කොරෝනා මර්දනයට ඔස්ට්‍රේලියාව ද නව රෙගුලාසි හඳුන්වා දී තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ අනුව එරට විවාහ උත්සව පුද්ගලයින් 5 දෙනෙකුටත්, අවමංගල්‍ය උත්සව පුද්ගලයින් 10 දෙනෙකුටත් සීමා කර ඇති බව වැඩි දුරටත් සදහන්. කොරෝනා වෛරසය අසාදනයෙන් ඔස්ට්‍රේලියාවේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 8 කි.
මෙරටට පැමිණීම සදහා මේ වන විට නිකුත් කර ඇති සියළුම වර්ගයේ වීසා තාවකාලිකව අත්හිටුවීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. සියළුම ගුවන් යානා වලට මෙරටට පැමිණීම අත්හිටුවීමත් සමග මෙම තීරණය ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව පැවසුවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අමෙරිකාව කොරෝනා වෛරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය බවට පත්වනු ඇතැයි ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. ඊට හේතු වන්නේ අමෙරිකාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ යෑමයි. එනම් යුරෝපයේ හා අමෙරිකාවේ ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතය 85% ක් වන අතර ඉන් 40 % ක් වාර්තා වන්නේ අමෙරිකාවෙන්ය. මේ වනවිට අමෙරිකාවෙන් කොරෝනා අසාදිතයින් 53,609 වාර්තා වන අතර […]
නිරෝධායනයට ලක්වු තවත් පුද්ගලයින් 201ක් අද (25) දිනයේ සිය නිවෙස් වෙත පිටත් කර හැරීමට කරයුතු කර තිබෙනවා. පුනානී නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 57 දෙනෙකු සහ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි 144 දෙනෙකු මේ අනුව අද සිය නිවෙස් බලා පිටව යනු ඇති.
ඉකුත් 20 වනදා පස්වරු 6.00 සිට ඇඳිරිනීතිය පැනවීමෙන් පසු මේ දක්වා ගෙවුණු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 2682 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රථ වාහන 706 ක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වයඹ දිග මොසැම්බික් හි කන්ටේනරයක් තුළ තිබි මියගිය පුද්ගලයින් 64 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබෙනවා. ඊයේ(24) දිනයේ පොලිස් මාර්ග බාධකය දී මෙම මළ සිරුරු සහිත කන්ටේරනය සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉතියොපියානු සරණාගතයින් පිරිසක් මෙලෙස මියගොස් ඇති බව සඳහන් වෙයි. අදාළ කන්ටේරනය තුළ සිටි පුද්ගලයින් 14 දෙනෙකු බේරාගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන ශ්‍රී ලාංකිකයෙකු ඉතාලියේ දී මිය ගොස් ඇතැයි ද වාර්තා වෙනවා. කෙසේ වෙතත් අදාළ වෛද්‍ය වාර්තාව ලැබෙන තෙක් ඔහු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගියේද යන්න පිළිබඳව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ප්‍රකාශකයෙකු සඳහන් කළා. මේ අතර ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකුට කොවිඩි […]
රටතුළ උද්ගත වී ඇති තත්වය සැළකිල්ලට ගනිමින් පාරිහෝගිකයන් වෙත අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස්වලටම ගොස් අලෙවි කිරිමේ කටයුතු අද (25) දිනයේ සිට ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබෙනවා. සමූපකාර තොග වෙළඳ සංස්ථාව ලංකා සතොස එක්ව මෙම ආහාර ද්‍රව්‍ය සැපයීමේ වැඩසටහන ක්‍රියාත්මක කරයි. මෙම කටයුතු සම්බන්ධීකරණය හා මෙහෙය වීම පිණීස විශේෂ මෙහෙයුම් ඒකකයක් ද පිහිටුවා තිබෙනවා. මෙම වැඩපිළිවෙල බැසිල් […]
ලොව පුරා කොරෝනා වෛරස අසාධිතයින් හාරලක්ෂ 21,187 දෙනෙකු මේ වන විට හඳුනා ගෙන තිබෙනවා. වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 18 , 804 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ(24) දිනයේ දී ද වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 743ක්. ස්පාඥයෙන් ද ඊයේ දිනය තුළ පමණක් මරණ 680 ක් වාර්තා […]
වීරකැටිය පොලිස් වසමේ කෙමේගල ප්‍රදේශයේ ඊයේ (24) රාත්‍රියේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙක් ඝාතනය වී තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටින බවට වීරකැටිය පොලීසියට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වු පොලීසිය එම ස්ථානයට ගොස් වෙඩි වැදී තුවාල ලබා සිටි පුද්ගලයා වහාම වීරකැටිය රෝහලට ඇතුළත් කර තිබේ. පසුව එම රෝහලෙන් තුවාලකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් […]
නවතම විදෙස් වාර්තා පෙන්වාදෙන්නේ නව කොරෝනා වෛරසයේ වැඩි බලපෑම පුරුෂ පාර්ශවය වෙත එල්ලවී ඇති බව වාර්තා වෙනවා. ඉතාතාලියේ දී සිදුකළ සමීක්ෂණයකදී හඳුනා ගෙන ඇත්තේ එරටින් වාර්තාවු ආසාදිතයින්ගෙන් සියයට 60ක් පුරුෂයන් වූ අතර මියගිය පිරිසෙන් ද සියයට 70ක්ම පුරුෂයින් බවයි. විශේෂයෙන්ම පුරුෂයන් මත්පැන් පානයකිරීම, දුම්පානය වැනි කරුණු හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී අතින් බවට මත පල […]
කොරෝනා වෛරස රෝගය වන කොවිඩ් -19 මර්දනය සඳහා ඉන්දීය රජය විසින් ගන්නා දැඩි උත්සාහයේ කොටසක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් හෙට(25) මුළු රටම සම්පූර්ණයෙන්ම වසා දමන බව නිවේදනය කළා. හෙට මධ්‍යම රාත්‍රියේ සිට දින 21 ක් ඉන්දියාව බාහිර ලෝකයට වසා තැබෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා.