News Line| Off Air
Generic placeholder image

Feb
22

රුවන් අද රෑ දිවුරුම් දෙයි

Generic placeholder image

කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රුවන් විජේවර්ධන මහතා අද පස්වරුවේ දිවුරුම්දීමට නියමිත බව වාර්තා වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල මැතිතුමා ඉදිරියේදී දිවුරුම්දීම සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. රුවන් විජේවර්ධන මහතා මේ වන විට ආරක්ශක රාජ්‍යය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශ මත ඔහු තම තනතුරේ දිව් රුම් දෙනු ඇති. ජනමාධ්‍යය ඇමති ලෙස […]


Feb
22

කඩුවෙල බියගම මාර්ගය 26 වෙනිදා සිට රාත්‍රියේ වැසෙයි

Generic placeholder image

කඩුවෙල බියගම මාර්ගයේ කඬුවෙල පාලමේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කිරීමට පියවර ගන්නා බව පොලිසිය පවසනවා. ඒ අනුව ලබන 26 වනදා සිට මාර්තු මස දෙවෙනිදා දක්වා සෑම දිනකම රාත්‍රී 10 සිට අලුයම 5 දක්වා මාර්ගය වසා තැබෙන බව සඳහන්. ඒ අනුව විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විකල්ප මාර්ගයක් […]


Feb
22

ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කාන්තාවන් වෙනුවෙන්ම දුම්රිය ක්ෂේත්‍රයේ වෙනසක්

Generic placeholder image

මාර්තු 8 වනදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කාන්තාවන් සදහා වෙනම දුම්රිය මැදිරි වෙන් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. එහි පළමු අදියර යටතේ කාර්යාලීය දුම්රිය 6 ක කාන්තා මැදිරි වෙන් කරන බවයි දුම්රිය සාමාන්‍යාකාරී ඉංජිනේරු ඩිලන්ත ප‍්‍රනාන්දු මාධ්‍යය වෙත කියා සිටියේ. ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ දුම්රිය දෙකක, ප‍්‍රධාන මාර්ගයේ දුම්රියක තුනක සහ පුත්තලම මාර්ගයේ […]


Feb
22

වට්සැප් වල අලුත්ම ටිප්ස් ටිකක් මෙන්න

Generic placeholder image

රථමයෙන් playstore එක සඳහා නොමිලේ ලබා දෙන ලදුව අනතුරුව android සඳහා ද මසකට රුපියල් සියයක පමණ ගාස්තුවක් යටතේ පැවැත්වුණු Whatsapp දැන් ඕනෑම කෙනෙක්ට නොමිලේ පාවිච්චි කළ හැකි ආකාරයට සකසනු ලැබුවා. චැට් කිරීමේ ඇප් අතර ඇති තරගකාරීත්වය නිසාම එය විවිධාකාරයට වෙනස් වූ අතර අවසානයේ දකින්නට ලැබුණු වෙනස Snapchatවල ආකාරයට status දැමිය හැකි විශේෂාංගයක් එකතුවීම යි.ඒ අනුව […]


Feb
22

අපේ හඬින් විධාන පිළිපඳින ස්මාර්ට් සහකරුවෙක් ලඟදීම..!

Generic placeholder image

පෘථිවිය මත පරිණාමය ඔස්සේ ඉහළම බුද්ධි මට්ටමක් ඇති සත්ත්වයා බවට පත්වූ මිනිසා, එතැනින් නොනැවතී තවත් බුද්ධිමත් ජීවීන් නිර්මාණය කිරීමට පවා පෙළැඹී සිටිනවා. කාබනික පදනමක් සහිත මිනිසුන් අතින් නිර්මාණය වන සිලිකන් පදනම් වූ බුද්ධිමත් ජීවීන් හෙවත් බුද්ධිමත් රොබෝවන් සහ බුද්ධිමත් පරිගණක පිළිබඳව ගැණිය නොහැකි තරම් විද්‍යා ප්‍රබන්ධ ඔස්සේ සාකච්ඡා වීම අහඹුවක් නොවේ. තමන්ගේ ජීවිතය වඩාත් පහසු […]


