News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
22

පාස්කු ප්‍රහාරය නිසා වෙඩි බෙහෙත් නැතිව කළුගල් කර්මාන්තකරුවන් දැඩි අසීරුවක

Generic placeholder image

පසුගිය කාලයේ පාස්කු ප්‍රහාර හේතුවෙන් වෙඩිබෙහෙත් හා පුපුරන ද්‍රව්‍ය නිකුත් කිරීමේ රෙගුලාසි සංකීර්ණ කර තිබෙනවා. මේ හේතුවෙන් එම කර්මාන්ත සිදුකරන අය අපහසුවට ලක්ව ඇති බව සදහන්. ප්‍රමාණවත් පරිදි වෙඩි බෙහෙත් සහ අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය ලබානොදීම හේතුවෙන් කළුගල් කර්මාන්ත කරුවන් දැඩි අසීරුවට ලක්ව සිටින බව ගාල්ල දිස්ත්‍රික් කළුගල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ උප සභාපති දේශබන්දු රංග වඩුවත්ත මහතා […]


Aug
22

හබරණ රක්ෂිතයෙන් මිනිස් අස්ථි කොටස් හමුවෙයි

Generic placeholder image

හබරණ රක්ෂිතයේ තිබී පුද්ගලයින් දෙදෙනෙකුගේ බවට සැක කෙරෙන අස්ථි කොටස් කිහිපයක් පොලීසිය සොයාගෙන තිබෙනවා. මින්නේරිය – ගිරිතලේ පිවිසුම් මාර්ගයේ සිට කිලෝමීටර් කිහිපයක් දුරින් ඇති රක්ෂිතයේ තිබී මෙම අස්ථි කොටස් ඊයේ සොයාගෙන ඇති අතර ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව ඒවා සොයාගෙන අති බවත් ඒ අසළ තිබී ජංගම දුරකථනයක් සහ මුදල් පසුබිම්බියක් ද සොයාගෙන ඇති බවත් සදහන්. මිය […]


Aug
22

ශ්‍රී ලංකාව පළමුව පිත්ත අතට ගනී

Generic placeholder image

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. අද උදැසන 10.00 ට තරගය ආරම්භ කිරීමට නියමිතව තිබුනද වර්ෂාවෙන් එයට බාධා එල්ල වුණා. මේ වන විට තරගය ආරම්භ වී තිබෙන අතර කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ශ්‍රී […]


Aug
22

ලෝක ජනගහනයෙන් බහුතරයක් අපවිත්‍ර ජලය බොන බවට හෙළිදරව්වක්

Generic placeholder image

ලෝක ජනගහනයෙන් බිලියන දෙකකට අධික ජනතාවක් අපවිත‍්‍ර ජලය පානය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. අපවිත‍්‍ර ජලය පානය කිරීමෙන් වසරකට පුද්ගලයින් මිලියනයක් පමණ මියයන බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. පානිය ජලයට ප්ලාස්ටික් මුසුවීමෙන් සිදුවන හානිය පිළිබදව මේ වන විට ලෝක සෞඛය සංවිධානය පරීක්ෂන ආරම්භ තිබෙනවා. සාන්ද්‍රනයෙන් ඉහළ ප්ලාස්ටික් අංශු පානීය ජලයට මුසුවීම අවධානම මූලික පරීක්ෂන […]


Aug
22

වෛද්‍ය වර්ජනයෙන් රෝහල් කටයුතු වලට බාධා

Generic placeholder image

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ක‍්‍රියාත්මක කරන වැඩ වර්ජනය හේතුවෙන් සියලූ රෝහල් වල කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා. අප වාර්තාකරුවන් සදහන් කලේ කොළඹ ජාතික රෝහල උතුරු කොළඹ හා දකුණු කොළඹ ශික්ෂණ රෝහල් මෙන්ම දිවයිනේ සෙසු රෝහල් වල බාහිර රෝගී ප‍්‍රතිකාර සේවා සම්පුර්ණයෙන් අඩාල වී ඇති අතර මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ […]


