News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
27

අන්සතු ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිතා කරමින් භාණ්ඩ මිලදී ගත් පේරාදෙණියේ ගුරුවරියක් අත්අඩංගුවට

Generic placeholder image

අන්සතු ක්‍රෙඩිට් කාඩ්පතක් භාවිතා කරමින් රුපියල් 10,000 ක භාණ්ඩ මිලදී ගත් සහකාර විදුහල්පති ශ්‍රේණිය සමත් ගුරුවරියක් අත්අඩංගුවට ගෙන ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා. ඒ මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඉන්දික අත්තනායක මහතා ලබාදුන් නියෝගයට අනුවයි. අදාළ සැකකාර ගුරුවරිය සිසිටීවී දර්ශන උපයෝගී කරගෙන පේරාදෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිය […]


Jun
27

පොසොන් පොහොයට සමගාමීව දිවයින පුරා දන්සල් පරීක්ෂා කෙරේ

Generic placeholder image

පොසොන් පොහොයට සමගාමීව දිවයින පුරා සංවිධානය කර ඇති දන්සල් පරීක්ෂාව මේ වනවිට ආරම්භ කර ඇති බව ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ දන්සැල් පරික්ෂාව සඳහා විශේෂ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 1 800 දෙනෙකු යොදා ඇති බවයි. අපිිරිසිදු සහ පරිභෝජනයට නුසුදුසු ලෙස පිළියෙල කළ ආහාර ලබාදෙන දන්සැල් හිමියන්ට එරෙහිව […]


Jun
27

නීති විරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ වල්ලපට්ටා තොගයක් කටුනායකදී අත්අඩංගුවට

Generic placeholder image

වල්ලපට්ටා තොගයක් නීති විරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ගුවන් මගියෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපළේදීයි. අත්අඩංගුවට ගත් සැකකරු රත්නපුර, කුරුවිට ප‍්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු අද උදෑසන ඩුබායි බලා පිටත්ව යෑම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති අතර සැකකටයුතු හැසිරීම හේතුවෙන් ඔහුව පරීක්ෂාවට ලක් […]


Jun
27

අධිවේගී මාර්ගවල වාහන ඇතුළු කිරීමට පෙර දැඩි පරික්ෂාවට ලක් කෙරේ.

Generic placeholder image

අධිවේගී මාර්ගවල වාහන ඇතුළු කිරීමට පෙර ඒවා දැඩි පරීක්ෂාවට ලක් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. අධිවේගී මාර්ගයේ සිදුවන රිය අනතුරු හා වාහන කාර්මික දෝෂවලට ලක්වීම ඉහළ යාම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි පොලිසිය සදහන් කළේ. මේ සඳහා අධිවේගී මාර්ග පිවිසුම් දොරටු ආශ‍්‍රිතව අතිරේක පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන තිබෙනවා. වාහනවල තිරිංග සහ සුක්කානම හොඳින් […]


Jun
27

වැඩ වර්ජනය හේතුවෙන් ගොඩ ගැසුණු ලිපි බෙදා හැරීම අද මධ්‍යම රාති‍්‍රයේ සිට

Generic placeholder image

වැඩ වර්ජනය හේතුවෙන් ගොඩ ගැසුණු ලිපි බෙදා හැරීම අද මධ්‍යම රාති‍්‍රයේ සිට ආරම්භ කරන බව තැපැල් වෘත්තීය සමිති පවසනවා. තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සියත ප‍්‍රවෘත්ති වෙත පැවසුවේ, සියලූ තැපැල් සේවකයින් අද මධ්‍යම රාති‍්‍රයේ සිට තැපැල් රාජකාරී සදහා එක්වන බවයි. තැපැල් අමාත්‍යවරයා හා තැපැල් බලධාරීන් සමග ඊයේ පැවැති සාකච්ඡුාවලින් පසුව ඇති කර […]


Jun
26

තැපැල් වර්ජනය තාවකාලිකව අවසන් කෙරේ.

