එක් දින ක්‍රිකට් තරගමාලාවකට සහභාගී විම සඳහා බංගලිදේශ ක්‍රිකට් කණ්ඩායම ලබන 23 වනදා ශ්‍රී ලංකාවට පැමිණෙනවා. ලබන 26 වනදා පළමු තරගය පැවැත්වෙන අතර දෙවන තරගය ලබන 28 වනදාත් තුන් වන තරගය ලබන 31 වනදාත් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. තරග තුන සඳහාම තෝරා ගෙන ඇත්තේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයයි. මේ අතර […]
කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන බදාදා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා. කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලට සහ මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා බලප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති. එමෙන්ම කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රදේශීය සභා බල ප්‍රදේශ සහ රත්මලාන […]
තම ශරීරයේ අවයව කොටස් දාහතරක් මෙලොව ජීවත් වීමේ පුද්ගලයන්ට ලබා දී මියගිය යුධ හමුදා විශ්‍රාමික මේජර් වරයකු පිළිබඳ පුවතක් ගලේවෙල ඇතා බැඳිවැව තලකිරියාගම ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඔහු 44 හැවිරිදි එම්. ජී. ජයවීර නම් තිදරු පියෙක්. මොහු යුද හමුදා කොමාන්ඩෝ බලකායේ විශ්‍රාම යෑමෙන් පසු කොළඹ ෂ්‍රැංග්‍රිලා හෝටලයේ පෞද්ගලික ආරක්ෂක අංශයේ සේවය කළ අයෙක් බව සදහන්. හිසේ […]
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පිත්තෙන් දස්කම් දැක්වූ යොවුන් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 10ක් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව එම සටහනේ ඔහු පසුවන්නේ 85 වන ස්ථානයේ බව වාර්තා වෙනවා. එමෙන්ම ඇන්ජලෝ මැතිව්ස් පිතිකරු ශ්‍රේණිගත කිරීම් සටහනේ ස්ථාන 02ක් ඉදිරියට පැමිණියා. ඒ ඉන්දියාවට එරෙහිව ශතකයක් වාර්තා කිරීමත් සමගයි. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්රී […]
දිවයින පුරා සිදු කරන ලද විශේෂ රථවාහන මෙහෙයුමින් බීමත් රියදුරන් 420 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ජුලි මස 5 වන දින සිට මෙය ආරම්භ කෙරුණ අතර මෙම මෙහෙයුමේ දී ඊයේ(07) උදෑසන 6 සිට අද(08) උදෑසන 6 දක්වා පැය 24 තුළ දී මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව අත්අඩංගුවට පත්ව ඇති සමස්ත බීමත් රියදුරන් ගණන […]
මතභේදාත්මක රජයේ ඉඩම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිකුරාදා කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට පක්ෂ නායකයින් එකඟතාව පළ කර ඇති බවට වාර්තා වනවා. ඒ, අද (08) පෙරවරුවේ කථානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති විශේෂ පක්ෂ නායක රැස්වීමේදීයි. ඒ අනුව අදාළ පනත් කෙටුම්පත ලබන සිකුරාදා විවාදයට ගන්නේද, නැද්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ද මෙම රැස්වීමේ ප‍්‍රධාන අරමුණක් වන අතර […]
හේතුව නොදත් නිදන්ගත වකුගඩු රෝගය සහ නිදන්ගත වකුගඩු රෝගීන් සඳහා නිවසේ දී කාන්දු පෙරීම (Home Dialysis) හදුන්වාදීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. 2019 ජාතික අයවැය ලේඛණය ඉදිරිපත් කිරීමේ දී නිදන්ගත වකුගඩු රෝගයේ බරපතලතාවය පිළිබද සදහන් කරමින් නිවසේ දී ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කළ හැකි කාන්දුපෙරණ යන්ත්‍ර ලබාදීම සදහා […]
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉවත් වුණු ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට පැමිණියා. පසුගිය දිනවල දැඩි කතාබහට ලක් වුණු ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඉවත් වෙන බවට ගෙන යන කට කතා සම්බන්ධයෙන් දිවයිනට පැමිණිමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් චන්දික හතුරුසිංහ මහතා ප්‍රකාශ කලේ තමාට ඉදිරි මාස 16 කොන්ත්‍රාත් කාලයක් මෙම පුහුණුකාර […]
ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර සඳහන් කළේ ඊට අදාළ නිල තීරණය අද හෝ හෙට ප‍්‍රකාශයට පත් කරන බවයි. එමෙන්ම විශ්වාසභංග […]
කොළඹ ෂැංග්රිලා හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ ත‍්‍රස්තවාදියාට අයත් බව කියන වැල්ලම්පිටිය ප‍්‍රදේශයේ පිහිටි තඹ කම්හලේ සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් රාජේන්ද්‍රන් කරුපයියා හෙවත් අබ්දුල්ලා නැමති සේවකයා ලබන 15 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සැකකරු අද ඉදිරිපත් කලේ කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියටයි. සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ […]
එළවළු මිල ගණන් වාර්තා ගත ලෙස පහළ ගොස් තිබෙන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය පවසනවා. තවදුරටත් ඔවුන් සදහන් කරන්නේ සෑම වසරකම මැයි ජුනි ජූලි මාසවල සාමාන්‍ය මිල මට්ටම්වල ඉහළ යෑමක් තමයි දක්නට ලැබෙන නමුත් මෙම වසරේ මෙම මාසවල සැලකියයුතු ලෙස මිල මට්ටම් පහළ යෑමක් දක්නට ලැබෙන බවයි. මේකට ප්‍රධානතම හේතුව […]
ඒකාබද්ධ විපක්ෂ නායක රැස්වීමක් හෙට පැවැත්වෙනවා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ඡාව හෙට පස්වරු 06 .00 ට පැවැත්වෙන්නේ කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේ දීයි. වත්මන් දේශපාලන තත්වය පිළිබදව සාකච්ඡා කිරීම සදහා මෙය කැදවා තිබෙනවා. ආන්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව නව දේශපාලන සන්ධානයක් සැකසිම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා […]