අධික වර්ෂාවත් සමඟ අත්තනගලු ඔයේ ජල මට්ටම වැඩි වි ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජල කළමණාකරණ ඒකකයේ අධ්‍යක්ෂිකා මාලා අලවතුගොඩ මහත්මිය පැවසුවේ, ඊයේ රාත්‍රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ එහි ජල මට්ටම ඉහල ගොස් ඇති බවයි. සෙසු ගංගා වල ජල මට්ටම් පහළ ගොස් තිබෙනවා. නමුත් කලූ හා ගිං ගංගා වල ඇතැම් ප්‍රදේශ සුලූ […]
ලබන 04 වනදා දක්වා දකුණු පළාතේ සියලුම උපකාරක පංති හා දහම් පාසල් නොපවත්වන ලෙස දැනුම් දී තිබෙනවා. පළාතේ පැතිර යන වෛරස් උණ රෝගී තත්වය හේතුවෙන් මෙම ඉල්ලීම සිදු කළ බවයි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්ර මහතා සඳහන් කලේ. අදාළ වෛරස් උණ රෝගී තත්වයෙන් හම්බන්තොට ප්‍රදේශයට වැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. එම දිස්ත්රිකකයෙන් වාර්තා වන […]
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් කඩුවෙල බියගම යා කරන කඩුවෙල පාලම අද රාත්‍රී 8 සිට පැය කිහිපයක් වසා තැබීමට තීරණය කර තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ ඒ අනුව හෙට පෙරවරු 6 දක්වා එම පාලම වසා තැබෙන බවයි. මේ අතර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශය හරහා රථ වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ඒ අධික වැසි […]
ප්‍රදේශ රැසක ඩෙංගු රෝගය ව්‍යාප්තිය යළි ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, මේ වනවිට සතියකට ඩෙංගු රෝගීන් 200 ක් පමණ වාර්තාවන බවයි. රෝගින් වැඩි වශයෙන් වාර්තා වන්නේ බස්නාහිර, වයඹ, සබරගමුව හා නැගෙනහිර පළාත්වලින්. වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 16 […]
අධික වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසක මාර්ග ජලයෙන් යට වී තිබෙනවා. ජාඇල නගර මධ්‍යයෙන් ගලායන ඇල පිටාර ගලා ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කලේ. මේ හේතුවෙන් නගරයෙන් බටහිර දෙසට පිහිටි පහත්බිම ජලයෙන් යට වෙමින් පවතිනවා. තබ්බෝව ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම හේතුවෙන් පුත්තලම ප්‍රදේශයේ මාර්ග රැසක් ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ. කළු ගඟේ ඉහළ […]
ජල ගැලීම් හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව තිබනෙවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කලේ එම මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට ලූණුවිල දක්වා සීමා කර ඇති බවයි. මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකියි. වර්ෂාවත් සමඟ පවතින අවදාම් තත්වය හේතුවෙන් දුම්රිය අඩු වේගයකින් ධාවනය කරවීම ඊට හේතුව බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කලේ. මේ […]
හදීසි ආපදා හේතුවෙන් විපතට පත්වූවන්ට කඩිනමින් සහන සපයන ලෙස සියලූ දිස්ත්‍රික් ලේකම්වරු මගින් ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසනවා. සිදුවු හානි හා විපත් වෙනුවෙන් රජයක් ලෙස උපරිම සහන හා වන්දි ලබාදීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා සදහන් කලේ. යම් හානියක් තම නිවසට හෝ දේපළ වලට සිදුව තිබේනම් ග්‍රාම නිලධාරීවරයාට […]
කඩුවෙල – කොළඹ නව නුවර මාර්ගයේ බියගම දෙස සිට කඩුවෙලට පිවිසෙන ස්ථානයේ ඇති පාලමේ එක් මං තීරුවක් මේ වන විට විවෘත කර තිබෙනවා. පොලීසිය පැවසුවේ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැමිණ එම ස්ථානය පරීක්ෂා කිරීමෙන් පසු එම පියවර ගත් බවයි. කෙසේවෙතත් පාලම හරහා වාහන ධාවනයේදී සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙසත්, බර අධික වාහන ඒ හරහා ධාවනය […]
පස්වරු 02 න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට මිලි මීටර 150 ක් පමණ වූ තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කලේ බස්නාහිර සබරගමුව දකුණ වයඹ හා මධ්‍යම පළාත් වලට තද වැසි ඇති විය හැකි බවයි. යාපනය වව්නියාව හා මුලතිව් දිස්ත්‍රික්ක වලට මිලි මීටර 75 ඉක්මවූ වැසි ඇති විය […]
දිවයිනේ දිස්ත්‍රික්ක 14 කට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට පවුල් 18,542 කට අයත් පුද්ගලයින් 84,943 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ආපදා තත්ත්වය හේතුවෙන් වාර්තා වී ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 10 ක්. පවුල් 7, 526 කට අයත් පුද්ගලයින් 27,621 දෙනෙකු අවතැන්ව සිටිනවා. ඔවුන් ආරක්ෂිත ස්ථාන 194 ක රඳවා සිටින බවයි […]
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් මහරගම දක්වා සීමා කර තිබෙනවා. ඒ කොට්ටාවේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන්. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, දුම්රිය පීලිගත කිරීම මෙතෙක් අවසන් කර නොමැති බවයි. ඊයේ පස්වරුවේ සිදුවූ දුම්රිය පීලි පැනීමෙන් එහි මැදිරි 3ක් මාර්ගයෙන් ඉවතට ගොස් තිබෙනවා. මේ අතර තුම්මෝදර ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් හලාවත මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් ලූණුවිල […]
දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්යක්ෂ ජනරාල් ආර් එච් පේ‍්‍රමලාල් මහතා සඳහන් කලේ ඒ අනුව පලාත් රැසකට මිලිමීටර 100 ත් 150 ත් අතර වන තද වැසි අපේක්ෂා කරන බවයි. දිවයින වටා මුහුදු ප්‍රදේශ වල ඇති වන ගිගුරුම් සහිත වැසි සමඟ සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර 70ත් […]