Generic placeholder image

දින 16 ක් පුරාවට ක‍්‍රියාත්මක කල තැපැල් වර්ජනය තාවකාලිකව අවසන් කර තිබෙනවා. තැපැල් වෘත්තී සමිති පෙරමුණ සදහන් කලේ බලධාරීන් සමග මීට සුලූ මොහොතකට පෙර සිදු කල සාකච්ඡුාවෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි. කෙසේවුවත් තම ඉල්ලීම් දිනා ගැනීම සදහා තවදුරටත් පෙනී සිටින බවද එම වෘත්තීය සමිති සදහන් කලා. SIYATHA FM EVENING NEWS | 06:30 PM | Editor […]


Jun
26

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අග‍්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම සඳහා 16 දෙනාගේ කණ්ඩායමෙන් සාකච්ඡාවක්

Generic placeholder image

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අග‍්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම සදහා ඉදිරියේදී ගත යුතු ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ සමග සාකච්ඡා කල බව ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම පවසනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි මහතා මේ බව ප‍්‍රකාශ කලේ අද ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාව හමුවීමෙන් පසු සියත ප‍්‍රවෘත්තී වෙත අදහස් දක්වමින්. මේ අතර […]


Jun
26

බත්තරමුල්ල මංසන්ධියේ ත‍්‍රීරෝධ රථයක ගින්නක්

Generic placeholder image

බත්තරමුල්ල මංසන්ධියේ ත‍්‍රීරෝධ රථයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් මේ වන විට බත්තරමුල්ල නගරයේ රථවාහන තදබදයක් ඇතිව තිබෙනවා. බත්තරමුල්ල සිට රාජගිරිය බලා ගමන් කරන මං තීරුවේ මෙම ත‍්‍රීරෝධ රථය ගිනිගෙන ඇති අතර මේ වන විට ප‍්‍රදේශ වාසීන් හා පොලීසිය ගින්න මැඩ පැවැත්වීමට පියවර ගනිමින් සිටින බවයි සියත වාර්තාකරු සදහන් කලේ. පවතින දැඩි රථවාහන තදබදය හේතුවෙන් බත්තරමුල්ල […]


Jun
26

හලාවත ප‍්‍රධාන ශිෂ්‍ය නායකයා ඝාතනය කළ සිසුන් තුන්දෙනා රජයේ ළමා නිවාසයකට

Generic placeholder image

හලාවත සවරාන මුස්ලිම් විදුහලේ ප‍්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස කටයුතු කළ සිසුවාට පහරදී ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ සිසුන් තුන්දෙනා ලබන මස 03 වනදා දක්වා රජයේ ළමා නිවාසයක රදවන ලෙස අද නියෝග කෙරුණා. ඒ සිද්ධියට අදාළ නඩුව අද හලාවත දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදීයි. අදාළ සිසුන් තුන්දෙනා මීට පෙර […]


Jun
26

රක්නා ලංකා ආරක්ෂක සමාගමේ නඩුව ජුලි මස 25 වනදා දක්වා කල් දැමෙයි

Generic placeholder image

ඇවන්ගාඞ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු යන අයට එරෙහි නඩු විභාගය ජුලි මස 25 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා. ඒ එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි. එහිදී විත්තිකාර විශ‍්‍රාමික මේජර් ජෙනරාල් පාලිත […]


Jun
26

කොළඹ සිට දකුණට ලංගමෙන් අතිරේක බස් රථ සේවා – ලංගමට පහර දුන් අයෙක් අත්අඩංගුවට

Generic placeholder image

ගාල්ල කොළඹ සහ මාතර කොළඹ පෞද්ගලික බස් රථ වර්ජනය හේතුවෙන් මගීන්ට සිදුව ඇති අපහසුතාවයන් අවම කිරීම සදහා අතිරේක ලංගම බස් රථ යොදවා ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා එහි මෙහෙයුම් අධිකාරි සරත් වල්ගම්පාය මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ වෙනත් ප‍්‍රදේශ වල බස් රථ එම මාර්ගය සදහා යොදවා ඇති බවයි වර්ජනය අතරතුර එම ගමන් මාර්ගයේ […]


Jun
26

නීති විරෝධීව ගංජා ලග තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනකු වැල්ලවායේදී අත්අඩංගුවට

Generic placeholder image

නීති විරෝධීව ගංජා ලග තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනකු වැල්ලවාය කුඩාඔය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කුඩාඔය පොලිසිය වෙත ලද තොරතුරක් මත සිදු කල වැටලීමකදී. පොලීසිය පැවසුවේ එම වැටලීම සදහා ලෑන්ඩ වර්ගයේ පොලිස් සුනඛයාගේ සහය ද ලබා ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවාය කුඩාඔය ප‍්‍රදේශයේ පදිංචි 50 සහ 60 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙක්. ඔවුන් […]


News Articles
Latest Videos
Most Popular Post