Feb
22

ලංකාවේ නම ලෝකෙම බබලවන සුසානා ද සිල්වා

Generic placeholder image

පසුගියදා පැවති Samsung Galaxy s10 දුරකථනය එළිදැක්වීමේ introductory keynote එක සිදුකළේ මැයයි. ඇය එම Samsung Electronics, USA හි අලෙවිකරණ අංශයේ අධ්‍යක්ෂකවරියක් වෙනවා. Canadian Marketing Association හි අලෙවිකරණය පිළිබඳ හැදෑරු මැය පසුකාලීනව Ryerson විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණ කලමණාකරණ පද්ධති පිළිබඳ අධ්‍යයනකර එහි උපාධිය හදාරා අවසන් වනවා. පසුගිය වසරේ ඇය සිය MSc. උපාධිය Predictive Analysis විෂයෙන් හමාර කරනුයේ එරට […]


Feb
22

ICCය වගකීම භාරගත යුතුයි – රන්ජන්

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයෙන් ජයග්‍රහණය කළ කණ්ඩායම පිළිබඳව වගකීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය භාරගත යුතු බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිසුදු කිරීම සඳහා ඇති විසඳුම හිටපු  ශ්‍රී ලංකා ටෙස්ට් නායක රොෂාන් මහානාම යටතේ පත්කරන ක්‍රිකට් අතුරපාලක කමිටුවක් වුවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය එයට ඉඩ නොඳුන් බවත් ඔහු පවසයි.


Feb
22

කෝටි හතක මත්ද්‍රව්‍ය අත්අඩංගුවට

Generic placeholder image

මිගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අද (22දා) අළුයම කෝටි හතක් පමණ වෙළද පොළ වටිනාකමක් ඇති බව කියන හෙරොයින් සහ ඈශ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 8.679 සමග පෝරුතොට ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ පිළිබඳව විමර්ශන සිදුවෙමින් පවතින බව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.


Feb
22

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ බර වැඩිවෙලාද..? විදුලි සෝපාන සිද්දිය ගැන ඇමති හර්ෂගෙන් පණිවුඩයක්

Generic placeholder image

පසුගිය දවස් වල පාර්ලිමේන්තුවේ වඩාත්ම කතාබහට ලක්වූ මාතෘකාවක් වූයේ විදුලි සෝපානය තුළ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු සිරවීමේ පුවතයි.මේ නිසා ඔවුන් ඒ සම්බන්ධයෙන් කතානායකවරයාට පැමිණිලි කලා වගේම මේවනවිට තීරණය වී තිබෙන්නේ රුපියල් මිලියන 100ක වියදමින් නව විදුලි සෝපාන 10ක් සවි කිරීමටයි.කෙසේවෙතත් මෙවැනි තීරණයක් ගෙන තිබෙන අවස්ථාවකදී අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා සිය ට්විටර් ගිණුම මගින් පාර්ලිමේන්තුවේ විදුලිසෝපාන […]


Feb
22

මෛත්‍රී-මහින්ද අතර අද විශේෂ හමුවක්

Generic placeholder image

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අද පැවැත්වීමට සූදානම් බවට වාර්තාවෙනවා.ඉදරි මැතිවරණ සඳහා තරඟ කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සන්ධාන ගත විම සම්බන්ධයෙන් එම සාකච්ඡාව පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් මීට පෙර විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් […]


Feb
22

කවුද දින්නේ කවුද පැරදුනේ කියන එක මට වැදගත් නෑ සංගා මහේල යෝජනා මම ඉදිරියට ගෙනියනවා

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයෙන් පත්වූ කණ්ඩායම සමග වැඩකිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව කරන විමර්ශන ඒ ආකාරයෙන්ම කරගෙන යන බවත් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ ඊයේ දවසේ මාධ්‍ය හමුවකට එක්වෙමින්, “ කවුද දින්නේ කවුද පැරදුනේ කියන එක මට වැදගත් නෑ. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ව්‍යවස්ථාව වෙනස්විය යුතුයි.සංගා මහේල සමග කටයුතු […]


Feb
22

ලසිත්ට සති 6ක් ක්‍රිකට් ගහන්න බැහැ

Generic placeholder image

දකුණු අප්‍රිකාව හා පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී උඩපන්දුවක් ලබාගැනීමට උත්සාහ කිරීමක් හේතුවෙන් ආබාධයකට ලක්වූ දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිට ඒම තරගය අහිමි වී තිබෙනවා.සිය හයවැනි පන්දුවාරය යොමුකරමින් සිටින විට රබාඩා ලබාදුන් උඩපන්දුවක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී ඔහු මෙම ආබාධයට මුහුණ දුන්නා. වම්අතේ මාපටගිල්ලේ අස්ථි බිඳීමකට ලක්ව ඇති ලසිත්ව ශල්‍ය කර්මයකට භාජනය කිරීමට […]


News Articles
Latest Videos
Most Popular Post