News Line| Off Air
Generic placeholder image

Jul
9

2018 දි රැකියා වියුක්තිය ඉහළ ගිහින්

Generic placeholder image

2018 වසරෙදි රැකියා වියුක්ති අනුපාතය සියයට 4.4 දක්වා ඉහල ගොස් ඇති බව වාර්තා වෙනවා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමෙන්තුවේ වාර්තා පෙන්වාදෙන ආකාරයට 2017 වසරේ රැකියා වියුක්තිය 358,507 ක් වන බවත් 2018 වසරෙදි එය 372,591 දක්වා ඉහළ ගොස් තිබෙන බවද එ අනුව එහි අනුපාතය සියයට 4.4 ක් වන බව පැවසෙනවා. ඉන් සියයට 03 ක ප්‍රතිශතයක් පුරුෂයින් වන […]


Jul
9

කුණු නිසා මාතර නගරයේ පාසල් වැසෙන ලකුණු

Generic placeholder image

මාතර කසල ගැටලූවට විසඳුමක් නොලැබුණහොත් හෙට සිට මාතර නගරයේ පාසල් තාවකාලිකව වසා දැමීමට දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයාට තමා අවසර දෙන බව දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා. ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේ ඊයේ මාතර දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමින්. මෙම කුණු ප‍්‍රශ්නය හේතුවන් රුහුණ විශ්වවිද්‍යාලය සහ පාසල් ගණනාවක දරුවන් පීඩාවට පත්ව ඇති බවට තමා […]


Jul
9

ඉතිහාසයේ ප්‍රථම වතාවට වට්ටක්කා 200ට නගි

Generic placeholder image

මීට මාස කිහිපයකට පෙර වට්ටක්කා කිලෝවක් රුපියල් පනහකටවත් අලෙවි කර ගැනීමට නොහැකිව තොග පිටින් විනාශ කර දැමු අතර ඉතිහාසයේ ප්‍රථම වරට වට්ටක්කා කිලෝවක් රුපියල් 200 දක්වා මේ වන විට මිල ඉහල ගොස් තිබෙන බව වාර්තා වෙනවා. හේන්වල බහුල වශයෙන් වගාකරන වට්ටක්කා වගාවන් පවතින නියං තත්වය හේතුවෙන් විනාශ වීම මේ මිල ඉහල යෑමට හේතු වී ඇති […]


Jul
9

නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 14 ක් අත්අඩංගුවට

Generic placeholder image

නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 14 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් බෙන්තොට ප‍්‍රදේශයේ ඉදිකරමින් පවතින හෝටලයක සේවය කරමින් සිට ඇති අතර ඉන් 12 දෙනෙකු සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බව හෙළි වි ඇත්තේ සිදුකළ මූලික පරික්ෂණ වලදීයි. අනෙක් සැකකරුවන් දෙදෙනා නේවාසික වීසා මත පැමිණ වීසා කාලසීමාව […]


Jul
9

ලෝක කුසලාන පහස විදීමට යන්නේ ඉන්දියාවද? නවසීලන්තයද?

Generic placeholder image

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රිඩාංගනයෙදි ඉන්දියාව සහ නවසීලන්තය අතර පැවැත්වෙනවා. එ අනුව දෙවරක් ලෝක කුසලාන පහස විද තිබෙන ඉන්දියාව ලෝක කුසලාන ඉතිහාසයෙදි 06 වන වරටත් අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබා තිබෙනවා. මෙතෙක් ලෝක කුසලානයක පහස විද නැති නවසීලන්තය අවසන් පූර්ව වටය සදහා 08 වතාවක් සුදුසුකම් ලබා […]


Jul
9

හිටපු ආරක්ෂක ලේකම් ගේ සහ පොලිස්පතිගේ ඇප ඉල්ලීම පිලිබද තීරණය අද

Generic placeholder image

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු හා පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ඇප ඉල්ලීම පිළිබද තීරණය අද ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි. සැකකරුවන් අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ පසුගිය 03 වනදායි. ඔවුන් රෝහල්ගතව සිටින බැවින් එදින අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ. නමුත් සැකකරුවන් දෙදෙනා අද අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර […]


