News Line| Off Air
Generic placeholder image

Jan
28

කඩිනමින් මුඛ ආවරණ ආනයනයට පියවර

Generic placeholder image

මුඛ ආවරණ කඩිනමින් ආනයනය කිරීමට පියවර ගෙන ඇතැයි, ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. එහි ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය කමල් ජයසිංහ මහතා පැවසුවේ, කොරෝනා වෛරසයත් සමග වෙළෙඳ පොළේ පවතින මුඛ ආවරණ හිඟයට විසඳුම් ලෙස මෙම පියවර ගෙන ඇති බවයි. කඩිනමින් මුඛ ආවරණ නිෂ්පාදනය ඉහළ නංවන ලෙසට දේශීය නිෂ්පාදකයින්ට ද උපදෙස් දී ඇතැයි ඔහු සඳහන් කළේ.


Jan
28

කොරෝනා වෛරස් ආසාධිතයින් 60 ක් සුවය ලැබූ බව චීන වෙබ් අඩවියක් වාර්තා කරයි

Generic placeholder image

නව කොරෝනා වෛරසය පිලිබද චීනයේ පීපල්ස් ඩේලි වෙබ් අඩවිය පළ කළ නවතම වාර්තාව අනුව සදුදා දිනය අවසන් වන විට පළාත් මට්ටමෙන් කළාප 30 කින් රෝගීන් 4515 කු වාර්තා වී තිබෙනවා. ඔවුන් ප‍්‍රකාශයට පත්කරන ආකාරයට නව කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 106 ක්. චීනයේ ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව සිය දෛනික වාර්තා වලින් සදහන් කර ඇත්තේ රෝගීන් […]


Jan
28

වූහාන්හි සුපිරි වෙළඳසැල්වලට ආහාර තොග වශයෙන් යොමු කරයි

Generic placeholder image

චීනයෙන් වාර්තා වූ කොරෝනා වෛරසය මුල් වරට ආරම්භ වූ නගරය බවට පැවැසෙන චීනයේ වූහාන් නගරයේ සුපිරි වෙළඳසැල් වල ආහාර තොග වශයෙන් පිරි පවතින බව විදෙස් වාර්තා වූ උපුටා දක්වනවා. එම ආහාර මිලදී ගැනීමටද වෙළඳසැල් තුළට වැඩි වශයෙන් ජනතාව පැමිණ ආහාර මිලදී ගැනීමේ කටයුතු සිදුකරමින් පවතින බවයි සදහන් වන්නේ. ඒ අනුව වෛරසය පැතිරීම වැළැක්වීමත් සමගින් වූහාන් […]


Jan
28

දෙවන තරගයෙත් සිම්බාබ්වේ සුපිරි පිතිහරඹයක

Generic placeholder image

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම ඊයේ දිනය සඳහා තරගය නතර කරන විට කඩුළු 6ක් දැවි රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 352 රැස් කරගෙන සිටියා. හරාරේහීදි පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනු සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දුවට පහර […]


Jan
28

කොරෝනා වෛරස් රෝහලේ පළමු ගොඩනැගිල්ල පැය 16න් අවසන්

Generic placeholder image

කොරෝනා වෛරසය ආසාදනය වී ඇති රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා චීනයේ වූහාන් හි ඉදිකරන රෝහලේ පළමු ගොඩනැගිල්ල පැය 16ක් තුළ අවසන් කිරීමට චීනය සමත්ව තිබෙනවා. මෙම රෝහල ඇඳන් 1000කින් සමන්විත වෙයි. මෙම රෝහල දින 9කින් අවසන් කිරිමට චීනය සැලසුම් කර තිබේ. රෝහලේ ඉදිකිරීම් අවසන් කිරිමෙන් අනතුරුව දිනක් තුළ වෛද්‍ය උපකරණ සවිකර රජයට භාරදීමට නියමිතව තිබෙන අතර […]


Jan
28

ජාතික නිදහස් දිනයේ දිවයිනේ සියළුම සුරාසැල් වැසේ

Generic placeholder image

ජාතික නිදහස් දිනය නිමිත්තෙන් දිවයිනේ සියළුම සුරාසැල් පෙබරවාරි 04 වන දින වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළා. එදිනට එම නියෝග කඩ කරන සුරාසැල් හිමියන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවා.


