News Line| Off Air
Generic placeholder image

Nov
13

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීම ලබන සතියේ සිට

Generic placeholder image

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙළ ලබන සතියේ සිට ආරම්භ කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේදන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මැද පෙරදිග ඇතුළු රටවල සිටින පුද්ගලයින් කාණ්ඩ වශයෙන් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි යුද හමුදාපතිවරයා කියා සිටියේ.


Nov
13

මියන්මාර් මහ මැතිවරණයෙන් එරට පාලක පක්ෂයට වැඩි ආසන ගණනක්

Generic placeholder image

මියන්මාර් මහ මැතිවරණයෙන් එරට පාලක පක්ෂය වන අවුන් සා සුකීගේ නායකත්වය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය සදහා වන ජාතික ලීගය වැඩි ආසන ගණනක් දින ගෙන ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. එරට රජයක් පිහිටුවීම සදහා පක්ෂයක් ලබා ගත යුතු අවම ආසන ගණන 322 ක් වන අතර මේ වන විට එරට පාලක පක්ෂය ආසන 346 ක් දින ගැනීමට සමත්ව […]


Nov
13

හුදකලා කර ඇති ප්‍රදේශවලට ඉදිරියේදී ගනු ලබන තීරණය පිළිබද සාකච්ඡාවක් හෙට

Generic placeholder image

මේ වන විට කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් දැනට හුදකලා කර ඇති ප්‍රදේශ එම තත්වයන් ඉවත් කිරීම පිලිබදව තීරණය කිරීම සදහා හෙට දිනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව යුධ හමුදාපතිවරයා සදහන් කරනවා.


Nov
13

විවාහ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයෙක්ට බහු විවාහ චෝදනාවක්

Generic placeholder image

විවාහ තුනක් කරගත් විවාහ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයෙක් පිලිබදව තොරතුරු වාර්තා වෙනවා. අදාල පුද්ගලයා සිය නිත්‍යානුකුල විවාහයෙන් පසු එම විවාහය දික්කසාද නොකර තවත් විවාහ දෙකක් සිදු කර ගෙන තිබෙන බව සදහන් වෙනවා. කෙසේ වෙතත් බහු විවාහ චෝදනාව යටතේ විවාහ තුනක් සිදු කර ගැනීමේ සිද්ධිය මත මෙම විවාහ රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට විරුද්ධව නීතිමය පියවර ගැනීමට ද තීරණය කර තිබෙනවා.


Nov
13

මාර්ගයේ ගමන් ගනිමින් සිටි පුද්ගලයෙක් ඇද වැටී හදිසියේ මියයයි

Generic placeholder image

පානදුර, බණ්ඩාරනායක ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගනිමින් සිටි පුද්ගලයකෙු ඇද වැටී මියගොස් තිබෙනවා. අදාළ පුද්ගලයා එම අනතුරට මුහුණ දී ඇත්තේ ඊයේ දහවල්. එම පුද්ගලයාගේ දේහය සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදු කරන ලෙස ද අදාළ අංශ වෙත උපදෙස් දී ඇතැයි වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ, පානදුර, තන්තිරිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙක්.


Nov
13

බන්ධනාගාර ගත කර සිටින මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව නොකැදවීමට තීරණයක්

Generic placeholder image

කොරෝනා වෛරසය හමුවේ බන්ධනාගාර ගත කර සිටින මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව නොකැදවීමට පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබෙනවා. කෙසේ වුවත් පාර්ලිමේන්තු ජන්ද විමසීමකදී අදාල මන්ත්‍රීවරුන් සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව පාර්ලිමේන්තුවට කැදවීමට බලාපොරොත්තු වන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Nov
13

ගුවනින් නිරීක්ෂණය වූ නිරෝධායන නීති කඩ කළ තවත් 7ක් අත්අඩංගුවට

Generic placeholder image

හුදෙකලාකර ඇති කොළඹ, මෝදර ප්‍රදේශයේ නිරෝධායන නීති කඩ කළ තවත් පුද්ගලයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, ගුවනින් නිරීක්ෂණය කිරීමේදී හසු වූ පුද්ගලයින් හත් දෙනෙකු අද උදෑසන එලෙස අත්අඩංගුවට ගත් බවයි.


