මුඛ ආවරණ කඩිනමින් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි, ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. එහි ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ මහතා පැවසුවේ, කොරෝනා වෛරසයත් සමග වෙළෙඳ පොළේ පවතින මුඛ ආවරණ හිඟයට විසඳුම් ලෙස මෙම පියවර ගෙන ඇති බවයි. කඩිනමින් මුඛ ආවරණ නිෂ්පාදනය ඉහළ නංවන ලෙසට දේශීය නිෂ්පාදකයින්ට ද උපදෙස් දී ඇතැයි ඔහු සඳහන් කළේ.
නව කොරෝනා වෛරසය පිලිබද චීනයේ පීපල්ස් ඩේලි වෙබ් අඩවිය පළ කළ නවතම වාර්තාව අනුව සදුදා දිනය අවසන් වන විට පළාත් මට්ටමෙන් කළාප 30 කින් රෝගීන් 4515 කු වාර්තා වී තිබෙනවා. ඔවුන් ප්‍රකාශයට පත්කරන ආකාරයට නව කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 106 ක්. චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව සිය දෛනික වාර්තා වලින් සදහන් කර ඇත්තේ රෝගීන් […]
චීනයෙන් වාර්තා වූ කොරෝනා වෛරසය මුල් වරට ආරම්භ වූ නගරය බවට පැවැසෙන චීනයේ වූහාන් නගරයේ සුපිරි වෙළඳසැල් වල ආහාර තොග වශයෙන් පිරි පවතින බව විදෙස් වාර්තා වූ උපුටා දක්වනවා. එම ආහාර මිලදී ගැනීමටද වෙළඳසැල් තුළට වැඩි වශයෙන් ජනතාව පැමිණ ආහාර මිලදී ගැනීමේ කටයුතු සිදුකරමින් පවතින බවයි සදහන් වන්නේ. ඒ අනුව වෛරසය පැතිරීම වැළැක්වීමත් සමගින් වූහාන් […]
සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට කඩුළු 6ක් දැවි රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 352 රැස් කරගෙන සිටියා. හරාරේහීදි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනු සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහර […]
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා චීනයේ වූහාන් හි ඉදිකරන රෝහලේ පළමු ගොඩනැගිල්ල පැය 16ක් තුළ අවසන් කිරීමට චීනය සමත්ව තිබෙනවා. මෙම රෝහල ඇඳන් 1000කින් සමන්විත වෙයි. මෙම රෝහල දින 9කින් අවසන් කිරිමට චීනය සැලසුම් කර තිබේ. රෝහලේ ඉදිකිරීම් අවසන් කිරිමෙන් අනතුරුව දිනක් තුළ වෛද්‍ය උපකරණ සවිකර රජයට භාරදීමට නියමිතව තිබෙන අතර […]
ජාතික නිදහස් දිනය නිමිත්තෙන් දිවයිනේ සියළුම සුරාසැල් පෙබරවාරි 04 වන දින වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළා. එදිනට එම නියෝග කඩ කරන සුරාසැල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවා.
කොරෝනා වෛරසයෙන් වැළකී සිටීම සඳහා එම වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි ප්‍රතිජීවක ඖෂධයක් සොයාගෙන ඇති බව වාර්තා වනවා. ෂැංහයි ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මගින් හඳුන්වා දී ඇති මෙම ප්‍රතිජීවක ඖෂධය දියරක් ලෙසින් උගුරට ඉසීමට කටයුතු කරන බව චීනයේ පීපල්ස් ඩේලි පුවත්පත ප්‍රකාශ කළා. වෛරසය ආසාදනය වීමෙන් චීනයේ මිය ගිය සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් ඇති අතර […]
පවතින කොරෝනා වෛරසය ආසාදනයවී අති බවට සැක කෙරෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා IDH උණ රෝහලට අමතරව දිවයිනේ තවත් රෝහල් 11 ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව උතුරු කොළඹ ශික්ෂණ රෝහල,ගම්පහ, මීගමුව, මහනුවර, කරාපිටිය, අනුරාධපුර, යාපනය, කුරුණෑගල, රත්නපුර, මඩකලපුව හා බදුල්ල යන රෝහල් ඊට ඇතුලත්ය.
චීනයේ , වූහාන් ප්‍රාන්තයෙන් ලංකාවට එන සියලූම සිසුන් දියතලාව හමුදා කඳවුරේ ඇති කාමර වෙත පළමුවෙන්ම යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. නව කොරෝනා වෛරසය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ආරම්භ කර ඇති අතර එහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් […]
කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට දිවයිනෙහි බොහෝ ප්‍රදේශවල මුඛ ආවරණ වැඩි ලෙස අලෙවි වීම හේතුවෙන් ඒවායේ හිඟ තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඒ අනුව කඩිනමින් ආනයනය කිරීමටත් අයෙකුට මුඛ ආවරණ පහක් පමණ ලබා දෙමින් සීමාවක් කරන ලෙසත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඔසුසල් හිමිකරුවන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර මෙම රෝග තත්ත්වය මෙරටද ව්‍යාප්ත වීමක් වුවහොත් යන […]
නීතිපති දප්පුල ද ලිවේරා මහතා, කතානායක කරූ ජයසුරිය මහතා හමුවීමට නියමිතව තිබෙනවා. ඒ කතානායක කාර්යාලය කළ දැනුම් දීමකට අනුවයි. නිතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එම හමුව සිදුවන දිනය පිළිබඳ හෝ වේලාව සඳහන් කළ නොහැකි බවයි. මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති නියෝගය පිළිබඳ නීතිපතිවරයා එහිදී කතානායකවරයා හමුවේ කරුණු දැක්වීමට […]
පවතින තත්වය හේතු කොටගෙන අද පෙරවරු 06 සිට ක්‍රියාත්මක වන පරිදි ගුවන් මගීන්ට හැර ඔවුන්ගේ සමිපතයින්ට ගුවන් තොටුපළ පර්යන්ත වෙත ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි ගුවන් තොටුපොල ආරංචි මාර්ග සදහන් කරන්නේ.