Jul
9

ජනපති හා මුස්ලිම් මන්ත්‍රිවරුන්ට අතර ඊයේ හමුවක්

Generic placeholder image

මුස්ලිම් මන්තී‍්‍රවරුන් පිරිසක් ඊයේ (08) රාත්‍රියේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවුණා. එහිදී තමන් මේ වනවිට මුහුණ දෙන තත්ත්වයන් පිළිබඳ එහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අමීර් අලී පවසා ඇත්තේ. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගත් මුස්ලිම් කණ්ඩායම් සම්බන්ධයෙන්ද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කළ බවද චෝදනාවක් නැතුව වැරදිකාරයෝ බව ඔප්පු කරන්න බැරුව ඉන්න එම තරුණ මුස්ලිම් […]


Jul
9

දයාසිරි අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරන්න සුදානමින්

Generic placeholder image

පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙනවා. පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගි වන්නේද යන්න පිළිබඳ එහිදී පැහැදිළි කරන බවයි මන්තී‍්‍රවරයා වැඩි දුරටත් සදහන් කළේ. පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකරට විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම්දී තිබුණද […]


Jul
9

දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවලට දෛනිකව පැයක විදුලි කප්පාදුවක්

Generic placeholder image

ඛණිජ තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබානොදීම හේතුවෙන් ඉන්ධන බලාගාරවල කටයුතුවලට බලපෑම් එල්ල වීමත් සමග දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවලට දෛනිකව පැයක පමණ විදුලි කප්පාදුවක් සිදු වන බව විදුලිබල අමාත්‍යංශය පවසනවා. විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීම වෙනුවෙන් ඛණිජ තෙල් සංස්ථාවට අයවිය යුතු මුදල් මෙතෙක් නොලැබීම හේතුවෙන් මෙලෙස ඉන්ධන සැපයීම නතර කර ඇති බව වාර්තා වෙනවා.ඛණිජ තෙල් සංස්ථාව […]


Jul
9

පුපුරණ ද්‍රව්‍ය තොගයක් කිලිනොච්චියේ ළිඳකින් සොයා ගනී

Generic placeholder image

කිලිනොච්චිය,පරවිපාන්චාන් ප්‍රදේශයේ ළිඳක තිබි පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ(08) සොයාගත් බව කිලිනොච්චිය පොලීසිය පවසනවා. කිලිනොච්චිය පොලිසිය පැවසූවේ කලක් අතහැර දමා තිබු ළිඳක් පිරිසිදු කරන අවස්ථාවේ අදාළ පුපුරණ ද්‍රව්‍ය හමුවී ඇති බවයි.ටි 56 වර්ගයේ ගිනි අවි පතුරම් තොගයක්, මෝටාර් උණ්ඩ දෙකක් හා තවත් පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් එලෙස හමුවු බව පොලීසිය සඳහන් කළා.ඒ අනුව පොලීසිය වැඩිදුරටත් පැවසූවේ ගෙවත්ත […]


Jul
9

කළුතරට අද පැය 10ක ජල කප්පාදුවක්

Generic placeholder image

කළුතර අල්විස් පෙදෙස ජලාශයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද(09) දින පැය 10 ක කාලයක් ජලය සැපයීම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව පෙරවරු 10 සිට පස්වරු 8.00 දක්වා කාලය තුළ වස්කඩුව, වාද්දුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද සහ නාගොඩ යන ප්‍රදේශවල ජල සැපයුම මෙසේ අත්හිටුවීමට […]


Jul
9

දිවයින පුරා තද වැසි

Generic placeholder image

දිවයිනේ දැනට පවතින කාලගුණ තත්ත්වයේ තරමක වෙනසක් අද දිනයේ දැකිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව සබරගමුව, මධ්‍යම, බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව සදහන් වෙනවා. දිවයිනේ සෙසු ප්‍ර‍‍දේශවල විශේෂයෙන් නැගෙනහිර, උතුරු මැද හා ඌව පළාත්වල තැනින් තැන සවස 2 න් […]


News Articles
Latest Videos
Most Popular Post