පසුගිය කාලයේ පාස්කු ප්‍රහාර හේතුවෙන් වෙඩිබෙහෙත් හා පුපුරන ද්‍රව්‍ය නිකුත් කිරීමේ රෙගුලාසි සංකීර්ණ කර තිබෙනවා. මේ හේතුවෙන් එම කර්මාන්ත සිදුකරන අය අපහසුවට ලක්ව ඇති බව සදහන්. ප්‍රමාණවත් පරිදි වෙඩි බෙහෙත් සහ අවශ්‍ය පුපුරන ද්‍රව්‍ය ලබානොදීම හේතුවෙන් කළුගල් කර්මාන්ත කරුවන් දැඩි අසීරුවට ලක්ව සිටින බව ගාල්ල දිස්ත්‍රික් කළුගල් කර්මාන්තකරුවන්ගේ සංගමයේ උප සභාපති දේශබන්දු රංග වඩුවත්ත මහතා […]
හබරණ රක්ෂිතයේ තිබී පුද්ගලයින් දෙදෙනෙකුගේ බවට සැක කෙරෙන අස්ථි කොටස් කිහිපයක් පොලීසිය සොයාගෙන තිබෙනවා. මින්නේරිය – ගිරිතලේ පිවිසුම් මාර්ගයේ සිට කිලෝමීටර් කිහිපයක් දුරින් ඇති රක්ෂිතයේ තිබී මෙම අස්ථි කොටස් ඊයේ සොයාගෙන ඇති අතර ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව ඒවා සොයාගෙන අති බවත් ඒ අසළ තිබී ජංගම දුරකථනයක් සහ මුදල් පසුබිම්බියක් ද සොයාගෙන ඇති බවත් සදහන්. මිය […]
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. අද උදැසන 10.00 ට තරගය ආරම්භ කිරීමට නියමිතව තිබුනද වර්ෂාවෙන් එයට බාධා එල්ල වුණා. මේ වන විට තරගය ආරම්භ වී තිබෙන අතර කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ශ්‍රී […]
ලෝක ජනගහනයෙන් බිලියන දෙකකට අධික ජනතාවක් අපවිත‍්‍ර ජලය පානය කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. අපවිත‍්‍ර ජලය පානය කිරීමෙන් වසරකට පුද්ගලයින් මිලියනයක් පමණ මියයන බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ. පානිය ජලයට ප්ලාස්ටික් මුසුවීමෙන් සිදුවන හානිය පිළිබදව මේ වන විට ලෝක සෞඛය සංවිධානය පරීක්ෂන ආරම්භ තිබෙනවා. සාන්ද්‍රනයෙන් ඉහළ ප්ලාස්ටික් අංශු පානීය ජලයට මුසුවීම අවධානම මූලික පරීක්ෂන […]
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ක‍්‍රියාත්මක කරන වැඩ වර්ජනය හේතුවෙන් සියලූ රෝහල් වල කටයුතු වලට බාධා එල්ල වී තිබෙනවා. අප වාර්තාකරුවන් සදහන් කලේ කොළඹ ජාතික රෝහල උතුරු කොළඹ හා දකුණු කොළඹ ශික්ෂණ රෝහල් මෙන්ම දිවයිනේ සෙසු රෝහල් වල බාහිර රෝගී ප‍්‍රතිකාර සේවා සම්පුර්ණයෙන් අඩාල වී ඇති අතර මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ […]
මෙරට මුහුදු සීමාවට ඇතුළු වෙමින් අනවසරයෙන් මසුන් ඇල්ලු දකුණු ඉන්දීය ධීවරයින් සිවු දෙනෙකු ඊයේ නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තමන් වෙතට භාර දුන් බව යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සදහන් කරනවා. යාපනයට ඔබ්බෙන් වන මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් ඇල්ලු ධීවරයින් සිවු දෙනෙකු හා ඔවුන්ගේ ධීවර යාත්‍රාව නාවික හමුදාව විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ. […]
ඉන්දුනීසියාවේ පැපුවා ප්‍රාන්තවල පවතින විරෝධතා හේතුවෙන් අන්තර්ජාල පහසුකම් අවහිර කිරීමට එරට බලධාරින් පියවර ගෙන ඇති බව වාර්තා වෙනවා.ඒ අනුව ඉන්දුනීසියානු තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ තත්ත්වය පාලනය වන තුරු අන්තර්ජාල පහසුකම් අවහිර කිරිමට තීරණය කර ඇති බවයි. එමෙන්ම පසුගිය දින කිහිපයක පුරාවට පවතින විරෝධතා මේ වන විට උග්‍ර තත්ත්වයකට පත්ව ඇති අතර විරෝධතා පාලනය කිරිමට […]
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය වර්ෂාව නිසා අරාම්භ කිරීම නියමිත වෙලාවට වඩා ප්‍රමාද වී තිබෙනවා. අද තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ පි සරා ක්‍රීඩාංගනයේදීය.
බ්‍රසීලයේ ඇමසන් වනාන්තරයේ මේ වසරේ වාර්තාගත ගින්නක් වාර්තා වී ඇති බව නව අභ්‍යවකාශ ඒජන්සි දත්ත පෙන්වා දෙනවා. ලෝකයේ විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් යනු ගෝලීය උෂ්ණත්වය ඉහල යෑමේ වේගය අඩු කරන ඉතා වැදගත් කාබන් ගබඩාවකි. ශාක සහ සතුන් මිලියන 03 ක් පමණ සහ ආදිවාසීන් මිලියනයක් පමණ මෙහි වාසය කරන අතර ඇමසන් වනයේ වත්මන් තත්වය පිළිබද […]
කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව විසින් පවතින වැසි තත්වය සහ තද සුළං පිලිබදව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙම පුර්ව අවවාදාත්මක නිවේදනය අද පෙරවරුවේ නිකුත් කල අතර එම නිවේදනය හෙට උදැසන දක්වා බලපැවැත්වේ.
කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරන්නේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත වෙනස් කිරීමට රජය විසින් කටයුතු කළ ආකාරයෙන්ම මුස්ලිම් කාන්තාවන්ගේ මුහුණ වැසීම සහ ඇඳුම් පිළිබඳ නිතීයද පොලිස් පනත යටතේ ඉදිරි කාලය තුළ ක්‍රියාත්මක කරන බවයි. එමෙන්ම රටේ අති ප්‍රධානම ගැටළුව වන්නේ රාජ්‍ය මූල්‍යයේ ඇති ප්‍රශන්ය බවත් […]
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී තැපෑලෙන් ඡන්ද දීම සඳහා ඉල්ලුම් කරන ඡන්ද හිමියන්ට ඒ සඳහා අවශ්‍ය තොරතුරු සූදානම් කර ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දීමක් කරනවා. ඒ අනුව තමන්ට වෙන් කරන ලද ඡන්ද පොලෙහිදී ඡන්දය දීමට නොහැකි ඡන්ද හිමියන්ට තැපෑලෙන් ඡන්දය දීම සඳහා ඉල්ලූම් කළ හැකි බව කොමිසම වැඩි දුරටත් පෙන්වා දෙන්නේ. ඉල්ලුම් කරන ජන්ද […]