කොළඹ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණෙන් මගී ප‍්‍රවාහන බෝට්ටු සේවයක් අද ආරම්භ කෙරෙනවා. ඒ අනුව යූනියන් පෙදෙස සිට කොළඹ කොටුව දක්වා බේරේ වැව ඔස්සේ මෙම බෝට්ටු සේවය ක‍්‍රියාත්මක වන අතර මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය යටතේ ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවය යටතේ මෙහි මෙහෙයුම් කටයුතු සිදු කෙරෙනවා. මෙහිදී මගී ප‍්‍රවාහනය සඳහා වායු සමීකරණය […]
ලෝක ශූරතා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය යටතේ නවසීලන්තය සහ ශ‍්‍රී ලංකාව අතර තවත් තරගයක් අද ආරම්භ වන අතර ඒ කොළඹ පී සරා ක‍්‍රීඩාංගණයේදීය. දෙරට අතර පැවති පළමු තරගය කඩුලූ 06කින් ජය ගැනීමට ශ‍්‍රී ලංකාව කණ්ඩායම සමත් වුණ අතර ඒ අනුව ලෝක ශූරතා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින්නේද ශ‍්‍රී ලංකාවයි. නවසීලන්තය සහ ශී‍්‍ර […]
ඖෂධ හිඟය, ප්‍රමිතියෙන් තොර ඖෂධ සහ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප‍්‍රමිතියක් නීතිගත නොකිරීම ඇතුළු කරුණු 08ක් මුල්කර ගනිමින් රෝගී ජනතාවට බාල බෙහෙත් මදිවට බාල වෛද්‍යවරු යන තේමාව යටතේ වෛද්‍යවරුන් අද වැඩවර්ජනයකක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අද උදෑසන 08.00 සිට මාතෘ සහ ළමා රෝහල් හැර රජයේ සෙසු සියලු රෝහල්වල වෛද්‍යවරුන් වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය […]
දිවයින පුරා බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු සහ වයඹ සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ විශේෂයෙන් උතුරු, උතුරු මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළගේ වේගයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය […]
වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය වාර්ෂිකව සංවිධානය කරන සර්ව රාත්‍රික පිරිත් පිංකම දැන් ආරම්භ කළා. සියත එෆ් එම්, සියත ටීවී, රියල් රේඩියෝ, සහ කිස් එෆ් එම් යන නාලිකාවන්ට සහ කාර්යය මණ්ලයට මෙන්ම මුලු මහත් රටටම සෙත් පැතීම අරමුණු කරගමින් මෙම පිරිත් දේශනය සිදු කරනු ලබනවා. සියත ටීවී වින්සර් කාරියප්පෙරුම මැදිරියේ සිට මේ මොහොතේ සිට හෙට […]
එක දිගට වැඩ කරනකොට ඔබට නොදැනිම ඔබ තුල ආතතියක් හට ගන්නවා. කාලයත් සමඟ එය ටික ටික වැඩි වෙනවා. ආතතියෙන් වැඩ කරනකොට වැඩ ටික හරියට සිදු වෙන්නෙත් නැහැ. හැබැයි මේ තත්වය ෆින්ලන්තය විසින් හඳුනා ගෙන තියෙනවා. ඉතින් ෆින්ලන්තයේ බොහෝ ව්‍යාපාරික ආයතනයන් තුල සේවකයන්ට විවේක ගැනීමට වෙනමම කාමර සකසලා තියෙනවා. ඒ විතරක් නෙවේ. විනාඩි 30ක පමණ කාලයක් […]
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් ආචාර්ය සහිඩ් අහමඩ් හෂ්මට් ඊයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමුවී තිබෙනවා. එහිදී කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති අතර, කාශ්මීර ජනතාව මුහුණපා ඇති මානව හිමිකම් ගැටළු සම්බන්ධයෙන්ද මහ කොමසාරිස්වරයා ජනාධිපතිවරයා දැනුවත් කළ බව සඳහන්.
නැගී එන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල බංගලාදේශයේ සංචාරයක යෙදී සිටිනවා. හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් පුහුණුකාර ධුරය දරන මෙම ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට ඇතුළත්ව සිටින්නේ තරුණ ක්‍රීඩකයන් රැසක්. මේ අතරින් කාගේත් අවධානය යොමුව තිබෙන්නේ “පොඩි මාලිංග” ලෙස හැඳින්වෙන නුවන් තුෂාර දෙසට යි. සුපිරි ශ්‍රී ලංකා වේග පන්දුයවන ක්‍රීඩක ලසිත් […]
ශල්‍ය කර්මයකට මුහුණ දීල මං කරාපිටියෙ වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර අරන් ඉන්න වෙලාවෙ මට අල්ලපු ඇඳේ හිටිය මනුස්සයගෙ ඇඹිලිපිටියෙ පැත්තෙ…….එයා බලන්න ගෙදරින් ආවෙ ගෑණු මනුස්සයයි……අවුරුදු හතරක් පහක් විතර ඇති පුංචි කොළු පැටියෙකුයි….මේ අයගෙ ඇඳුම පැළඳුමේ ඉඳල ශරීර කූඩු දැක්කාම මට දැනුන එයාල ජීවිතය ගැටගහගන්න විඳින දුක….. ලෙඩ්ඩු බලන වෙලාව අහවර වුනේ හවස හයට….. අර අහිංසක කොලු […]
බටහිර පැපුවා ප්‍රාන්තයේ බන්ධනාගාරයක රැඳවියන් 250 කට අධික පිරිසක් පලාගොස් තිබෙනවා. ප්‍රදේශයේ පැවති විරෝධතාවක් අතරතුර මෙම රැඳවියන් පලාගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. විරෝධතාකරුවන් විසින් බන්ධනාගාර ගොඩනැගිල්ල ඇතුළු ගොඩනැගිලි කිහිපයකට ගිනි තබා ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී මෙම රැඳවියන් පිරිස පලාගොස් ඇති බව සදහන්. කෙසේවෙතත් පලාගිය සිරකරුවන්ගෙන් කිහිපදෙනෙකු යලිත් බන්ධනාගාරය වෙත පැමිණ […]
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කෙරෙන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කාලය දීර්ඝ කිරීමට අදාල යෝජනාව සඳහා පාර්ලිමේන්තු අවසරය හිමිව තිබෙනවා. ඒ අනුව, තේරීම් කාරක සභාවේ කාලය සැප්තැම්බර් 30 වනදා දක්වා දීර්ඝ කර ඇති බව සදහන්. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනු ලැබුවේ පසුගිය මැයි 22 වනදායි.
කෙත්හේන පවිත්‍රාගාරයේ අලූත්වැඩියාවක් නිසා කළුතර හා අවට ප්‍රදේශ කිහිපයකට ඉදිරි සති තුන ඇතුළතදී ජල සැපයුම විටින් විට අත්හිටුවීමට සහ අඩුපීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර, කටුකුරුන්ද, නාගොඩ සහ පයාගල යන ප්‍රදේශවලට මෙලෙස විටින් විට ජලසැපයුම අත්හිටවනු ඇති බව එම මණ්ඩලය නිවේදනය කර […]