News Line| Off Air
Generic placeholder image

Jan
20

ලොව දුගී 460 කෝටියක් භාවිත කරන මුදල්වලට වඩා වැඩි ප්‍රමාණයක් ධනවත්ම 2153 දෙනා භාවිතා කරයි

Generic placeholder image

ලොව දුගීම පුද්ගලයින් හාරසිය හැට කෝටියක් භාවිත කරන මුදල්වලට වැඩි මුදල් ප්‍රමාණයක් ලොව ධනවත්ම පුද්ගලයින් 2153 දෙනා පසුගිය වසරේදී භාවිත කර ඇතැයි ජාත්‍යන්තර සහන සංවිධානයක් සදහන් කර තිබෙනවා. ලොව කාන්තාවන් හා තරුණියන් වැටුප් නොමැතිව සපයන සේවා කාලසීමාවේ වාර්ෂික මුල්‍යමය වටිනාකම ලොව තාක්ෂණික කර්මාන්ත ආදායම මෙන් තුන් ගුණයක් බව ඔවුන් නිකත් කළ වාර්තාවක දැක්වෙනවා. ලොව පුරා […]


Jan
20

සිම්බාබ්වේ පළමු ඉනිමට ලකුණු 358 ක්

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. මුලින්ම පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාවට ලකුණු 358 ක අභියෝගයක් ලබා දුන්නා. මේ වන විට පන්දුවට පහර දෙන ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුළු 01 ක් දැවී ලකුණු 42 ක් ලබාගෙන තිබෙනවා. කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න මේ වන විට ලබාගෙන […]


Jan
20

මගෙන් මීට වැඩිය වැඩක් ගන්න පුළුවන් – දසුන් ශානක

Generic placeholder image

අවසන් වරට සහභාගි වූ ඉන්දීය තරගාවලිය තුළ ශී‍්‍ර ලංකා කණ්ඩායම පසුබෑමකට ලක් වූ ආකාරය පිලිබද සියත අප කළ විමසීමකදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩක දසුන් ශානක අදහස් පළ කළා. කණ්ඩායම වෙනුවෙන් කී‍්‍රඩා කරන්න ඕනෑම වේලාවක ඔහු සූදානම් බවත් ඔහුගෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට මීට වඩා දෙයක් ලබාගැනීමට හැකි බවත් දසුන් ශානක එහිදී අදහස් දක්වමින් කියා සිටියා.


Jan
20

චන්දන ලියනආරච්චිගෙන් කලකට පසු වෙනස් වැඩක්

Generic placeholder image

ප‍්‍රවීන ගායන ශිල්පී චන්දන ලියනආරච්චිගේ අලුත්ම ගීතය වන “මා මේඛලා” එළිදක්වා තිබෙනවා. මෙහි සංගීතය සපයා තිබෙන්නේ ජේ.ආර් රස්නායක විසින්. එමෙන්ම මෙම ගීතයේ ගී තනු නිර්මාණය සිදුකර තිබෙන්නේ ෂෙහාන් ගලහිටියාව විසිනුයි.


Jan
20

ණය සහන පැකේජයේ ප්‍රතිලාභ ගන්න ජනවාරි 31ට පෙර බැංකු ශාඛාව වෙත දැනුම් දෙන්න

Generic placeholder image

පසුගිය වසර කිහිපයෙහි පවත්වාගෙන යනු ලැබූ සංකීර්ණ බදු ප්‍රතිපත්තිය හා බැංකු නීති රීති හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කඩා වැටීමකට ලක් වූ අතර රජයේ නව ප්‍රතිපත්ති රාමුව වන ‘සෞභාග්‍යයේ දැක්ම‘ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍රය නංවාලීමට විශේෂ යෝජනා මාලාවක් ක්‍රියාවට නංවා තිබෙනවා. ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් ක්‍රියාවට නංවමින් හඳුන්වා දී ඇති මෙම […]


