News Line| Off Air
Generic placeholder image

Jan
11

විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට

Generic placeholder image

විදෙස් රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් කාන්තාවක් අනුරාධපුර, හොරොව්පතාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වියට්නාමයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් ඇයට එරෙහිව හොරොව්පතාන පොලීසියට පැමිණිලි 8 ක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමෙන් අනතුරුව හොරොව්පතාන පොලීසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබුවා. සැකකාර කාන්තාව විසින් විවිධ පුද්ගලයින්ගෙන් විදෙස් රැකියා ලබාදෙන […]


Jan
11

ප්‍රදේශ කිහිපයකට අද සවස් කාලයේ වැසි

Generic placeholder image

නැගෙනහිර සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව සහ මාතලේ දිස්ති‍්‍රක්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා. සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ති‍්‍රක්කවලත් සවස් කාලයේ හෝ රාතී‍්‍ර කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් පැවසුවා.


Jan
11

ආණ්ඩුවට තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට තමා සහය දෙන බව හිටපු ජනපති කියයි

Generic placeholder image

එළඹෙන මහමැතිවරණයේ දී වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා සදහන් කළා. කළුතර උතුර සුගත විද්‍යාලයේ ඊයේ පැවති වැඩසටහනක දී හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවා. රටට අලුත් ගමනක් යාමේ බලාපොරොත්තු ඇතුව පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමට […]


Jan
11

යුක්‍රේන ගුවන් අනතුර තමාගේ අත්වැරැද්දක් බව ඉරානය පිළිගනියි

Generic placeholder image

සිය හමුදාවන් විසින් “නොදැනුවත්ව” එල්ල කරනු ලැබු ප්‍රහාරයක් හේතුවෙන් මගීන් 176 දෙනෙක් රැගත් යුක්‍රේන සමාගමට අයත් මගී ගුවන් යානය විනාශයට පත්වු බව ඉරානය සදහන් කරනවා. “මිනිස් අත්වැරද්දක්” හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඉරාන බලධාරින් සදහන් කළා. ඉරානය විසින් ඉරාකයේ පිහිටි අමෙරිකානු හමුදා කදවුරු දෙකක් ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල කිරිමෙන් […]


Jan
10

රන්ජන්ගේ හඬපට පිළිබද කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කෙරේ

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ හඬපට පිළිබද කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කල බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරනවා. විශේශේයෙන්ම මේ පිලිබදව අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් පැහැදිලි ක්‍රියාමාර්ගයක් ගනු ඇති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විශ්වාස කරන බවයි ඒ මහතාවැඩි දුරටත් ප්‍රකාශ කලේ.


Jan
10

කැලණි විහාරයේ දුරුතු මහා පෙරහැර ඊයේ රාත්‍රියේ උත්කර්ෂවත්ව වීථී සංචාරය කෙරේ

Generic placeholder image

ඊයේ රාත්‍රියේ කැලණිය රජමහා විහාරයේ අවසන් දුරුතු මහා පෙරහැර අති උත්කර්ෂවත්ව වීථී සංචාරය කෙරුනා. සදාතික කරඬුව කණ්ඩුල හස්තිරාජයා මත තැම්පත් කිරීම සිදුකරණු ලැබුවේ ජනාධිපති ගෝඪාභය රාජපක්ෂ මහතා විසින්ය. මෙම අවස්ථවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළුපිරිසක් එක්ව සිටියා.


Jan
10

හතේ අපේ පොත ගැන අවසන් තීරණයක් ගැනීම ලගදීම

Generic placeholder image

හතේ අපේ පොත නැමැති ග්‍රන්ථය පිලිබදව අවසන් තීරණයක් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාත්,සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියත් මානව සම්පත් සංවර්ධනය පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාවත් එක්ව ජනවාරි 21 වැනිදා විශේෂ රැස්වීමක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙම හතේ අපේ පොත ගැන අවසන් තීරණයක් ගැනීම එදින සිදුවන බවයි වාර්තා වන්නේ.


Jan
10

ඉරානයේදී සිදු වූ ගුවන් අනතුරට හේතුව ඉරාන මිසයිලයක්මද?

Generic placeholder image

පසුගියදා ඉරානයේදී කඩා වැටුණු ගුවන් යානයට හේතු වුයේ ඉරාන මිසයිල ප්‍රහාරයකින් බව ඇතැම් පාර්ශවයන් චෝදනා එල්ල කරනවා. විශේෂයෙන්ම කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ සඳහන් කළේ, ඉරාන මිසයිලයකින් එම යානය බිම හෙළා ඇති බවට බුද්ධි අංශ වාර්තා කිහිපයකින්ම හෙළිදරව් වී ඇති බවයි. කෙසේ වෙතත් ඉරාන මිසයිලයක් මෙම අනතුරට හේතුවු බවට එල්ල වන චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කරනවා. ඉරානය, […]


Jan
10

වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද රාත්‍රීයේ

Generic placeholder image

මෙම වසරේ පළමු චන්ද්‍රග්‍රහණය අද රාත්‍රීයේ සිදුවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකය සදහන් කරනවා. ඒ අනුව ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 10.38 ට චන්ද්‍රයා පෘථිවියේ උපඡායාවට ග්‍රහණය ආරම්භ වන බවත් එම ග්‍රහණය අවසන් වනුයේ අළුයම 2.42 ට පමණ වන අතර එහි උච්චතම ග්‍රහණ අවස්ථාව සිදුවන්නේ 10 දින මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි 40 […]


Jan
10

ප්‍රදේශ කිහිපයකට තරමක වැසි තත්වයක්

Generic placeholder image

දිවයින පුරා අද දිනයේත් සවස් කාලයේ තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව පවසනවා. ඒ අනුව සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු […]


Jan
10

දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි

Generic placeholder image

නව වසරේ පළමු පොහොය වන දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය අදයි. යක්ෂ ගෝත්‍රිකයන් සටනකට සූදානම් වෙද්දී ක්‍රි.පූ. 588 දී බුදුන්වහන්සේ ලක්දිවට වැඩම කර, යක්ෂ නමින් හැඳින්වූ ලක්දිව මුල් වැසියන්ගේ සිත් සනසා, සෘද්ධි ප්‍රාතිහාර්ය පාමින් දහම් දෙසා, ශ්‍රී ලංකාව මිනිස් වාසයට සුදුසු දහම් දිවයිනක් බවට පත්කළේ අද වැනි උතුම් පොහෝ දිනකයි. එමෙන්ම දහම් ඇසීමට රැස්වූ පිරිස […]


Jan
9

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ යළිත් ලැව්ගිනි

Generic placeholder image

පාලනය කළ නොහැකි ලෙස ප්‍රාන්තය තුළ පැතිර යමින් තිබෙන ලැව්ගිනි හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට යළිත් වරක් ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ප්‍රාන්තය හරහා හමා යන ප්‍රබල සුළං ප්‍රවාහයන් සහ වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් හෙට (10) දිනයේදී ලැව්ගිනි තවදුරටත් දරුණු ලෙස ව්‍යාප්ත වෙනු ඇති බවට කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා. ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට පැතිර […]


News Articles
Latest Videos
Most Popular Post