Aug
22

සීමාව පැන්න ඉන්දීය ධිවරයින් 04 ක් අල්ලයි

Generic placeholder image

මෙරට මුහුදු සීමාවට ඇතුළු වෙමින් අනවසරයෙන් මසුන් ඇල්ලු දකුණු ඉන්දීය ධීවරයින් සිවු දෙනෙකු ඊයේ නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තමන් වෙතට භාර දුන් බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සදහන් කරනවා. යාපනයට ඔබ්බෙන් වන මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලු ධීවරයින් සිවු දෙනෙකු හා ඔවුන්ගේ ධීවර යාත්‍රාව නාවික හමුදාව විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. […]


Aug
22

අන්තර්ජාල පහසුකම් අවහිර කිරීමට පියවර

Generic placeholder image

ඉන්දුනීසියාවේ පැපුවා ප්‍රාන්තවල පවතින විරෝධතා හේතුවෙන් අන්තර්ජාල පහසුකම් අවහිර කිරීමට එරට බලධාරින් පියවර ගෙන ඇති බව වාර්තා වෙනවා.ඒ අනුව ඉන්දුනීසියානු තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ තත්ත්වය පාලනය වන තුරු අන්තර්ජාල පහසුකම් අවහිර කිරිමට තීරණය කර ඇති බවයි. එමෙන්ම පසුගිය දින කිහිපයක පුරාවට පවතින විරෝධතා මේ වන විට උග්‍ර තත්ත්වයකට පත්ව ඇති අතර විරෝධතා පාලනය කිරිමට […]


Aug
22

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරගයට වැස්සෙන් බාධා

Generic placeholder image

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය වර්ෂාව නිසා අරාම්භ කිරීම නියමිත වෙලාවට වඩා ප්‍රමාද වී තිබෙනවා. අද තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ පි සරා ක්‍රීඩාංගනයේදීය.


Aug
22

ඇමසන් වනයේ වාර්තාගත ගින්නක්

Generic placeholder image

බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ මේ වසරේ වාර්තාගත ගින්නක් වාර්තා වී ඇති බව නව අභ්‍යවකාශ ඒජන්සි දත්ත පෙන්වා දෙනවා. ලෝකයේ විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් යනු ගෝලීය උෂ්ණත්වය ඉහල යෑමේ වේගය අඩු කරන ඉතා වැදගත් කාබන් ගබඩාවකි. ශාක සහ සතුන් මිලියන 03 ක් පමණ සහ ආදිවාසීන් මිලියනයක් පමණ මෙහි වාසය කරන අතර ඇමසන් වනයේ වත්මන් තත්වය පිළිබද […]


Aug
22

කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් පවතින වැසි තත්වය සහ තද සුළං පිලිබදව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම පුර්ව අවවාදාත්මක නිවේදනය අද පෙරවරුවේ නිකුත් කල අතර එම නිවේදනය හෙට උදැසන දක්වා බලපැවැත්වේ.


Aug
22

ඉස්ලාම් කාන්තාවන්ගේ ඇඳුම් ඉදිරියේ දී වෙනස් වන ලකුණු?

Generic placeholder image

කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරන්නේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත වෙනස් කිරීමට රජය විසින් කටයුතු කළ ආකාරයෙන්ම මුස්ලිම් කාන්තාවන්ගේ මුහුණ වැසීම සහ ඇඳුම් පිළිබඳ නිතීයද පොලිස් පනත යටතේ ඉදිරි කාලය තුළ ක්‍රියාත්මක කරන බවයි. එමෙන්ම රටේ අති ප්‍රධානම ගැටළුව වන්නේ රාජ්‍ය මූල්‍යයේ ඇති ප්‍රශන්ය බවත් […]


Aug
22

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම්දීමක්

Generic placeholder image

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී තැපෑලෙන් ඡන්ද දීම සඳහා ඉල්ලුම් කරන ඡන්ද හිමියන්ට ඒ සඳහා අවශ්‍ය තොරතුරු සූදානම් කර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දීමක් කරනවා. ඒ අනුව තමන්ට වෙන් කරන ලද ඡන්ද පොලෙහිදී ඡන්දය දීමට නොහැකි ඡන්ද හිමියන්ට තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලූම් කළ හැකි බව කොමිසම වැඩි දුරටත් පෙන්වා දෙන්නේ. ඉල්ලුම් කරන ජන්ද […]


News Articles
Latest Videos
Most Popular Post