News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
10

වෛද්‍ය පරීක්ෂණයක් සදහා ගෝඨාභය සිංගප්පුරුවට

Generic placeholder image

පොහොට්ටුවේ ජනපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද පාන්දර 12.50 ට පමණ සිංගප්පුරුව බලා පිටත්ව ගිය බව වාර්තා වෙනවා.මෙසේ ඒ මහතා සිංගප්පුරුව බලා පිටත්ව ගොස් තිබෙන්නේ වෛද්‍ය පරීක්ෂණයකට සහභාගිවීම සඳහා බව පැවසෙනවා.


Oct
10

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයක් වන නවතම වේගා කාර් රථය මෙන්න

Generic placeholder image

සම්පුර්නයෙන්ම ශ්‍රී ලංකාවේ ඉංජිනේරුවන්ගේ දැනුමෙන් හා නිර්මාණශිල්පීන්ගේ නිර්මාණශිලිත්වයෙන් හැඩවුණු මෙම වේගා මෝටර් රථය Design, Electronic, Software යන නිපදවීමේ කටයුතු ලංකාව තුල සිදුවන අතර තප්පර 3.15 න් පැයට කිලෝමීටර් 100ක් වේගයෙන් මෙය ධාවනය වන බවයි වාර්තා වන්නේ. මෙය ඉතා දියුණු බ්‍රේක් පද්ධතිය සහ සස්පෙන්ශන් පද්ධතියකින් සමන්විත බව සදහන් වනවා.


Oct
10

තරගාවලිය ජය ගැනීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය ජයග්‍රහණය සැමරූ හැටි මෙන්න

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අතර ඊයේ පකිස්ථානයේ ලාහෝර් ක්‍රීඩාංගනයේදී පැවති තෙවැනි අවසන් 20යි 20 තරගයේදී ලකුණු 13 කින් ජයගැනීමට සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාති‍්‍රයේ සමත්වුණා. ඒ අනුව මෙය ශී‍්‍ර ලංකාව 3 ට 0 ක් ලෙස 20 යි 20 පූර්ණ තරගාවලි ජයක් හිමිකරගත් වාර්තා කළ පළමු අවස්ථාව ලෙස ද වාර්තා පොත් අලුත් කරමින් […]


Oct
10

ජෙනරාල් මහේෂ් සේනානායකගෙන් සිය ආරක්ෂාව වැඩි කරන ලෙස ඉල්ලීමක්

Generic placeholder image

ජනපති ධුර අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක මහතා සිය ආරක්ෂාවට තර්ජනයක් වී ඇති බව පවසමින් ආරක්ෂාව වැඩිකරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉල්ලීමක් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව අද දිනයේ දී ඒ පිලිබදව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා දැනුවත් කරන බවයි වාර්තා වන්නේ.


Oct
10

විශේෂ ආරක්ෂාවක් යටතේ නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය ඇරඹේ

Generic placeholder image

ඉදිරි ජනාධිපතිවරණයේ නිල ඡන්ද පති‍්‍රකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණාලය මගින් ආරම්භ කර තිබෙනවා. එම කටයුතු විශේෂ ආරක්ෂාවක් යටතේ සිදුවන බවයි වාර්තා වන්නේ. ජනාධිපති අපේක්ෂකයින් 35 දෙනාගේ නම් සිංහල ආකාරාදි පිළිවෙලට මෙම ඡන්ද පති‍්‍රකාවට ඇතුලත් කර තිබෙනවා. ඒ අනුව මෙම මුද්‍රණය වන ජන්ද පත්‍රිකා ගණන එක්කෝටි හැට ලක්ෂයකට ආසන්න බවයි වාර්තා වන්නේ.


