News Line| Off Air
Generic placeholder image

Dec
10

නත්තල වෙනුවෙන් ටැලීන් අගනුවරත් බැබළෙයි

Generic placeholder image

උත්සව සමය වෙනුවෙන් එස්තෝනියාවේ ටැලින් අගනගරයේ පිහිටි උද්‍යානයක් විදුලි ආලෝකයෙන් හැඩගන්වා තිබෙනවා. චීන සම්ප්‍රදායට අයත් තේමාවක් යටතේ මෙලෙස උද්‍යානය හැඩගන්වා ඇති බව විදෙස් වාර්තා සදහන් කළා. උදාවන නත්තල වෙනුවෙන් එස්තෝනියාවේ ටැලින් අගනුවර උද්‍යානයක්,එල් ඊ ඩී විදුලි බුබුළු දසදහසකට අධික ප්‍රමාණයක් යොදාගනිමින් ආලෝකමත් කර ඇති අතර පළමු වරට සිදුකෙරෙන මෙම ආලෝකකරණය සඳහා සාම්ප්‍රදායික චීන තේමාවක් මූලික […]


Dec
10

පකිස්ථානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකකුට වසර 10ක තරග තහනමක්

Generic placeholder image

පකිස්ථානයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන නසීර් ජම්ශේඩ්ට තරග පාවාදීමක් වෙනුවෙන් සහ ක්‍රි වෙනත් ක්‍රීඩකයෙක්ට අල්ලස් ලබා දීම සදහා ක්‍රියා කල බවට චෝදනා ලැබ තිබෙනවා. එමෙන්ම මොහු අල්ලස් වැරදි පිලිබදව චෝදනා ලබ ඇති අතර එයද පිළිගෙන තිබෙනවා. තුන් ඉරියවු ක්‍රීඩකයෙකු ලෙස පකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල මොහු ප්‍රිමියර් ලිග් තරගාවලියේදී ආරම්භක පිතිකරුවරුන්ට පළමු පන්දු දෙකේදීම ලකුණු […]


Dec
10

උත්සව සමයේ සහල් මිලෙහි වෙනසක් ඇති නොවන ලකුණු?

Generic placeholder image

උත්සව සමයේ සහල් මිල පාලනය සදහා රජය විසින් විශේෂ වැඩපිළිවෙලක් ඇති කිරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා. එමෙන්ම වී මෝල් හිමියන් සතුව පවතින වී තොග ගණනය කිරීම ආරම්භ කරන බවත් ඒ තුලින් ඔවුන් සතු වී තොග සගවා ගැනීම සිදු නොවන අතර හිගයකින් තොරව සහල් වෙළෙදපොලට ගෙන ඒම සිදුවෙන බවයි. තවදුරටත් උත්සව සමයේ සහල් ආනයනය […]


Dec
10

රෝයල් පාර්ක් නඩුවේ ජනපති සමාව පිලිබදව ජනාධිපති මෛත්‍රිට නොතීසි

Generic placeholder image

2005 වර්ෂයේ සිදු වූ රෝයල් පාර්ක් ඝාතන නඩුවේ ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ යන අයට ජනාධිපති සමාව ලබා දීම පිලිබදව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නොතීසි නිකුත් කළා. ඒ ලබන මැයි මස 29 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටීමට නියෝග කරමින්ය. එම ඝාතන නඩුවේ ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ යන අයට ජනාධිපති සමාව ප්‍රධානය කිරීම සම්බන්ධයෙන් ජනපතිගේ […]


Dec
10

කළු තුෂාරට මරණ දඬුවම නියම කරයි

Generic placeholder image

මත් කුඩු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කළු තුෂාර නැමැත්තාට මරණ දඬුවම නියම කරනු ලැබුවා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ නියෝගයකට අනුවයි. 2017 වසරේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 59 යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් තිබියදී මොහුව සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ කොට්ඨාශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ.


