News Line| Off Air
Generic placeholder image

Feb
13

වසර 11 කට පසු සංගා පාකිස්තාන ක්‍රිකට් පිටියට

Generic placeholder image

මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය නියෝජනය කරමින් ශ්‍රී ලංකා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර එම කණ්ඩායමේ නායකයා ලෙස අද පකිස්ථානයේ ලාහෝර් ක්‍රීඩාංගනයේදී ක්‍රීඩා කරනවා. විශේෂයෙන්ම 2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව සංගක්කාර මෙලෙස පකිස්ථාන ක්‍රීඩා පිටියක ක්‍රීඩා කරනු ලැබීම විශේෂත්වයකි. එක්දින තරග තුනක් හා විස්සයි20 තරග තුනක් ඇතුළත් මෙම තරගාවලිය පෙබරවාරි 13 […]


Feb
13

ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 8,018ක් පොදු සමා කාලය තුළ නැවත සේවයට

Generic placeholder image

ප්‍රකාශයට පත් කර තිබු පොදු සමා කාලය තුළ දී ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 8,018 දෙනෙකු නැවත සේවයට වාර්තා කර ඇති බව යුද හමුදාව පවසනවා. ඒ අතර නිලධාරීන් 13 දෙනෙකු සහ සෙසු නිලයන් 8005 දෙනෙකු වන බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළා. 72 වන ජාතික නිදහස් දිනයට සමගාමීව සේවය හැරගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට […]


Feb
13

බන්ධනාගාරවල ආරක්ෂාව තර කරන්න ජනපති උපදෙස්

Generic placeholder image

වටරැක තරුණයින් පුනරුත්තාපනය කරනු ලබන සුනීත පාසල් භූමිය තුළ නව බන්ධනාගාරයක් ඉදිරිකිරීම සම්බන්ධයෙන් මූලික සැලසුම් සකස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එම කටයුතු සිදුකිරීමට නියමිත බව වාර්තා වෙනවා. ජනාධිපතිවරයා පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර එහිදී බන්ධනාගාරයේ පවතින අවම ඉඩපහසුකම් සම්බන්ධයෙන් රැදවියන් විසින් ජනාධිපතිවරයා දැනුවත් කරනු […]


Feb
13

කොවිඩ් වෛරසයෙන් ගත වු පැය 24 තුල පුද්ගල මරණ 242ක්

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් ගතවූ පැය 24ක කාලය තුළ මරණ 242ක් වාර්තා වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ අනුව අද වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 1357ක් ලෙසින් ඉහළ ගොස් ඇති බවයි. කොරෝනා වෛරස කාණ්ඩයට අයත් වුවත්, මෙතෙක් හඳුනා නොගත් ක්‍රියාකාරිත්වයක් පෙන්නුම් කිරීම නිසා මෙම වෛරසය හැඳින්වූයේ නව කොරෝනා වෛරසය ලෙසයි. නමුත් ලෝක සෞඛ්‍ය […]


Feb
13

විභාග අපේක්ෂකයින්ට ඝනක යන්ත්‍ර භාවිත කරන්න අවසර

Generic placeholder image

රජයේ විභාගවලට පෙනී සිටින අපේක්ෂකයින්ට ඝනක යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබාදිමට රජය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය. රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළේ තෝරාගත් විභාග සඳහා මෙම අවසරය ලබාදීමට තීරණය කර ඇති බවයි. වෙන්නප්පුව ප්‍රදේශයේ පාසලක පැවති උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මෙම අදහස් පල කළා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා […]


Feb
13

සජිත්ගේ නව සන්ධානයට පාර්ශව රැසකගේ සහය

Generic placeholder image

සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වය යටතේ පිහිටුවන නව සන්ධානයට සහය ලබාදෙන බව ජාතික හෙළ උරුමය, දමිළ ප‍්‍රගතිශීලී සන්ධානය හා ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය පවසනවා. එම පක්ෂ මේ බව සදහන් කළේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින්. නව සංධානයට සියලූ දෙනා සහාය ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසනවා. ඇය මේ බව සදහන් කලේ ඊයේ පැවති […]


