සමගි ජන බලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(18) සමගි ජන බලවේග කාර්යාලයේදී සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවා. ඒ කොළඹ දිස්ත්‍රීක් කණ්ඩායම් නායක ලෙසයි. මේ අතර රට තුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ඉදිරි මැතිවරණයට අදාල එක්සත් ජාතික පක්ෂ නාමයෝජනා පත්‍ර මැතිවරණ කොමිසම වෙත ලබා දෙන්නේද, නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණය අද රාත්‍රියේ […]
2020 මහමැතිවරණයට නාමයෝජනා භාරදීම සඳහා නම්කර ඇති අවසන් දිනය හෙටයි(19). අදත් දේශපාලන පක්ෂ නියෝජිතයින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නාමයෝජනා පත්‍ර භාර දී තිබෙනවා. ජාතික ජනබලවේගය ගාල්ල දිස්ත්‍රික්කය සඳහා වන නාමයෝජනා පත්‍රය භාරදීම සඳහා අද පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත පැමිණි අතර පොළොන්නරුව දිස්ත්‍රික්කය සඳහාද ජාතික ජනබලවේගය අද පෙරවරුවේ නාමයෝජනා පත්‍ර භාරදෙනු ලැබුවා. ජාතික ජනබලවේගය ගම්පහ […]
කොවිඩ් 19 ආසාදනය කෙල බිඳිති මගින් පැතිර යන ආසාදනයක් බැගින් මහජන සුභ සිද්ධිය සඳහා දන්ත ශල්‍යාගාර වල සිදුකරන ප්‍රතිකාර සීමා කිරිමට සිදුව ඇති බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය සඳහන් කරනවා. ඒ අනුව වේදනාව, ඉදිමීම, සැරව ගෙඩි ආදිය සහිතව පැමිණෙණ රෝගීන් හා හදිසි අනතුරුවලින් දත් කැඩී යෑම, හකු අස්ථි බිඳීම් ආදිය සමග පැමිණෙන රෝගීන් සඳහා […]
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට විදුහල් ප්‍රධානීන්ගෙන් අයඳුම්පත් සහතික කරවා ගැනීමට අවශ්‍ය සියලු අපේක්ෂකයින් ඒ සඳහා මාර්තු 27 වන දින සිට අප්‍රේල් 09 වන දා දක්වා කාලය තුළ අදාළ පාසල් වෙත පැමිණෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය දන්වන අතර ඒ අනුව සියලු පාසල්වල එම කාලවකවානුව තුළ සිසුන්ට අදාළ අයදුම්පත් සහතික කරවා ගැනීමට අවශ්‍ය කටයුතු සලසා දෙන […]
කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව, වනාතවිල්ලුව, නවගත්තේගම, මුන්දලම, උඩප්පුව, සාලියවැව සහ නොරොච්චේලේ යන ප්‍රදේශවලට අද(18) පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාපවසනවා. ඔහු සඳහන් කළේ මීගමුව කොට්ඨාසයේ […]
Covid19 වෛරසය ප්ලාස්ටික් හෝ මල නොබැඳෙන වානේ මතුපිටක දින 3 ක කාලයක් සක්‍රීයව පවතින බව නවතම අධ්‍යනයක් අනාවරණය කර තිබෙනවා. නිව් ඉන්ග්ලන්ඩ් වෛද්‍ය සඟරාවේ පළවූ මෙම වාර්තාවට අනුව එම වෛරසයට තඹ ස්ථර මත පැය 4 ක් ද කාඩ්බෝඩ් ස්ථර මත පැය 24 ක් ද රඳාපැවතිය හැකි අතර වෛරසයට කුඩා වායු අංශු හෝ වායු බිඳු තුළ […]
බ්‍රිතාන්‍යය එරට අවදානම් තත්ත්වයේ පවතින ව්‍යාපාර වෙත අමෙරිකානු ඩොලර් බිලියන 400 ක මුදල් ආධාර ලබා දුන් අතර එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 71 කි. බ්‍රිතාන්‍යයේ, එංගලන්ත පල්ලිය මේ වනවිට සිය සේවා අත්හිටුවා ඇති අතර බකිංහැම් මාලිගයේ සිටින 93 හැවිරිදි දෙවන එළිසබෙත් රැජිණ, ලන්ඩනයෙන් පිටත පිහිටි වින්ඩ්සර් මැදුරට යැවීමට සැලසුම් කර තිබෙනවා. දෙවන ලෝක යුද […]
ස්වයං නිරෝධායනය ප්‍රතික්ෂේප කරන්නන්ගේ දේපල රාජසන්තක කරනු ලබන බව නිතිකොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍ය වෙත පැවසුවා.
ශ්‍රී ලංකාව තුල පැතිර යන නව කොරෝන වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් කම්කරු දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන සේවාවන් මාර්තු මස 31 වන දින තෙක් අත්හිටුවා තිබෙන බව වාර්තා වෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තුමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කලේ සේවක අර්ථසාධක අරමුදල් සාමාන්‍ය ප්රතිලාභ අයඳුම්පත් බාර ගැනීම, සේවක අර්ථසාධක අරමුදල් සියයට 30 ප්රතිලාභ අයඳුම්පත් බාර ගැනීම […]
මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් දඹදිව වන්දනාවේ ගොස් මේ වන විට ඉන්දියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන් කඩිනමින් යළි දිවයිනට ගෙන්වා ගැනීම විදේශ සබඳතා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඒ සදහා ශ්‍රීලංකන් විශේෂ ගුවන් යානයක් පිටත් කර යවන බව බුද්ධ ශාසන අමාත්‍යාංශය වැඩි දුරටත් සදහන් කළා. ශ්‍රී ලාංකික වන්දනාකරුවන් එක්දහස් දෙසීයක් පමණ දැනට ඉන්දියාවේ රැදී […]
ආගමන විගමන දෙපාර්තමේනතුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබෙනවා. ඊට පෙර එම අමාත්‍යංශය පැවතියේ ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේයි. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කළා.
මාරාන්තික නව කෙරෝනා හෙවත් කොවිඩ් – 19 වෛරසය ලොව පූරා පැතීරයාම හේතුවෙන් දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයක් ස්ථාපිත කර තිබෙනවා. නව කෙරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා, බූස්ස නාවික හමුදා කඳවුරේ මහල් හතරකින් (04) යුත් ගොඩනැඟිල්ලක් […]