කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි සෙවීමට මෙරට මහා පරිමාණ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයින් පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ සදහා වෛද්‍යවරුන්, සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායම් ඒ සඳහා යොදවා ඇති බව සදහන් වන අතර නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් චීන ජාතිකයින් දැනුවත් කෙරෙන බවත් එම රෝග ලක්ෂණ ඇති චීන ජාතිකයින් හට කඩිනමින් ප්‍රතිකාර […]
චීනයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරසයෙන් මේ වන විට මියගිය ගණන 132 දක්වා ඉහල ගොස් තිබෙනවා. එමෙන්ම කොරෝනා වෛරසය ආසාදිතයින් 6,000කට ආසන්න සංඛ්‍යාවක් තහවුරු වී ඇති බවත් වෛද්‍යවරු සදහන් කරනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේත් ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත් වලත් දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි වැඩි දුරටත් නිවේදනය කරන්නේ.
පැතිර යන නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ සංචාරය කිරීමෙන් වළකින්නැයි ෆේස්බුක් ආයතනය සිය සේවකයන්ට දන්වා තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ චීනයේ සංචාරය වළක්වමින් සිය සේවකයන්ට තහනමක් පැනවු පලමු ප්‍රධාන තාක්ෂණික සමාගම ෆේස්බුක්වීම ද විශේෂත්වයක්. ඔවුන් චීනයේ සිටින සිය සේවකයන්ට සිය නිවස් වල සිට සේවය කරන ලෙස දන්වා ඇති බව සදහන්. නව කෙරෝනා වෛරසය හමුවේ මේ වන […]
ශ්‍රී ලංකාව ඇතුලූ රටවල් කිහිපයකට බලපා ඇති මාරාන්තික කොරෝනා වෛරසය චීනයේ වූහාන් නගරයේ පිහිටි ජීව අවි පර්යේෂණාගාරයකින් ව්‍යාප්තවන්නට ඇතැයි වොෂිංටන් ටයිම්ස් පුවත්පත සදහන් කළා. ඊශ්‍රායලයේ හිටපු ජීව අවි විශ්ලේෂකයෙකු උපුටා දක්වමින් මීට අදාළ වාර්තාවක් ඔවුන් ප්‍රකාශයට පත් කර ඇති අතර, මීට පෙර චීනයෙන් හඳුනාගත් සාර්ස් වෛරසයට අදාළ එන්නත ද මෙම වූහාන් පර්යේෂණාගාරයේ නිපදවන්නට ඇති බව […]
චීනයෙන් බිහි වූ මාරාන්තික නව කොරෝනා වෛරසය කඩිනමින් මෙලොවින් තුරන් නොවනු ඇති බව වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙනවා. එය අවම වශයෙන් මාස කිහිපයක් හෝ ලොව පුරා සංසරණය වෙමින් පවතිනු ඇති බව කැනඩාවේ ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් ෆිස්මාන් පවසනවා. එසේම වෛරසයේ අවදානම ඉදිරි සතියේ හෝ මාසයේදී අවසන් වනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව කොරෝනා වෛරසය පිළිබද මාර්ගගත […]
කොරෝනා වෛරසයෙන් පීඩාවටපත් චීනයේ හුබෙයි පළාත ඇතුළු ප්‍රදේශවල සිට ශ්‍රී ලංකාවට පැමිණීමේ සැලසුම් ඇති සංචාරකයින්ට එම සැලසුම් කල්දමන ලෙස හෝ අවලංගු කරන ලෙසට කොළඹ චීන තානාපති කාර්යාලයෙන් උපදෙස් දී තිබෙනවා.
මහ බැංකු බැදුම්කර නිකුතුව පිළිබදව සිදුකළ වෝහාරික විගණන වාර්තාව ලබන පෙබරවාරී 18 සහ 19 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වී තිබෙනවා. මෙම වාර්තාව විවාදයට ගන්නා ලෙස එම කාරක සභා රැස්වීමේදී විපක්ෂය කළ ඉල්ලීමට අනුව ආණ්ඩු පක්ෂය දින දෙකක් ඒ සදහා ලබා දීමට එකගත්වය පළ කර ඇති බව සදහන්. මෙම […]
කොරෝනා වෛරසය පාලනය කරගත නොහැකි තත්ත්වයකට පත්වුවහොත් කතෝලික සභාව මගින් පාලනය වන සියලුම පාසල් වසා දමන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ අධ්‍යාපන ක්ෂේත්‍රය භාර පුද්ගලයින් ගන්නා තීන්දු තීරණ වලට ද එකඟව කටයුතු කරන බව කාදිනල් හිමියන් එහිදී ප්‍රකාශ කළා. බොරැල්ල අගරදගුරු මැදුරේ අද (28) පැවති මාධ්‍ය හමුවකදී […]
හදිසි අවශ්‍යතාවයක් නිසා පාර්ලිමේන්තුව වහාම කැදවන්නැයි විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට අනිද්දා උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා පැය 12 ක කාලයක් ජලසැපයුම අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කළා. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බව ජල සම්පාදන මණ්ඩලය පැවසුවා. මේ පිළිබද වැඩිදුර විමසීම් 1939 ක්ෂණික ඇමතුම් අංකයෙන් සිදුකළ හැකියි.
චීනයේ මේ වන විට කොරෝනා වෛරසයෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 106 ක් බවත් එය වැළදී ඇති ආසාධිතයින් සංඛ්‍යාව 4500 කට වඩා වැඩි බවත් තහවුරු වී තිබෙනවා. එමෙන්ම ලෝකයේ අනෙක් රටවලද රෝගීන් 40 කට වඩා වැඩි ප‍්‍රමාණයක් සිටින බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පවසවා. මෙම වෛරසය රටවල් අතර පැතිර ගොස් ඇති ආකාරය ඔවුන් සිතියමක් මගින් පෙන්වා […]