Nov
13

කඩා වැටුණු බිත්තියකට යට වූ දරුවෙක් මරු දකියි

Generic placeholder image

කිළිනොච්චිය, තොණ්ඩමන්නගර් ප්‍රදේශයේ නිවසක බිත්තියක් කඩාවැටීමෙන් ඊට යට වූ අට හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් තිබෙනවා. එම දරුවා අනතුරට මුහුණ දී තිබුණේ ඊයේ දහවල් ආහාරය ගනිමින් සිටියදීයි. ප්‍රදේශවාසීන් එක්ව බිත්තියට යට වූ දරුවා මහත් පරිශ්‍රමයක් දරා පිටතට ගෙන කිළිනොච්චිය රෝහලට ඇතුළත්කර තිබුණා. පොලිසිය පැවසුවේ, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි. එලෙස මියගොස් ඇත්තේ කිළිනොච්චිය, තොණ්ඩමන්නගර් ප්‍රදේශයේ […]


Nov
13

අමෙරිකාව තුළ TikTok තහනම අත්හිටුවයි

Generic placeholder image

අමෙරිකාව තුළ තුල TikTok තහනම් කිරීමට ට්‍රම්ප් ගත් තීරණය අභියෝගයට ලක් කරමින් TikTok තහනම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි TikTok තහනම අත්හිටුවීමට පියවර ගෙන තිබෙන අතර ඒ තුලින් එරට මිලියන 100ක් පමණ වන TikTok ග්‍රාහකයින්ට එය සුබ පණිවිඩයක් බවයි වාර්තා වන්නේ.


Nov
13

රිෂාඩ් බදියුදීන් යළි රිමාන්ඩ්

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඇතුළු දෙදෙනා යළිත් ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා. ඔහු ඉදිරිපත්කර තිබූ ඇප ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය එම නියෝගය නිකුත් කළා. පසුගිය ජනාධිපතිවරණයේදී මැතිවරණ නීති කඩ කිරීම සහ රජයේ දේපළ අවභාවිතය යන චෝදනා සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් පසුගිය දා අත්අඩංගුවට ගැනුණා.


Nov
13

දියවන්නා ඔයේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර හමුවෙයි

Generic placeholder image

පසුගියදා බත්තරමුල්ල, දියවන්නා ඔයේ පොල්දූව පාලම ආසන්නයේදී දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර හමු වී තිබෙනවා. දියවන්නා ඔයෙහි අනවසරයෙන් මසුන් අල්ලමින් සිටියදී අදාළ පුද්ගලයා සහ තවත් අයෙක් යාත්‍රා කරමින් සිටි බෝට්ටුව වෙනත් යාත්‍රාවක ගැටී අනතුරට ලක් වුණේ පසුගිය 11 වැනිදායි. පොලිසිය පැවසුවේ, රජමල්වත්ත ප්‍රදේශයේ පිහිටි භාවනා ආයතනයක් අසබඩ ගං ඉවුරට ගොඩ ගසා තිබියදී එම […]


Nov
13

කොරෝනා ආසාදනය වූ තවත් පොලිස් නිලධාරීන් 53 දෙනෙක් බස්නාහිරින් සොයා ගනියි

Generic placeholder image

ගත වූ පැය 24 තුළ බස්නාහිර පළාතේ පොලිස් නිලධාරීන් 53 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇතැයි නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ, ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් නිලධාරීන් බවයි. මේ අතර වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් පවුල් 29,206ක පුද්ගලයින් 80,000ක පමණ පිරිසක් මේ වනවිට ස්වයං නිරෝධායනය […]


News Articles
Latest Videos
Most Popular Post