බස්නාහිර පළාතේ පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කරගැනීමේ නිර්ණායක පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිසි පැහැදිළි කිරීමක් අපේක්ෂා කරන බව පළාත් අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ පවසනවා. පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කරගැනීමේ ජාතික චක්‍රලේඛයේද ගැටළු පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ. බස්නාහිර පළාත් සභාව ඒ සඳහා ඉදිරිපත් කළ නිර්ණායක නීතිපති දෙපාර්තමේන්තුව විසින් පිළිගෙන නැහැ. එහෙත් නව ක්‍රමවේදයක් යටතේ බස්නාහිර පළාතේ […]
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කරන බව දක්වමින් අරලිය ගහ මන්දිරයට රැස් වූ සියලූ පාරිලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දිවුරුම් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා. මෙයට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහාතාට සහය පළකිරීමට සිටින බවට පළ වන වාර්තා නිසා. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානයක මහතා සියතට ප්‍රකාශ කළේ එජාපයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් […]
වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලීමක් කරන ලෙසට කථානායකවරයාගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුව කල් තැබීම නීති විරෝධී බවයි. මේ අතර ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනඒමට බලාපොරොත්තු වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය.
වත්මන් රජයෙන් තමන්ට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාගන්නා ලෙසට ආරාධනාවක් ලැබුණහොත් තමන් එම අමාත්‍ය ධුරය භාර ගන්නා බව ලංකා කම්කරු කොංග්‍රසයේ නායක හා නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගන් තොණ්ඩමන් මහතා පැවසිය. ආරුමුගන් තොණ්ඩමන් මහතා ඒ බව පැවසුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ලංකා කම්කරු කොංග්‍රසයේ සහයෝගය ලබා දිමට කැමැත්ත ප්‍රකාශ කිරිමත් සමඟ හැටන් නගරයේදි තොන්ඩමන් මහතාව අද […]
නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේදි මහනුවර දළදා මාළිගාව වැඳ පුදාගත්තා. එමෙන්ම අද (28) දිනයේදි එතුමා අස්ගිරි මල්වතු මහානාහිමිවරුන්ගෙන්ද ආශිර්වාද ලබාගත්තා. එම වීඩියෝව පහතින් https://www.youtube.com/watch?v=j0IgSteYjls&feature=youtu.be
ගෝඨාභය රාජපක්ෂ මහතා නව රජයේ ආරක්ෂක ලේකම් ධූරය සදහා පත්කොට ඇතැයි මේ වනවිට විවිධ සමාජ මාධ්‍ය ජාල හා වෙබ් ජාලා හරහා පැතිරී යන ප්‍රවෘත්තිය සාවද්‍ය බව මේ වන විට නිල වශයෙන් ප්‍රකාශකර තිබෙනවා. කෙසේ වෙතත් නව ආණ්ඩුවක් යටතේ තමන් රජයේ පරිපාලන වගකීමක් භාරනොගන්නා බවත් පූර්වකාලීනව අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නව සංවර්ධන වැඩපිළිවෙළට දායකත්වය ලබාදීම සදහා […]
නව අගමැති , හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද මහනුවර දළඳා මාලිගාව වැඳපුදා ගත්තා. ඒ අවස්ථාවට මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියත් , මැති ඇමතිවරුන්ද සහභාගී වී තිබෙනවා. අති විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටි අතර නව අග්‍රාමාත්‍යවරයා දැකීමෙන් මහනුවර ප්‍රදේශයේ ජනතාව ඉතාමත් සංවේදීව හැසිරීමද විශේෂත්වයක්. මීට අදාල වීඩියෝ පටය පහතින් දැක […]
හිටපු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා මේ වන විට කෙන්යාවේ විශේෂ සංචාරයක නිරතව සිටිනවා. ඒ අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින් සහ ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර සිටින්නේ ඔහුගේ කලකිරීම ප්‍රකාශ කරත් තීරණයක් ගනු ලබන්නේ ලංකාවට පැමිණි පසු පොළොන්නරු ජනතාව හමු වී ඔවුන් සමග සාකච්ඡා කර බවයි.
අගමැතිවරයා කවුරුන්ද යන්න තීරණය කීරීමට අදාලව ලබන 16 වනදා පාරිලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීම සදහා මේ වනවිට මහින්ද , රනිල් පාර්ශව දෙක අතර පවතින්නේ සීතල යුද්ධයක්.එවැනි වාතාවරණයක් තුලදී ඉදිරියේදීත් රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ UNP ය සමගින්ම කටයුතු කරන බවට සහතික වෙමින් මේ වනවිට එකසත් ජාතික පක්ෂ මන්ත්‍රී මණ්ඩලය අරලියගහ මන්දිර පරිශ්‍රයේදී දිවුරුම් ප්‍රකාශයකට අත්සන් තබමින් […]
පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබන 16 වනදා පෙන්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා ප්‍රකාශ කලා. කෙසේ වෙතත් මේ පිලිබදව සාකච්ඡා වට කිහිපයක් අද දිනයේදී පවත්වන බවටද වාර්තා වී තිබෙනවා. පවතින තත්වය යටතේ මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා ගැනීමේ ක්‍රියාවලියේදී ලංකා කම්කරු කොංග්‍රසය සහ EPDP පක්ෂය නව අගමැති මහින්දට රාජපක්ෂ මහතාට සහය ලබා […]
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන ලෙස යුරෝපා සංගමය ඇතුළු තවත් රටවල් කිහිපයක් දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කර තිබෙනවා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ගැටුම් වළක්වාලමින් ආයතනික ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සහ මාධ්‍ය නිදහස තහවුරු කරමින් කටයුතු කළ යුතු බවයි. යුරෝපා සංගමය, ප්‍රංශය, ජර්මනිය,ඉතාලිය, නෙදර්ලන්තය, රොමේනියාව සහ බි්රතාන්යය මහකොමසාරිස්වරුන් විසින් එම ඒකාබද්ධ නිවේදනය යොමුකර තිබෙනවා. පවතින […]