කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දුනීසියාවේ රැදී සිටි ශී‍්‍ර ලාංකිකයින් 110 ක් අද දිවයිනට පැමිණියා. ගරුඩා ගුවන් සේවයට අයත් ජී ඒ 9820 දරණ යානයෙන් මොවුන් උදෑසන 08 ට පමණ මෙරට පැමිණි බව සදහන්. පසුව මෙම පිරිස නිරෝධායනය සදහා යොමුකර තිබෙනවා.
එක් දිනක් තුළ ලොව වැඩිම කොරෝනා ආසාධිතයින් ඊයේ දිනයේ වාර්තා වී තිබෙනවා. මෙලෙස වාර්තා වී ඇති ආසාධිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ හයදහසක්. ලොව සමස්ථ ආසාධිතයින් සංඛ්‍යාව පනස් ලක්ෂ 84918 ක් ලෙස දැක්වෙන අතර ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව තුන්ලක්ෂ විසිහය දහසක් ලෙස වාර්තා වනවා.
දිවයිනේ පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වල මෙලෙස තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 1028 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ ඊයේ දිනයේ තවත් එක් කොරෝනා ආසාධිතයෙකු වාර්තා වීමත් සමගයි. දැනට වෛරසය ආසාධනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 435 ක්. ආසාධිතයින් 584 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබීමෙන් නිවෙස් වෙත ගිය අතර මෙරට කොරෝනා වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව 09 ක්.
තාවකාලිකව අත්හිටුවා තිබු වාහන නැවතුම් ගාස්තු එකතු කිරීම නැවත හෙට (21) සිට ආරම්භ කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබෙනවා. නාගරික කොමසාරිස් නීතිඥ රෝෂනී දිසානායක මහත්මිය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවා. කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමෙන් පසුව රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇඳිරි නීති රෙගුලාසි […]
ලොව පුරා කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 05 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,015,676ක් වන බවයි වාර්තා වන්නේ. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ චීනයේ වූහාන් නුවරින් ආරම්භ වූ කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් රටවල් රැසකට දැඩි බලපෑම් එල්ල වූ අතර ලොව පුරා පළමු ආසාදිතයින් මිලියනය වාර්තාවීමට පසුගිය දෙසැම්බර් මාසයේ සිට අප්‍රේල් මස […]
අම්ෆන් සුළි කුණාටුව නැගෙනහිර ඉන්දියාවට සහ බංගලාදේශයට ඇතුළු වී තිබෙනවා. මේ හේතුවෙන් නැගෙනහිර ඉන්දියාවේ සහ බංගලාදේශයේ වෙරළබඩ ප්‍රදේශයට දැඩි සුළං සහ වැසි තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. සුළි කුණාටුවේ බලපෑම පිලිබද අනතුරු ඇගවීම හේතුවෙන් වෙරළබඩ ප්‍රදේශ වල ජීවත් වන මිලියනයකට අධික ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. 1999 වසරේ ඉන්දියාවට දැඩි බලපෑමක් […]
කොවිඩ් – 19 වෛරසය ආසාධනය වී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 12 දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල PCR පරීක්ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර තිබෙනවා. මෙම නාවික පුද්ගලයින් සියළු දෙනාම කොවිඩ් – 19 වෛරසය ආසාධනය වීම හේතුවෙන් ප්‍රථිකාර සඳහා රෝහල් වෙත යොමු කර […]
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජූනි 20 මහ මැතිවරණය පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම වැඩිදුර විභාගය සදහා හෙට පෙරවරු 10 තෙක් කල් තබා තිබෙනවා.
නව කොරෝනා වෛරස රෝගයට ගොදුරු වීමෙන් පසු සිය ධුරයෙන් තාවකාලිකව ඉවත්ව රෝහල්ගත වූ රුසියානු අගමැති මිහායිල් මිෂුස්ටින්, සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් සිය නිල රාජකාරි නැවත ආරම්භ කර ඇති බව රුසියානු රාජ්‍ය පුවත් ඒජන්සිය පවසනවා.රෝහලෙන් පිටව යෑමෙන් අනතුරුව අගමැතිවරයා අන්තර්ජාලය ඔස්සේ මාර්ගගත රැස්වීමක් පවත්වා ඇති අතර, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් සමග සාකච්ඡාවක් සඳහා සූදානම් […]
කොවිඩ් 19 හේතුවෙන් අඩාල වූ සිනමා හා ටෙලි නාට්‍ය ක්ෂේත්රයේ කටයුතු නැවත ආරම්භ කිරීමට අදාළ මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිකුත් කර තිබෙනවා. මෙම කර්මාන්යට අයත් පෙර නිෂ්පාදන, නිෂ්පාදන, රූගත කිරීම්, වේෂ නිරූපන, සංස්කරණ මෙන්ම ආහාර පාන හා ප්‍රවාහන පහසුකම් සැපයීම ආදී එක් එක් ක්ෂේත්රයන්හිදී මෙන්ම පොදුවේ අනුගමනය කළ යුතු […]
ආසාධිතයින් 35 දෙනෙකු ඊයේ දිනයේදී අලුතින් හදුනාගැනීමත් සමග මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 1027 දක්වා ඉහළ ගියා. ඊයේ දිනයේ හදුනාගත් එම ආසාධිතයින් සියළුදෙනාම නාවික හමුදා සාමාජිකයින් බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා. ඒ අනුව නාවික හමුදා සාමාජිකයින් 586 දෙනෙකුට කොරෝනා වෛරසය වැළදී තිබෙනවා. මෙරට කොරෝනා වෛරසය වැළදුනු පුද්ගලයින් අතරින් 569 ක් පූර්ණ සුවය ලබා රෝහල් […]