කොරෝනා මරණ ඉහළ යාමත් සමග ප්‍රංශය සහ ජර්මනිය යළිත් වසා දැමීමට දෙරටේ බලධාරීන් තීරණය කර තිබෙනවා. ප්‍රංශ අග්‍රාමාත්‍ය එමානුවෙල් මැක්‍රෝන් ඊයේ නිවේදනය කළේ, මාසයක කාලයක් සඳහා රට වසා දැමීමට තීරණය කළ බවයි. එම නිවේදනයෙන් පැය කිහිපයකට පසු ජර්මනියේ බලධාරීන් ද සඳුදා සිට රට මාසයක කාලයක් සඳහා වසා දැමීමට තීරණය කළ බව ප්‍රකාශ කළා. ලෝක සෞඛ්‍ය […]
කාත්තණ්කුඩි ප්‍රදේශයේ සියලු දේවස්ථාන සහ බාබර් සාප්පු අද සිට යළි දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණයකර තිබෙනවා. ඒ කොරෝනා වසංගතයේ පැතිර යාමත් සමගයි. කාත්තණ්කුඩි කොරෝනා මර්දන බලකාය පැවසුවේ, ප්‍රදේශයේ ආහාර වෙළඳසැල්වලින් ආහාර ලබා ගැනීම සඳහා පැමිණෙන ජනතාවට ආහාර සැපයෙන්නේ ද පාර්සල් ක්‍රමයට බවයි.
කොළඹ ඇතුළු පිටස්තර ප්‍රදේශවල සිට ජනතාව වතුකරයට පැමිණීමත් සමග එහි ජන ජීවිතයට ද කොරෝනා වෛරසයේ බලපෑම එල්ල වීමේ අවදානමක් මතුව ඇතැයි වතු අධිකාරීවරුන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ, මත්ස්‍ය කර්මාන්තයේ රැකියාවල නිරත වූ වතුකරයේ පිරිස් කිසිඳු පරික්ෂාවකින් තොරව මේ දිනවල විශාල වශයෙන් පැමිණෙමින් සිටින බවයි. එවැනි පසුබිමක වතුකරයේ ජනතාව දැඩි අවදානමකට මුහුණ පා ඇති බවයි වතු […]
පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලයන් 17දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී තිබෙන බව පිළියන්දල සෞඛ්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරනවා. ඒ අතර අවුරුදු 07 ක දරුවෙකුද සිටින බවයි පැවසෙන්නේ..එම දරුවාට මෙම වෛරසය ආසාදනය වී තිබෙන්නේ ඔහුගේ පියාගෙන් වන අතර පියාද කොරෝනා අසදිතයෙකු බවට මිට පෙර හදුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
විෂබීජහරණය සඳහා 27 සහ 28 යන දෙදින තුළ වසා දැමුණු පාර්ලිමේන්තුව ඊයේ යළි විවෘත කෙරුණා. ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබනෙවා. කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේ, පවතින කොරෝනා වසංගත තත්ත්වය සමග පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම සුදුසු ද, නැද්ද යන්න පිළිබඳ එහිදී තීරණය කරන බවයි.
ඊයේ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 335 දෙනෙක් වාර්තා වී තිබෙන අතර එයින් වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වුයේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ ආසාදිතයින් 237ක් ලෙසයි. දෙවනුවට ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 75 දෙනෙක්, හා මහර ප්‍රදේශයෙන් 22ක්, ද වාර්තා වුණා. මේ අනුව එම ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ නම්, කොළඹ දිස්ත්‍රික්කයෙන් – 237 කොළඹ නගරය තුළ කොරෝනා […]
විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී සිය අත්සන තැබුවා. ඒ අනුව අනුමත වූ නීති අද සිට බලාත්මක වනු ඇති. විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත දින තුනක විවාදයකින් පසු ඉකුත් 22 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වු ඡන්ද විමසීමේදී තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත වුණා.
කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමග කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් පසුගිය දා හුදෙකලා කෙරුණා. තත්ත්වය යම් දුරකට පාලනය කිරීමත් සමග එම දිස්ත්‍රික්කයේ ගම්මාන දෙකක් හැරුණු කොට සෙසු සියලු ප්‍රදේශවල සංචාරණ සීමා ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව තවමත් හුදෙකලා ගම්මාන ලෙස නම්කර ඇත්තේ මතුගම සහ බදුගම යන ගම්මාන වන අතර එහි සංචරණ සීමා එලෙසින්ම පවතින […]
අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටි මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිසුවියකට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. එම සිසුවිය ඇතුළු ඇයගේ පවුලේ පිරිස නිරෝධායනය සදහා ත්‍රිකුණාමල මංකිබ්‍රිජ් හමුදා කඳවුරේ රදවා සිට ඇති අතර ඒ හේතුවෙන් මෙම උසස් පෙළ විභාගය සදහා ඇය ත්‍රිකුණාමල සුමේධංකරපුර විද්‍යාලයේ තාවකාලික විභාග මධ්‍යස්ථානයක විභාගයට පෙනී සිටියා. එහිදී ඇයටද කොරෝනා වෛරසය ආසාදනය […]
කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේ මේ දක්වා වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන හමු වුණා. ඒ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 237ක් ලෙසයි. එයිනුත් කොළඹ නගරයෙන් පමණක් ආසාදිතයින් 161ක් වාර්තා වුණා. මේ අනුව එම කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් හමු වූ ප්‍රදේශ මෙන්න, කොළඹ නගරය තුළ කොරෝනා ආසාදිතයින් 161ක්, කිරුලපොන 06ක්, පාමංකඩ 02ක්, මෝදර 06ක්, මට්ටක්කුලිය 21ක්, කොටහේන 04ක්, […]
චීනයෙන් ගෙනා රුපියල් මිලියන 250ක් වටිනා පී.සී.ආර්. යන්ත්‍රයක් මේ වන විට අක්‍රිය වී තිබෙන බව වාර්තා වෙනවා. ඒ නිසා පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල විසිදහසකට ආසන්න සංඛ්‍යාවක ප්‍රතිඵල වාර්තා නිකුත් කිරීම මේ වන විටත් බොහෝ ප්‍රමාදයන්ට ලක්ව තිබෙන බවයි පැවසෙන්නේ. මේ හේතුවෙන් කඩිනමින් කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම ප්‍රමාද වීම නිසා තව දුරටත් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව […]
කොරෝනා වෛරසය ලොවපුරා රටවල් රැසක ව්‍යාප්ත වුව ද මේ වනතෙක් ඉන් ආරක්ෂා වූ දිවයිනක් ලෙස මාර්ෂල් දිවයින සැළකෙනවා. එහෙත් එරට පළමු කොරෝනා රෝගීන් දෙදෙනා ඊයේ වාර්තා වුණා. එරට මාධ්‍ය නිවේදනය කළේ, ක්වාජලින් ඇටෝල්හි හමුදා බලකොටුවක සේවය කරන කම්කරුවන් දෙදෙනෙකුට මෙලෙස කොරෝනා වෛරසය ආදානය වී ඇති බවයි.