Oct
10

අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

Generic placeholder image

අද පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි සමග අකුණු ඇතිවීමේ අවධානමක් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ඒ අනුව දිවයිනේ සබරගමුව,මධ්‍යම, ඌවසහ දකුණු පළාත්වලත් උතුරු සහ උතුරු මැද පළාතේ මිලිමීටර 75 – 100 අතර තද වර්ෂාපතනයක් ඇති වීමට ඉඩ ඇති බව වාර්තා වෙනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ […]


Oct
10

සජිත්ගේ මංගල රැළිය ගාලු මුවදොර දී අද පස්වරුවේ

Generic placeholder image

එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන සන්ධානයේ හෙවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කරන පළමු මංගල රැළිය අද ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම්.


Oct
10

ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි

Generic placeholder image

” සිය දිවිහානි කර ගැනීම වළක්වා ගනිමු ” යන්න තේමාව කර ගනිමින් මෙවර එය සමරනු ලබනවා. සෑම තත්පර 40 කට වරක්ම පුද්ගලයෙකු සිය දිවි හානි කර ගන්නා බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා වල සදහන්. සිය දිවි හානි කර ගැනීම් වැඩි වශයෙන් වාර්තා වන්නේ අඩු හා මධ්‍යම ආදායම් ලබන රට වලයි.


Oct
10

ඉන්ධන මිල අඩු වෙයිද?

Generic placeholder image

ඉන්ධන මිල සංශෝධනය කිරීමේ කමිටුව අද යළි රැස්වීමට නියමිතයි. සංශෝධිත මිල ගණන් අද පස්වරුවේ ප‍්‍රකාශයට පත් කරන බවයි මුදල් අමාතයාංශය සඳහන් කළේ. අවසන් වරට ඉන්ධන මිළ සංශෝධනය වූයේ සැප්තැම්බර් මස 10 වනදායි. එහිදී ඔක්ටේන් 95 සහ සුපිරි ඞීසල් ලීටරයක මිල රුපියල් 02 කින් අඩු කලා ඔක්ටේන් 92 වර්ගයේ පෙට‍්‍රල් ලීටරයක මිල අඩු වුනේ රුපියලකින්. ඔටෝ […]


Oct
10

ඇල්පිටිය ජන්ද විමසීමට සියලු කටයුතු සුදානම්

Generic placeholder image

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ජන්ද විමසීම හෙට පැවැත්වීමට මේ වන විට සියලූ කටයුතු සූදානම්. සභිකයින් 28 දෙනෙකු තෝරා ගැනීම සදහා ජන්ද මධ්‍යස්ථාන 47 කදී ජන්ද විමසීම සිදු කිරීමට නියමිතයි. ජන්දය ප‍්‍රකාශ කිරීම සදහා ජන්ද දායකයින් 53 384 දෙනෙකු සුදුසුකම් ලබා සිටිනවා. මේ වන විට ඇල්පිටිය ප‍්‍රදේශයේ ඉතා සාමකාමී තත්වයක් පවතින බවයි සියත වාර්තාකරු ඞී ජේ විජේසිහ […]


Oct
10

ශ්‍රීලනිප හා පොහොට්ටුව අතර අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම අද

Generic placeholder image

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර අවබෝධතා ගිවිසුමට අද අත්සන් තැබීමට නියමිතයි. පෙරවරු 10 යි 10 ට යෙදෙන සුබ මොහොතින් ගිවිසුමට අත්සන් තැබෙන්නේ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දීයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය – පොදුජන පෙරමුණ හා ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එහිදී අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබීමට නියමිතයි. ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා […]


Oct
9

පාකිස්තානයට ලකුණු 148 ක අභියෝගයක්

Generic placeholder image

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකාව කඩුලු 07 ක් දැවී ලකුණු 147 ක් ලබාගත්තා. ඕෂධ ප‍්‍රනාන්දු නොදැවී ලකුණු 78 ක් ලබාගත්තා. මේ වන විට පන්දුවට පහරදෙන පාකිස්ථානු කණ්ඩායම කඩුළු 1 ක් දැවී ලකුණු 38 ක් ලබාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post