Jan
28

කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි ප්‍රතිජීවක ඖෂධයක් සොයාගනී

Generic placeholder image

කොරෝනා වෛරසයෙන් වැළකී සිටීම සඳහා එම වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි ප්‍රතිජීවක ඖෂධයක් සොයාගෙන ඇති බව වාර්තා වනවා. ෂැංහයි ජාතික සෞඛ්‍ය විද්‍යායතනය මගින් හඳුන්වා දී ඇති මෙම ප්‍රතිජීවක ඖෂධය දියරක් ලෙසින් උගුරට ඉසීමට කටයුතු කරන බව චීනයේ පීපල්ස් ඩේලි පුවත්පත ප්‍රකාශ කළා. වෛරසය ආසාදනය වීමෙන් චීනයේ මිය ගිය සංඛ්‍යාව 106 දක්වා ඉහළ ගොස් ඇති අතර […]


Jan
28

සැක සහිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට IDH රෝහලට අමතරව තව රෝහල් 11ක් ප්‍රකාශයට පත් කෙරේ

Generic placeholder image

පවතින කොරෝනා වෛරසය ආසාදනයවී අති බවට සැක කෙරෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා IDH උණ රෝහලට අමතරව දිවයිනේ තවත් රෝහල් 11 ක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව උතුරු කොළඹ ශික්ෂණ රෝහල,ගම්පහ, මීගමුව, මහනුවර, කරාපිටිය, අනුරාධපුර, යාපනය, කුරුණෑගල, රත්නපුර, මඩකලපුව හා බදුල්ල යන රෝහල් ඊට ඇතුලත්ය.


Jan
28

චීනයේ සිට ලංකාවට එන සිසුන් දියතලාවේ හමුදා කඳවුරකට

Generic placeholder image

චීනයේ , වූහාන් ප්‍රාන්තයෙන් ලංකාවට එන සියලූම සිසුන් දියතලාව හමුදා කඳවුරේ ඇති කාමර වෙත පළමුවෙන්ම යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. නව කොරෝනා වෛරසය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ආරම්භ කර ඇති අතර එහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් […]


Jan
28

මුඛ ආවරණ ඉල්ලුම ඉහළට

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් මේ වනවිට දිවයිනෙහි බොහෝ ප්‍රදේශවල මුඛ ආවරණ වැඩි ලෙස අලෙවි වීම හේතුවෙන් ඒවායේ හිඟ තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඒ අනුව කඩිනමින් ආනයනය කිරීමටත් අයෙකුට මුඛ ආවරණ පහක් පමණ ලබා දෙමින් සීමාවක් කරන ලෙසත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඔසුසල් හිමිකරුවන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර මෙම රෝග තත්ත්වය මෙරටද ව්‍යාප්ත වීමක් වුවහොත් යන […]


Jan
28

නීතිපතිවරයා හා කතානායක අතර හමුවක් අද

Generic placeholder image

නීතිපති දප්පුල ද ලිවේරා මහතා, කතානායක කරූ ජයසුරිය මහතා හමුවීමට නියමිතව තිබෙනවා. ඒ කතානායක කාර්යාලය කළ දැනුම් දීමකට අනුවයි. නිතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, එම හමුව සිදුවන දිනය පිළිබඳ හෝ වේලාව සඳහන් කළ නොහැකි බවයි. මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති නියෝගය පිළිබඳ නීතිපතිවරයා එහිදී කතානායකවරයා හමුවේ කරුණු දැක්වීමට […]


Jan
28

ගුවන් මගීන්ට හැර ඔවුන්ගේ සමිපතයින්ට ගුවන් තොටුපොළට ඇතුළුවීම අත් හිටුවයි

Generic placeholder image

පවතින තත්වය හේතු කොටගෙන අද පෙරවරු 06 සිට ක්‍රියාත්මක වන පරිදි ගුවන් මගීන්ට හැර ඔවුන්ගේ සමිපතයින්ට ගුවන් තොටුපළ පර්යන්ත වෙත ඇතුළුවීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි ගුවන් තොටුපොල ආරංචි මාර්ග සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post