News Line| Off Air
Generic placeholder image

Feb
12

ජේතවන චෛත්‍යයේ ඉරි තැලීම වර්තමානයේ ඇතිවූවක් නොවන බව හෙළිවෙයි

Generic placeholder image

අනුරාධපුර ජේතවනාරාම දාගැබ තුන් දිශාවකින් ඉරි තැලීම වර්තමානයේදී ඇතිවූ තත්ත්වයක් නොවන බව හෙළිව තිබෙනවා. වසර කිහිපයකට පෙර අකුණු වැදීමකින් සිදුවූ හානි වීමක් සඳහා ගැල්වූ බදාම දියවීම හේතුවෙන් අදාළ හානිවීම් නැවත දිස්වීමක් වී ඇති බව සදහන්. එම අකුණු සැර වැදීම හේතුවෙන් ගර්භය තුළට ජලය වැටීම වැළැක්වීම සඳහා වර්ෂා කාලය එළඹීමට ප්‍රථම තාවකාලිකව විශේෂ බදාමයක් යෙදීමට කටයුතු […]


Feb
12

මීගමුවේ වනජීවි නිලධාරිණිය වෙනුවෙන් තමන් පෙනී සිටින බව පරිසර ඇමති කියයි

Generic placeholder image

කඩොලාන පරිසරයක් කපා දමා ක්‍රීඩාංගණයක් සාදා දෙන ලෙස මීගමුව, මුන්නක්කරේ ධීවර කමිටු රැස්වීමේදී ඉදිරිපත් වූ යෝජනාවට එරෙහිව අදහස් දැක්වූ වනජීවි නිලධාරිණි දේවානි ජයතිලක වෙනුවෙන් තමන් පෙනී සිටින බව තිරසර හා වනජිවී, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පවසනවා. කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියාසිටියේ අදාළ නිලධාරිණිය එම අවස්ථාවේ නිවැරදිව කටයුතු […]


Feb
12

චීන වැසියන් මිලියන 160 ක් යළි සිය සේවා කටයුතු ආරම්භ කිරීමට සැරසෙයි

Generic placeholder image

කොවිඩ් – 19 හෙවත් කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිදුකරන ලද පරීක්ෂණ වාර්තාවල නිරවද්‍යතාව, හොංකොං රාජ්‍යයද තහවුරු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. කොරෝනා වෛරසය ආසාදනය වී සිටියදී මෙරටින් හමුවූ චීන ජාතික කාන්තාවගේ ජෛව සාම්පල හොංකොං රාජ්‍යයට යොමුකළ අතර, එම වෛද්‍ය වාර්තාවලින් ද ඇයට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී […]


Feb
12

අගමැති හා ශ්‍රී ලංකාවේ තුර්කි නව තානාපතිවරිය අතර හමුවක්

Generic placeholder image

ශ්‍රී ලංකාවේ තුර්කියේ නව තානාපතිවරිය ඩෙමෙට් සේකර්සියොග්ලු (Demet Sekercioglu) සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (12) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදි පැවැත්විණා. ආර්ථික කටයතු, සංස්කෘතිය, අධ්‍යාපනය දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා ඇතුළු අංශ ගණනාවක් තවදුරටත් ශක්තිමත් කරගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. මෙම සාකච්ඡාවේදි තුර්කියේ නව තානාපතිවරිය සඳහන් කර සිටියේ දෙරට අතර සබඳතා වැඩිදියුණු කළ […]


Feb
12

විදුහල්පතිනියකගේ කෝටු පහරකින් දැරියකගේ ඇසකට හානි

Generic placeholder image

බිංගිරිය ප්‍රදේශයේ රජයේ විදුහලක විදුහල්පතිනියක් සිදුකළ පහරදීමකින් සිසුවියකගේ ඇසක් නොපෙනියාමේ සිදුවීමක් සම්බන්ධයෙන් ගම්වැසියන් පිරිසක් අද (12) විරෝධතාවයක නිරත වුනා. පසුගිය 03 වැනි දින පාසල් කාලය තුළ මේ පහර දීම සිදුව ඇති අතර මෙලෙස ඇසක පෙනීම අහිමිව ඇත්තේ බිංගිරිය බෝවත්ත කඩිගමුව ග්‍රාමයේ ජිවත් වන නෙත්මි සමදරා නමැති සිසුවියගේයි. 12 හැවිරිදි මෙම සිසුවිය විද්‍යාලයේ නිවාසාන්තර තරගයේ නරඹන්නියක් […]


