිබද සාකච්ඡා කිරීමට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හෙට විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් කැදවා තිබෙනවා. ඒ අරලියගහ මන්දිරයේදී යි.


Mar
23

මෙරට කොරෝනා ආසධිතව සිටි පළමු රෝගියා සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යයි

Generic placeholder image

IDH උණ රෝහලේ ප්‍රතිකාර ලැබූ සංචාරක මග පෙන්වන්නා සුවය ලබා රෝහලින් පිටව ගිය බව වාර්තා වෙනවා. මේ වන විට ජනපති කාර්ය සාධක බලකාය මාධ්‍ය හමුවක් කැදවා තිබෙන අතර එහිදී මේ පිලිබදව ප්‍රකාශ කළා.


Mar
23

බිත්තරයක් අද සිට රුපියල් 10ට – නිරෝධායන මධ්‍යස්ථානවලට නොමිලේ බිත්තර

Generic placeholder image

නිරෝධායන මධ්‍යස්ථාන වලට ආහාර සැකසීම සඳහා අවශ්‍ය තරම් බිත්තර සැපයීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය එකඟ වී තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම සංගමයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී යුද හමුදා සැපයීම් අංශයට බිත්තර පනස්දාහක් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් පරිත්‍යාග කරන […]


Mar
23

කොරෝනා මර්දනය සඳහා ජනපතිගෙන් සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක්

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොරෝනා වෛරසය මර්දනය සඳහා ස්ථාපිත සාක් අරමුදලට ඇමෙරිකානු ඩොලර් පනස් ලක්ෂයක් පරිත්‍යාග කිරීමට ප්‍රතිඥා දී තිබෙනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මූලිකත්වයෙන් මාර්තු 15 ඉරිදා පැවති දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංගමය හෙවත් සාර්ක් හවුලේ රාජ්‍ය නායකයන්ගේ වීඩියෝ සම්මන්ත්‍රණයේ දී මෙම අරමුදල ස්ථාපනය කරනු ලැබුවා.


Mar
23

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 1754 ක් අත්අඩංගුවට

Generic placeholder image

ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දිවයිනේ පොලිස් ස්ථාන මඟින් අද(23) උදෑසන 6 වන විට පුද්ගලයින් 1754 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා 2020.03.20 වන දින පස්වරු 6 සිට පනවන ලද ඇඳිරි නීතිය අද උදෑසන 6 දක්වා කාලය තුළ ක්‍රියාත්මක වුණා. එහිදී අත්අඩංගුවට පත් පිරිස සහ යතුරු පැදි, ත්‍රීරෝද රථ ඇතුළු අනෙකුත් වාහන […]


Mar
23

දිස්ත්‍රික් 8ක හැර සෙසු ප්‍රදේශවල ඇදිරි නීතිය 26 වනදා තෙක් ක්‍රියාත්මකයි

Generic placeholder image

දිස්ත්‍රික් 8කට හැර සෙසු ප්‍රදේශ සඳහා අද පෙරවරු 6.00 ඇදිරි නීතිය ඉවත් කර ඇති අතර අදාළ දිස්ත්‍රික්කවලට අද(23) දහවල් 2.00ට ඇඳිරි නීතිය යළි ක්‍රියාත්මක වේ. එය 26 බ්‍රහස්පතින්දා උදේ 6.00 ට ඉවත් කෙරෙන අතර එදිනම දහවල් 12.00 ට නැවත පනවනු ලබනවා. දිවයිනේ සියලු දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. එසේම විදේශීය සංචාරකයන් තැනින් තැනට […]


Mar
23

කොළඹ-ගම්පහ-පුත්තලම-උතුරට ඇදිරි නීතිය හෙට උදේ 6න් අවසන් නැවත දහවල් 12 සිට

Generic placeholder image

කොළඹ-ගම්පහ-පුත්තලම-උතුරට ඇදිරි නීතිය හෙට උදැසන 06.00 ට ඉවත කරන බවත් නැවත එදිනම දහවල් 12.00 සිට එය 27 සිකුරාදා උදේ 6.00 තෙක් බලපැවැත්වෙන බව රජය අවධරණය කර සිටිනවා.


Mar
23

අමෙරිකාවේ කොරෝනා මරණ 414 දක්වා ඉහළට

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසයෙන් අමෙරිකාවේ සිදුවූ මරණ සංඛ්‍යාව 414 දක්වා ඉහළ ගොස් ඇති අතර අසධිතයින් 33 400 අධික බව විදෙස් වාර්තා සදහන් කරනවා. වෛරසයෙන් නිව්යෝක් ප්‍රාන්තයට දරුණු බලපෑම් එල්ල වී තිබෙන අතර ඉදිරියේදී දරුණු ඖෂධ හිගයකට මුහුණ දීමට සිදුවනු ඇති බවට බලධාරීන් අනුමාන කරනවා.


Mar
23

මෙම මසට අදාළ වැඩිහිටි සහ රෝගාධාර දීමනා ග්‍රාම නිලධාරීන් මඟින්

Generic placeholder image

2020 මාර්තු මාසයට අදාළ වැඩිහිටි සහ රෝගාධාර දීමනා ග්‍රාම නිලධාරීන් මඟින් ගෙවීමට පියවර ගෙන තිබෙනවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි අදාළ දිමනාව තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී සම්බන්ධ කර ගනිමින් ලබා ගැනීමට හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා. මෙහීදි සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කළ යුතු බැවින් ග්‍රාම නිලධාරී හමුවීමට පෙර වෙලාවක් වෙන්කර ගැනීමට ද […]


Mar
23

බොරතෙල් නැවක් කොළඹ වරායට පැමිණෙයි

Generic placeholder image

කිසිඳු බොරතෙල් හිඟයක් නොමැති පසුබිමක ඊයේ(22) බොරතෙල් නැවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. ජනතාවට අවශ්‍ය ගෑස් ලබාදීමට ගෑස් ටැංකි පිරවීමට ලිට්රෝ ගෑස් සමාගම කටයුතු කරමින් සිටිනවා. ලාෆ්ස් ගෑස් සමාගමද පවසන්නේ හිඟයකින් තොරව ගෑස් වෙළෙඳපොළට සැපයිය හැකි බවයි. මේ අතර බේකරි ආහාර බෙදාහරින ජංගම වෙළෙඳුන් හෙවත් චූන් පාන් වෙළෙඳුන් හට නිවෙස්වලටම ගොස් ආහාර විකිණීමට රජය දැඩි කොන්දේසි […]


News Articles
Latest Videos
Most Popular Post