නව කථානායකවරයෙකු පත්කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ඇතුලු එක්සත් ජනතා නිදහස් සන්ධානය සැලසුම් කරගෙන යන බවට වාර්තා වෙනවා. ලබන 14 වැනිදා පාර්ලිමේන්තුව කැඳවු පසුව මන්ත්‍රිවරුන් 113කගේ සහය මෛත්‍රිපාල-මහින්ද නව රජයට ලැබී තිබුණහොත් යෝජනාවක් ගෙනවිත් කරු ජයසූරිය කථානායකධූරයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇතැයිද වාර්තා වෙනවා. එමෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ සිටින ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කථානායක ධුරය […]
එජාප නායක රනිල් වික්‍රමසිංහ අගමැතිධූරයෙන් ඉවත් කිරීමෙන් පසු අරලිය ගහ මැදුරට එක්වූ එජාප පාක්ෂිකයන් මේ වනවිට අරලිය ගහ මැදුර ආරක්ෂා කරමින් සිටිනවා. එලෙසට අරලිය ගහ මැදුරේ රැය ගත කරන එජාප ආධාරකරුවන් ගීත ගයමින් විනෝද වෙමින් රාත්‍රිය ගත කරන බවයි අපිට ආරංචි උනේ. හිටපු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සිය පාක්ෂිකයන් සමග එලෙස ගීත ගයමින් විනෝද […]
එංගලනත් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පල්ලෙකැලේ පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය සැලසුම් කළ ආකාරයටම පල්ලෙකැලේ පිටියේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කලා.ක්‍රීඩකයන්ගේ හා තරග නිලධාරීන්ගේ නවාතැන් පහසුකම් සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් එම තරගය කොළඹට ගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන බවට පසුගිය කාලයේ බොහෝදෙනා චෝදනා කලා. කොහොම උනත් ක්‍රීඩා අමාත්‍ය […]
ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති සහ අධ්යක්ෂ ජෙනරාල් තනතුරට මනුල චමල් පෙරේරා පත්කර තිබෙනවා. මෙම පත්කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයට තරඟය නිම කරන විට එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලූ 08 ක් දැවී ලකුණු 321 ක් ලබා සිටියා තරඟය පැවත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහර දෙන ඛෙන් ෆෝක්ස් ලකුණු 87ක් ද ජැක් ලීච් ලකුණු 14ක්ද රැස්කරගෙන සිටියා පන්දු යැවීමේදී […]
සියලූ අමාත්‍යාංශ ලේකම්වරුන් හා ආයතන ප්‍රධානීන් වෙත පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජිත් මද්දුම බණ්ඩාර ලිපියක් යොමු කර තිබෙනවා. ඒ, රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ ඇමතිවරයා ලෙස දක්වමින්.කතානායකවරයා නව අගමැතිට හිමි බහුතරය පෙන්වන තුරු පෙර පැවැති තමන්ගේ රජය පිළිගන්නා බවට ප්‍රකාශයක් නිකුත් කර ඇති බැවින් නව පාර්ශවය රජයේ සේවකයන්ට නිකුත් කරන නියෝග නීති විරෝධී හා […]
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය හා ද්‍රවිඩ ප්රජාතන්ත්රවාදී සන්ධානය එක්සත් ජතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කළ බව එම පක්ෂය පවසයි. එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ ඔවුන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්විමට තීරණය කළ බව යළිත් තහවුරු කළ බවයි. එමෙන්ම පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් කැඳවන ලෙසට ඔවුන්ගේ […]
කථානායකවරයාගේ නිවේදනය අනුව තමන් තවමත් අමාත්‍යවරුන් බව පවසන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අද (06දා) පොලිස් මූලස්ථානයට යෑමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දයා ගමගේ, නලීන් බණ්ඩාර හා පාලිත තේවරප්පෙරුම යන මන්ත්‍රීවරුන් මෙසේ පොලිස් මූලස්ථානයට යෑමට නියමිතය. සිය ආරක්ෂාවට යොදවා සිටි ආරක්ෂක සාමාජිකයන්ගේ සංඛ්‍යාව අඩු කිරීම පිළිබඳව පොලිස්පතිවරයාගෙන් විමසීමට ඔවුන් තීරණය කර තිබෙනවා. දයා ගමගේ […]
ශ්‍රී ලංකාවේ මතුව තිබෙන දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා පාර්ලිමේන්තුව හැකි ඉක්මනින් මුණ ගැසෙනු ඇතැයි තම බලාලොරොතුව බව පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සඳහන් කරනවා. ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය පිළිබඳව පොදු රාජ්‍ය මණ්ඩලයීය මහ ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනු ලැබුවා. එසේම නොවැම්බර් 14 දා පාර්ලිමේන්තුව කැඳවීමට […]
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව හොඳින්ම දන්නා පුද්ගලයා වශයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජීවිතයට අනතුරක් ඇති බව ජනපතිවරයා හොඳින්ම දන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසනවා. අද අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමෙන් අනතුරුව ජනපතිවරයාගේ ආරක්ෂාව තහවුරු […]
ජනාධිපතිගේ ආරාධනාවකට අනුව සාකච්ඡාවක් සඳහා ජනාධිපති කාර්යාලයට ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද (05) පැවැති මාධ්‍ය හමුවකදී පවසා තිබෙනවා. වත්මන් තීරණය ගැනීමට ඉවහල් වූ හේතු ගැන එහිදී ජනාධිපතිවරයා දීර්ඝ ලෙස විස්තර කළ බව කී රජිත සේනාරත්න මහතා ඒ හේතු අසා සිටි තමා ජනපතිට ප්‍රතිඋත්තර ලබාදුන් බවද කියා තිබෙනවා. ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවේදී තමා සාක්ෂියක් […]
මනුෂ නානායක්කාර මහතා ඉල්ලා අස් වන බවට වූ ලිපිය මාධ්‍යට නිකුත් වී තිබෙනවා. මනුෂ නානායක්කාර, පනාගමුව, වංචාවල, ගාල්ල. 2018-11-06 අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ජනාධිපති ලේකම් කාර්යාලය, කොළඹ. අතිගරු ජනාධිපතිතුමනි, නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමයි ඔබතුමන් විසින් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්රාමාත්යධූරයට පත් කිරීමෙන් සහ පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසුව රට තුළ උද්ගතවූ දේශපාලන අස්ථාවරත්වය […]