Feb
13

ගිහාන් පිලපිටියට වරෙන්තු නිකුත් කළ හැකි ආකාරය ගැන අධිකරණයෙන් නියෝගයක්

Generic placeholder image

හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ හැක්කේ දිවුරුමක් මත විමර්ශන නිලධාරියෙකුගෙන් සාක්ෂියක් ලබාගැනීමෙන් පමණක් බව අධිකරණය ප‍්‍රකාශ කර තිබෙනවා. නුගේගොඩ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා මේ බව ප‍්‍රකාශ කලේ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජනක බණ්ඩාර මහතා විසින් ගිහින් පිලපිටිය මහතා සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වු අවස්ථාවේ දීයි. ගිහාන් පිලපිටිය මහතාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිස්පතිවරයාට […]


Feb
13

පාස්කු කොමිසම අද යළි රැස්වෙයි

Generic placeholder image

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කල ජනාධිපති කොමිෂන් සභාව අද යළි රැස් විමට නියමිතයි. මේ වන විට පුද්ගලයින් 50 දෙනෙකුගෙන් පමණ ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි කොමිසමේ ප‍්‍රකාශයකු සදහන් කළේ. මාවනැල්ල බුදුපිළිම කැඩිමේ සිද්ධියේ ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනාගේ පියාගේ සහෝදරයා වන රෂීඞ් අච්ජුල් අක්බාර් පසුගිය 11 වනදා කොමිසම හමුවේ පෙනී සිටියා. ඔහු වසර […]


Feb
13

කැළණියට නිවාස දෙන්නැයි ප‍්‍රසන්න මෝදිගෙන් ඉල්ලයි

Generic placeholder image

කැළණිය ආසනයට නිවාස ව්‍යාපෘතියක් ලබාදෙන ලෙස ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණවීර මහතා පවසනවා. මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කළේ සියත ප‍්‍රවෘත්ති සමග සංවාදයකට එක්වෙමින්.


Feb
13

චීනයේ සිට පැමිණෙන්නන් පිලිබද තොරතුරු ගැනීමට නව ක‍්‍රමවේදයක්

Generic placeholder image

චීනයට ගොස් යළි මෙරටට පැමිණෙන පුද්ගලයින්ගේ තොරතුරු රැුස් කිරීම සදහා විශේෂ ක‍්‍රමවේදයක් සකස් කරන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. එහි ප‍්‍රධාන වසංගත රෝග විශේෂඥ සුදත් සමරවීර මහතා සදහන් කලේ ඔවුන් සම්භන්ධයෙන් දැඩි අවදානයෙන් පසු වන බවයි. කොරෝනා වෛරසය ආසාදිත වු බවට මෙරටින් හමුවු චීන කාන්තාවගේ ජෛව සාම්පල සම්බන්ධයෙන් හොංකොං රාජ්‍යයේ දී සිදු කල පර්යේෂණ […]


Feb
12

කොරෝනා ආසාදිතව සිටි මාස 04ක බිළිඳෙකු සුවය ලබයි

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදිත වූ මාස 04ක් වයසැති බිළිඳෙකු සුවය ලැබූ පුවතක් චීන මාධ්‍ය අද වාර්තා කළා. මව්පියන්ට වෛරසය ආසාදනය වී නොතිබුණු අතර බිළිඳා වෛරසයට ගොදුරුව තිබුණේ වයස මාස 03ක්ව තිබියදීයී. මාසයක කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ දරුවා හයිනැන් පළාතේ සුවය ලැබූ ළාබාලතම දැරිය ලෙස වාර්තා අතරට එක්වෙමින් රෝහලෙන් නික්ම ගොස් තිබෙනවා. මේ අතර ආසාදිත මවක විසින් […]


Feb
12

හෙළ උරුමය,මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ සජිත් සමග එක්වෙයි

Generic placeholder image

එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ වී තිබූ ජාතික හෙළ උරුමය, මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ඇති සමගි ජාතික පෙරමුණ හා එක්ව තිබෙනවා. වත්මන් ආණ්ඩුවට එරෙහිව පුළුල්ම ජනතා බලවේගය නිර්මාණය කිරීමේ අරමුණින් ඔවුන් නව පක්ෂය සමග එක්වූ බව එම පක්ෂ නායකයන් ඒකාබද්ධව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post