හෙට සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, වයඹ සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම ඉදිරි පැය 24 තුළ උතුරු සහ මධ්‍යම බෙංගාල […]
සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමේ අරමුණින් ගෙන ඇති පියවරයන්ට අනුව , 2015 ඒ තුන් වන ශ්‍රේණියේ හෙද නිලධාරීන් 686 කට පත්වීම් ප්‍රදානය කිරීමට නියමිතයි. මේ අතර පශ්චාත් ප්‍රාථමික හෙද විදුහලේ වාට්ටු කළමනාකරණය හා අධීක්ෂණය පිළිබද පුහුණුවට 802 ක්, මහජන සෞඛ්‍ය හෙදකම සහ වින්නඹු කර්මය පිළිබද පුහුණුවට 115 ක් වශයෙන් […]
මෙතෙක් කලක් සියත සමග සිටි ඔබට අප සැමවිටම සමබර පුවත් රැගෙන ආ අතර දැන් ඔබට අපගේ උණුසුම් පුවත් එසැනින් දැනගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ සදහා පහත උපදෙස් පිලිපදින්න. සියත News SMS Alert සේවාවට අදම Register වන්න.
මෙම වසර තුළ ලොව පුරා මෙතෙක් වාර්තා වී ඇති වැඩිම උෂ්ණත්වය ජූලි මාසයේ දී වාර්තා වී ඇති බව චන්ද්‍රිකා දත්ත තහවුරු කරනවා. මෙය ගෝලීය උෂ්ණත්වය ඉතා වේගයෙන් ඉහළ යන බවට දක්නට ලද නවතම සළකුණක් බව විද්‍යාඥයින් පවසන අතර පසුගිය මාසය තුළ යුරෝපයේ මෙන්ම ආක්ටික් ධ්‍රැවය තුළ ද අසාමාන්‍ය උෂ්ණත්වය ඉහළ යාමක් වාර්තා වූ බවත් ඔවුන් […]
සයිබීරියාවේ හමුදා කඳවුරක් තුළ පිහිටි රුසියානු අවි ගබඩාවක දැවැන්ත පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරිමෙන් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර අවට ගම්මානවල පදිංච් පුද්ගලයින් 3000ක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර යැවිමට බලධාරින් පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. එමෙන්ම හදිසි අවස්ථාවකදී ඉවත් කිරීම සඳහා තවත් පුද්ගලයින් 11,000 ක් පමණ සූදානම් […]
නවසීලන්ත කණ්ඩායමේ හිටපු නායකයෙකු වන බ්‍රෙන්ඩන් මැකලම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් සදහන් කර ඇත්තේ ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවයි. ඒ අනුව කැනඩාවේ පැවැත්වෙන 20යි 20 තරඟාවලියෙන් අනතුරුව තමන් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවයි වාර්තා වන්නේ. මැකලම් 2015 වසරේදී ටෙස්ට් සහ එක්දින තරඟවලින් සමුගත් අතර පසුව ප්‍රාන්ත තරඟ සදහා පමණක් ක්‍රිඩා කලා. ඒ අනුව ඔහු සිය […]
පාර්ලිමේන්තුව හෙට පස්වරු 01 00 දක්වා කල් තැබීමට කතානායක කරූ ජයසූරිය මහතා අද පියවර ගත්තා. ඊට හේතු වුනේ අද පස්වරුවේ විවාදයට ගැනීමට නියමිතව තිබු ලංකා විදුලි බල සංශෝධන පණත් කෙටුම්පත විවාදයට නොගෙන ඉල්ලා අස් කර ගන්නා බවට සභා නායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දීමත් සමගයි. එම කෙටුම්පත විවාදයට නොගන්නා ලෙස විපක්ෂ නායක […]
ලබන වසරේ පළමු පාසල් වාරය ආරම්භවීමට පෙර ජාතික පාසල් ගුරු මාරු අවසන් කිරීමට කඩිනමින් පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ජාතික පාසල්වල 2020 වර්ෂය වෙනුවෙන් ස්ථාන මාරු අපේක්ෂාවෙන් ඉල්ලුම්පත් 6,000 ක් මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරුමාරු ඒකකය වෙත ලැබී ඇති අතර එකම පාසලක අවුරුදු 10 ක් සේවය […]
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති පැමිණිල්ල අද (06) ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ යළි විභාග කල අතර එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකු ලෙස නම්කර සිටි රූපවාහිනී මාධ්‍ය ආයතනයක ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයාගේ සාක්ෂි සටහන් කරගැනීම තවදුරටත් සිදු කෙරුණු බව වාර්තා වෙනවා. ඉන් අනතුරුව මාධ්‍ය ආයතනයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයාගේ සාක්ෂියෙන් පසුව එම ආයතනයේ […]
දේශපාලන පළිගැනීම් සහ ජාතිවාදය නොමැති වුවහොත් රටක් ඉදිරියට යා හැකි බව අද(05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. දේශපාලන පලිගැනීම්වලට ලක් වුවන්ට සහ දිගන සිද්ධියෙන් දේපළ හානිවුවන්ට වන්දි ලබා දිමේ උත්සවයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදි අද පැවැත් වුණා. පක්ෂය වෙනුවෙන් ගත් පියවර සම්බන්ධයෙන් මෙහිදී අගමැතිවරයා පැමිණ […]
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුවේ සංශෝධනයක් සිදු කිරීමට කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු තීරණය කර ඇති අතර හිටපු තේරීම් කමිටු සාමාජිකයෙකු වන විනෝදන් ජොන් යළි තේරීම් කමිටු සාමාජිකයෙකු ලෙස පත් කිරීමට කී‍්‍රඩා අමාත්‍යවරයා අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ පිළිබද කරුණු දැක්වූ කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු කියා සිටියේ ” තේරීම් කමිටුවේ හතර දෙනෙක් හිටියා. 03 දෙනෙක්ව නැවත වතාවක් […]
උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් අත්හදා බලා ඇති බව වාර්තා වන අතර ඒ අනුව සති දෙකක කාලයක් තුළ ඔවුන් විසින් මෙසේ මිසයිල අත්හදා බැලූ සිව්වැනි අවස්ථාව මෙය බවත් දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසනවා.උතුරු කොරියාවේ දකුණුදිග හ්වැන්ග්හේ පළාතේ සිට දියත් කෙරුණු මෙම මිසයිල අර්ධද්වීපය හරහා ගොස් නැගෙනහිර මුහුදට පතිත වූ බව සඳහන් වෙන අතර මේ සම්බන්ධයෙන් […]