Feb
12

බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකුටත් Covid-19

Generic placeholder image

බ්‍රිතාන්‍ය බන්ධනාගාරයක රැඳවියන් දෙදෙනෙකුට “කොවිඩ්නයින්ටීන්” හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. රැඳවියන් දහසකට අධික පිරිසක් රැඳී සිටින අදාල බන්ධනාගාරයේ එක් කුටියක සිටි රැඳවියන් දෙදෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව සදහන්. ඉන් එක් රැඳවියෙකු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තායිලන්තයේදී අත්අඩංගුවට ගෙන මීට සති දෙකකට පමණ පෙර බ්‍රිතාන්‍යයට පිටුවහල් කළ අයෙකු වන අතර […]


Feb
12

දරුවන් 18 ක් සමග පැවැත්වූ නිවාසාන්තර කී‍්‍රඩා උළෙල

Generic placeholder image

පිබිදෙන්නට වෙර දරණ අපූරු පාසලක් පිලිබද පුවතක් මාපලගම – ගාල්ල ප‍්‍රදේශයෙන් වාර්තා වුණා. මාපලගම කොට්ඨාසයේ ගාල්ල ගෝනලගොඩ විජයබාහු විද්‍යාලයේ ඉගෙනුම ලබන්නේ සිසුන් 18 දෙනෙකු පමණයි. එහෙත් එම දරුවන් 18 දෙනා වෙනුවෙන් විද්‍යාලයේ විදුහල්පති රවී ලියනගේ මහතා සහ එම විදුහලේ සේවය කරන ගුරු මණ්ඩලය එකතුව මෙම විද්‍යාලයේ නිවාසාන්තර කී‍්‍රඩා උත්සවයක් පවත්වා තිබෙනවා. එම උත්සවයේ ඡායාරූප කිහිපයක් […]


Feb
12

හිටපු ජනපතිගේ දුව ධරණි සිරිසේන නීතිඥවරියක් ලෙස දිවුරුම් දෙයි

Generic placeholder image

හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ දියණිය වන ධරණි සිරිසේන අද අලුත්කඩේ උසාවි සංකීර්ණයේදී නීතිඥවරියක් ලෙස දිවුරුම් දී තිබෙනවා. මේ පිලිබද හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා සිය ෆේස් බුක් ගිණුමේ මෙවැනි සටහනක් පළ කළා.


Feb
12

ශ්‍රී ලංකාව තුළ පරමානු බලශක්ති බලාගාරයක් පිහිටුවීමට රුසියානු තානාපතිගේ අවධානය

Generic placeholder image

ශ්‍රී ලංකාව තුළ පරමානු බලශක්ති බලාගාරයක් පිහිටුවීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මැටරි පවසනවා. රුසියන් ස්පුට්නික් සඟරාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. ශ්‍රී ලංකාව පරිසර දූෂණයෙන් තොර බලශක්ති ප්‍රභවයන් කෙරෙහි අවධානය යොමුකර ඇති බැවින් මෙලෙස ගල් අඟුරු සහ ගෑස්වලින් තොර පරමාණු බලශක්ති බලාගාරයක් ඉදිකිරීමට අපේක්ෂා කරන බව රුසියානු තානාපතිවරයා […]


Feb
12

රන්ජන් යළි රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අධිකරණ විනිසුරුවරුන්ට බලපෑම් කිරීම සහ නීතිවිරෝධී ලෙස ගිනි අවියක් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් වන නඩුව අද යළි කැඳවූ අවස්ථාවේදි එම නියෝගය නිකුත් කළ බව සදහන්. මෙහිදී ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් ඇප ඉල්ලා සිටි අතර, මහේස්ත්‍රාත්වරයා එය […]


Feb
12

ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ ආදායම ඉහළට

Generic placeholder image

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් ඩිපෝ වල දෛනික ආදායම ඉහළ ගොස් ඇති බව ලංකා ගමනාගමනය මණ්ඩලය පවසනවා. ඊයේ පස්වරුවේ (11) ප්‍රවාහන කළමනාකරණ සේවා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නාරාහේන්පිට පිහිටි ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය වෙත ගොස් එහි ප්‍රගතිය පිළිබඳ සමාලෝචනයක් සිදු කළා. එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම හා ලංගම සභාපති නීතිඥ […]


Feb
12

වෙලේ සුදාට එරෙහි නඩුවේ විභාගය ලබන ඔක්තෝබරයේ

Generic placeholder image

රුපියල් ලක්ෂ 10ක මුදලක් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් මේ වනවිට මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ විභාගය ඔක්තෝබර් මස 05 වනදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව අද (12) කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් […]


News Articles
Latest Videos
Most Popular Post