Jan
20

මහරගම කසළ ගැටලුවක්

Generic placeholder image

මහරගම, විජේරාම, ගල්හේන යන මාර්ග කිහිපයක කසළ එක්රැස් කිරීමේ කටයුතු දින කිහිපයක සිට සිදු වී නොමැති බව වාර්තා වනවා. මෙම ප‍්‍රදේශ වල කසල එක්රැස් කිරීමේ කටයුතු මහරගම නගරසභාව විසින් සිදුකරන අතර පසුගිය දිනයන් තුළ එය සිදු නොවීම හේතුවෙන් මිනිසුන් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. මේ පිලිබද මහරගම නගරසභාවෙන් කළ විමසීමකදී ඔවුන් කියා සිටියේ කසළ එක්රැස් කරන […]


Jan
20

පළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩි කෙරේ

Generic placeholder image

පළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මීට පෙර පළමු ශ්‍රේණියේ පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 35 ක් බව අධිකරණය විසින් නියෝගයක් ලබාදී ඇති අතර අධිකරණ තීරණය සමාලෝචනය කොට ශිෂ්‍ය සංඛ්‍යාව 40 ක් දක්වා වැඩි කර ගැනීම වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය ලබා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා පසුගිය […]


Jan
20

මව් කිරි දීම ප්‍රවර්ධනයෙන් පළමු තැන ශ්‍රී ලංකාවට

Generic placeholder image

දරුවන්ට මව්කිරි ලබාදෙන කාන්තාවන් වෙනුවෙන් සාධනීය ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක වන ලොව අංක එකේ රට ලෙස ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. ඉන්දියාවේ දිල්ලි අගනුවර ක්‍රියාත්මක ලෝක මව්කිරි දීමේ ප්‍රවණතා වැඩසටහන මගින් මේ බව නිවේදනය කළ අතර එම වැඩසටහන සමග මේ වන විට රටවල් 120 ක් එකතු වී සිටිනවා. ඒ අතුරින් රටවල් 97 ක් නියමිත ඇගයීම් සම්පූර්ණ […]


Jan
20

හඬපට සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක CCDයට

Generic placeholder image

දුරකථන හඬපට සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට පැමිණ තිබෙනවා.


Jan
20

චීනයෙන් ආපු අලුත්ම වෛරසය ගැන ඔබ දැනුවත් ද?

Generic placeholder image

ශී‍්‍ර ලංකාවේ කොළඹට අමතරව අනෙක් සෑම ප‍්‍රදේශයකම චීන පුද්ගලයින් වැඩි ප‍්‍රමාණයක් සේවයන්හි යෙදී සිටිනවා. පහුගිය දවස්වල චීනයේ වුහාන් වලින් අලුත් කොරෝනා වෛරසයක් බිහිවුනා. නිව්මෝනියාව වැළඳීමෙන් මරණය ලඟාකරවන මෙම වෛරසය තවමත් පරීක්ෂණ පැවැත්වෙන දෙයක්. ලෝකේ පුරා විවිධ මට්ටමින් දැන් මෙම වෛරස​ය පිලිබද පරීක්ෂා කරනවා. 01. වෛරසය වැඩිපුරම පැතිරිලා තියෙන්නේ කොහෙද? මේ වන විට මෙම වෛරසය වැඩිපුරම […]


Jan
20

ඉන්දීය පිතිකරු රෝහිත් ශර්මා ශ්‍රී ලංකා සුපිරි පිතිකරු සනත් ජයසූරිය අභිභවයි

Generic placeholder image

එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ශතක සංඛ්‍යාවක් රැස්කරමින් සිව්වන ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු සනත් ජයසූරිය අභිභවා යාමට ඉන්දීය පිතිකරු රෝහිත් ශර්මා සමත්වී තිබෙනවා. ඒ, ඕස්ට්‍රේලියාව සමග පැවැති 03 වන එක්දින තරගයේදී ලකුණු 119 ක් රැස් කර ගනිමින්. එය ඔහුගේ 29 වන ශතකයයි. මෙතෙක් සනත් ජයසූරිය එම ලේඛනයේ සිව්වන ස්ථානයේ පසුවූයේ ශතක 28 ක් රැස්කර […]


Jan
20

දෙවන දිනටත් සිම්බාබ්වේ පිතිකරුවන් සාර්ථක පිති හරඹෙක

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. මේ වන විට පිතිකරණයේ නිරත වන සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 03 කට ලබා ඇති ලකුණු ප්‍රමාණය 218 කි. සිම්බාබ්වේ craig ervine ලකුණු 74 ක් ලබා ගෙන ක්‍රීඩා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post