රජය විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට ගත් තීරණය අනුමත නොකරන බව ශ්‍රී ලංකා කතෝලිත රදගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. බරපතල අපරාධ සඳහා සීමිත අවස්ථාවලදී මරණ දඬුවම ක්‍රියාත්මක කළ හැකිවුවත් ඕනෑම වරදකරුවෙකුට තම ජීවිතය වෙනස් කර ගනිමින් යහමාර්ගට පැමිණිය හැකි බවත් එම නිවේදනයේ දැක්වෙයි. මරණීය දණ්ඩණය කිසිම කරුණක් නිසාවත් පිළිගත නොහැකි බවත් එය මානව ගරුත්වයට හා […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය නිමා කරන විට ලකුණු 304ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු තුනකට ලකුණු 83ක් රැස්කරගෙන සිටියි. ඒ අනුව තරගයේ ජයග්‍රහණය සඳහා තවත් කඩුලු 7කදී ශ්‍රී ලංකාව ලකුණු 221ක් රැස්කළ යුතු වෙයි. කුසල් ජනිත් (28) හා ඕෂධ ප්‍රනාන්දු (12) නොදැවී පිටියේ රැඳී […]
ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්රය නියාමනය කිරීම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය පනත ඉක්මනින්ම ගෙන එන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ඊයේ (14දා) යාපනයේ පැවැති උත්සවකදී ඔහු මේ බව සඳහන් කළේය. පසුගිය වසරේදී පළාත් කිහිපකයට බලපෑ නියං තත්ත්වය හේතුවෙන් විපතට පත් දිස්ත්‍රික්වල කාන්තාවන් ලබාගෙන තිබූ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා දැමීමට අදාළව යාපනයේ පැවැති උත්සවය අමතමින් […]
1989 භීෂණ සමයේ රජයේ ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව අතුරුදන්ව ඇතැයි පැවසෙන ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර නිසි අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඔහුගේ බිරිඳ විසින් ගොනු කළ හබයාස් කෝපුස් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (15) නියෝග කරන ලදී. මෙම සිද්ධිය සිදු වී වසර 30ට ආසන්න […]
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් පුද්ගලයෙක් වන යාපනයේ අරූන් මෛත්රීයන් සිද්ධාර්තන් අතර හමුවක් පවතවා තිබේ. එහි ඡායාරූපයක් මේ වන විට සමාජ ජාල ඔස්සේ හුවමාරු වෙමින් තිබේ. මේ පිළිබඳව සිය අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දමිළ තරුණයන් සමග අවසානයේදි හෝ සම්බන්ධ වීමට […]
කොකේන් මත්ද්‍රව්‍ය පානය කරන අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශ අගය කරන බවත් ඔවුන්ට උපරිම දඬුවම් දිය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පැවැසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. “කොකේන් බොන දේශපාලකයින් ඉන්නවා. ක්‍රීඩකයින් ඉන්නවා. කැබිනට් ඇමැතිවරු ඉන්න බව රංජන් රාමනායක මන්ත්‍රීවරයා ප්‍රකාශ කළා. ඇමැතිවරුන් […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ විනිසුරන් ලෙස කටයුුතු කරන අලීම් ඩාර් හා රිචඩ් කෙටල්බ්‍රෝ ලබාදුන් තීරණ පිළිබඳව බොහෝ ගැටලු මතුව තිබෙනවා. එවන් තත්ත්වයක් තුළ තෙවැනි දිනයේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය පන්දු යවමින් සිටින විට සුළං නිසා ඔහු පන්දු යවමින් සිටි අන්තයේ විකට් […]
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය පිළිබඳව චරිතාපදානයක් ඉන්දීය රූප ප්‍රකාශකයන් විසින් ඉදිරිපත් කර තිබෙනවා. ඉන්දීය පුවත්පත් කිහිපයක ක්‍රිකට් ලේඛකයෙක් ලෙස මෙන්ම වර්තමානයේ ක්‍රිකට් විස්තර විචාරකයෙක් ලෙස කටයුතු කළ චන්ද්‍රේස් නාරායන් විසින් මෙම ග්‍රන්ථය පළ කර තිබෙනවා.
අපාරාධ රැසකට සම්බන්ධ පතාල කල්ලි නායක මාකධූරේ මධූෂ් පසුගියදා ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය. ඒ එරට සුපිරි හෝටලයක සාදයක් පවත්වමින් සිටින අතරතුරය. මේ අතර මධූෂ් ඔහුගේ පියාගේ අභාවයට තුන්මසක් පිරීම නිමිත්තෙන් ගමේ පන්සල වන ශ්‍රී මණ්ඩළාරාම කිරින්ද පුහුල්වැල්ල විරාස්ථානයට කෝටි 6ක් වටිනා ගොඩනැගිල්ලක් සාදා පූජා කොට තිබෙන බව වාර්තාවෙනවා. කඹුරුපිටිය ප්‍රදේශයේ විසූ සමරසිංහ ආරච්චිලාගේ ලක්ෂ්මන් […]
ක්‍රිකට් ක්‍රීඩකයන්ට හා ක්‍රීඩා සමාජ වලට ඔවුන්ට අවැසි ලෙස කටයුතු කරගෙන යාම සඳහා ඉඩ ලබාදිය යුතු බව හිටපු ක්‍රීඩා ඇමතිවරයෙකු වන එස්බි දිසානායක මහතා ප්‍රකාශ කරනවා. ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව සඳහන් කළේය. ‘‘මේ ඕන නැති ඒවා තමුන්ගේ ඇඟේ දාගන්නේ ඇමැතිවරු.ක්‍රිකට් කිව්වම මේ අයට තියෙන්නේ පුදුම කිරිපණුගායක්නේ. අපේ පැත්තෙන් ක්‍රීඩා ඇමැති ධුරවලට […]
තමන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මිනිසුන් දකින චිත්‍රයක් ඇති බවත් එයින් කොටස් ඉවත් කළ හොත් මිනිසුන් අපේක්ෂා කරන ගෝඨාභය රාජපක්ෂ කෙනෙක් බිහි නොවන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා. තරුණ ව්‍යවසායකන් හා වෘත්තීයවේදීන්ගේ හමුවක් අතරතුළදී ඔහු මේ බව සඳහන් කළා. “හුගක් අය හිතනවා විනයක් රටට ගේන කොට. විනයක් ඇතිව රටක වැඩ කරන විට. […]
කුමන තත්ත්වයක් යටතේ වුවත් මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව යුරෝපා සංගමය නැවත අවධාරණය කරනවා. ඒ අනුව මරණ දඩුවම කි‍්‍රයාත්මක නොකර සිටීමට මීට පෙර ගනු ලැබූ තීන්දුව මත තවදුරටත් පිහිටා සිටින්නැයි ශී‍්‍ර ලංකාවෙන් ඉල්ලා සිටින බව ඔවුන් පවසනවා. යුරෝපා සංගමය සහ ශී‍්‍ර ලංකා නියෝජිතයන් අතර ඊයේ (14) පැවති සාකච්ඡාකින් පසු මෙම අදහස් […]