Dec
10

වයිකා ගිනි කන්ද පුපුරා යෑමෙන් 05ක් මියයයි – 08 ක් තවමත් අතුරුදන්

Generic placeholder image

නවසීලන්තයේ වයිට් අයිලන්ඩ්, ගිනි කන්ද පසු ගිය සදුදා දහවල් විදාරණය වුණා. ඒ අවස්ථාවේ දී සංචාරකයින් 47 පිරිසක් එහි රැදී සිට ඇති බව වාර්තා වෙනවා. එයින් 05 දෙනෙකු මියොගොස් ඇති බව තහවුරු වී ඇති අතර තවත් පුද්ගලයින් 08 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි වාර්තා වෙනවා. පුද්ගලයන් තිස් හතර දෙනෙකු දිවි ගලවා ගත් අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් තවමත් […]


Dec
10

ජා-ඇල ප්‍රදේශ කිහිපයකට අද වතුර නෑ

Generic placeholder image

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද උදැසන 08 සිට මැදියම් රෑ දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව ජා-ඇල ප්‍රදේශ කිහිපයකට එනම්, බෝපිටිය, ඇලෙන්එගොඩ, සේදවත්ත , පමුණුගම, නුගපේ, උස්වැටකෙයියාව, යන ප්‍රදේශ වලට අද දිනෙය් මෙම ජල කප්පාදුව සිදුවනු ඇති.


Dec
10

සාග් ක්‍රීඩා උළෙල අදින් අවසන්

Generic placeholder image

දකුණු ආසියානු ක්‍රීඩා උළෙල අද නිමාවට පත් වීමට සුදානමින් සිටිනවා. ඉකුත් 01 වෙනිදා සිට ආරම්භ වූ මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව සමස්ත පදක්කම් සටහනේ තෙවන ස්ථානය දිනා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ සදහා රන් පදක්කම් 39ක්, රිදී පදක්කම් 79ක් හා ලෝකඩ පදක්කම් 118ක් ඇතුළත්ව තිබෙනවා. පදක්කම් සටහනේ පළමු ස්ථානය ඉන්දියාව දිනාගෙන ඇති අතර සත්කාරක නේපාලය එහි දෙවන […]


Dec
10

ස්විස් තානාපති නිලධාරිනිය අදත් CID හමුවට

Generic placeholder image

ස්විස් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගත් බව කියන සිද්ධියට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ අදත් එම නිලධාරිනියට පෙනී සිටීමට කැදවා තිබෙනවා. ඊයේ රාත්‍රියේද ඉකුත් 08 වෙනිදා ද මෙම නිලධාරිනියගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බොහෝ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් මෙම නිලධාරිනියගෙන් ප්‍රකාශ සටහන් කර ලබන 12 වෙනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන […]


Dec
10

සමන් දේව ප්‍රතිමාව සිරිපා මළුවට රැගෙන යෑම අද

Generic placeholder image

ශ්‍රී පාද වන්දනා සමය මෙවර හෙට සිට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව ශ්‍රී පාද උඩමළුව වෙත රැගෙන යෑම අද සිදු කෙරෙන බව වාර්තා වෙනවා. ශ්‍රී පාද වන්දනා සමය සෑම වසරකම උදුවප් පොහොයෙන් ආරම්භ වන අතර ලබන වෙසක් පෝය දිනයෙන් එම වන්දනා සමය අවසන් වීමට නියමිතව තිබෙනවා.


Dec
10

විවාහක ලෝක රූ රැජිණ කිරුළ දිනු කැරොලින් දිවයිනට පැමිණෙයි

Generic placeholder image

ලෝක විවාහක රූ රැජින ලෙස කිරුළ පැලදූ කැරොලින් ජුරි අද අලුයම දිවයිනට පැමිණ තිබෙනවා. ඒ කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්.- 662 ගුවන් යානයෙන්. ඒ අවස්ථාවට ඇයගේ පවුලේ නෑදෑ හිතවතුන්, මිත්‍රයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.


Dec
10

හෙට සිට වැස්ස අඩු වෙයි

Generic placeholder image

පවතින අයහපත් කාලගුණ තත්වය හෙට සිට තරමක් දුරට අඩු වෙනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ උතුරු පළාත්වලත් තද වැසි ක්‍රමයෙන් පහව යන කාලගුණ තත්වයක් වායුගෝලයේ ඇති වෙමින් පවතින බව එම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post