දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා. ඒ අනුව ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස […]
අද(05)උඩුබද්දාව, හොරතැපොල ශ්‍රී පුෂ්පාරාමයේ රුපියල් ලක්ෂ 40 ක මුල්‍ය ප්‍රතිපාදන යොදා ඉදිකල ශ්‍රී පඤ්ඤාසීහ දහම් පාසල් ගොඩනැඟිල්ල සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් ද වන විට බෞද්ධාගම වැනසීමේ කුමන්ත්‍රණයක් ඇති බව පවසා සිටියා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇති දුෂ්කර විහාරස්ථානයක් මෙලෙස පරිත්‍යාග කිරීමට හැකියාව ලැබීම […]
කොළඹ නාලන්දා විද්‍යාලයීය ආදිශිෂ්‍ය සංගමයේ 2019 වසරේ සාංවත්සරික මහ සභා රැස්වීම නාලන්දා විද්‍යාලයේ වත්මන් විදුහල්පති, නාලන්දාවිද්යාලයීය ආදිශිෂ්‍ය සංගමයේ ගරු විධායක සභාපති තිලක් වත්තුහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා නවීකරණය කරන ලද විද්‍යාලයීය මලලසේකර රංගශාලාවේදී පවත්වන ලදී. මෙම උත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තාලෙස කීර්තිමත් ආදි නාලන්දීය ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තැන්පත් ජනාධිපති නීතීඥ ප්‍රියන්ත ජයවර්ධන මැතිතුමන් සහභාගී වූ අතර […]
ශ්‍රී ලංකාව සරම්ප රෝගය සම්පූර්ණයෙන් තුරන් කළ රටක් බවට වන සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානය පිරිනමා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත එම සහතික පිරිනමනු ලැබුවේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය අධ්‍යක්ෂිකා වෛද්‍ය පූනම් කෙත්රාපල් සිං විසින්. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය 72 වන සමුළුව අතරතුරදී මෙම සහතික පිළිගන්වා […]
මැතිවරණ කොමිසන් සභාවේ විශේෂ රැස්වීමක් ලබන 09 වනදා කැදවා තිබෙනවා. ඉදිරියේ දි පැවැත්වීමට නියමිත මැතිවරණ සම්භන්ධයෙන් එහිදී සාකච්ඡ කිරීමට නියමිතයි. ජන්ද විමසීමේ දී දිස්ත්‍රික් මට්ටමින් පැමිණිලි කමිටු ස්ථාපිත කිරීමට ද අවදානය යොමු ව තිබෙනවා. මැතිවරණ කොමිසම කුරුණෑගල දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරීවරයාට දැනුම් දී ඇත්තේ දැනට පුරප්පාඩුව පවතින එක්සත් ජනතා නිදහස් සංධානයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීධූරය දින […]
කාර්යාල දුම්රියේ කාන්තාවන් සඳහා වෙන්වූ මැදිරියේ ගමන් ගත් පුද්ගලයින් 10 දෙනෙකු දුම්රිය ආරක්ෂණ අංශය අද අත් අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව මහව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියේ කාන්තා මැදිරියේ ගමන් ගත පිරිසකුයි මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ. අත් අඩංගුවට ගත් පිරිසකගෙන් රුපියල් 1000- 1500 අතර දඩ මුදල් අය කර […]
කොම්පඤ්ඤ විදිය ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීමේ ස්ථානයක සේවය කරමින් සිටි ඉන්දියානු ජාතිකයින් 44 දෙනෙකු ගැනීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය අත් අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් මෙරට රැදී සිටීමේ වීසා කාලය ඉක්මවා මාස 2-3 ඉක්මවා තිබී ඇති බව සදහන් වෙනවා. අත් අඩංගුවට පත් මොවුන් වයස අවුරුදු 25 සහ 50 අතර වයස් සිමාවේ පසුවූවන්නන් වන බව පැවසෙන […]
මාධ්‍යය වෙත අදහස් දක්වමින් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ ඕනෑම මැතිවරණයකට තමන් ඇතුළු සිය පක්ෂයේ සියලු දෙනා සුදානම් බවයි. විශේෂයෙන්ම ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය මත පමණක් ජනාධිපතිවරණ ප්‍රතිඵලය ගැන කතා කළ නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ වැඩි දුරටත් ප්‍රකාශ කල අතර එමෙන්ම ඇල්පිටිය ප්‍රාදේශිය සභාවේ මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් […]
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔහු ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද නියම කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටි කාලසීමාව තුළ නීතිවිරෝධී අයුරින් රුපියල් කෝටි තිහකට අධික මුදලක් උපයා ගැනීම යන චෝදනා මත නඩුවගොනු කර තිබෙනවා. ඒ අනුව අධි චෝදනා භාරදීමෙන් අනතුරුව සජින් වාස් ගුණවර්ධනට රුපියල් ලක්ෂ 5 ක […]
ලෝකය පුරා සමීක්ෂණයක් කරලා තියෙනවා 2019 වර්ෂයේ ජිවත් විමට සුදුසුම නගර සහ නුසුදුසුම නගර පිළිබදව. මේ තියෙන්නේ 2019 වර්ශයේ ජිවත් වීම සදහා සුදුසුම නගර දහයයි. 1. ඔස්ට්‍රියාව – වියානා 2. මෙල්බර්න් – ඕස්ට්‍රේලියාව 3. සිඩ්නි – ඕස්ට්‍රේලියාව 4. ඔසාකා – ජපානය 5. කැල්ගරි – කැනඩාව 6. වැන්කුවර් – කැනඩාව 7. ටොරොන්ටෝ – කැනඩාව 7. ටෝකියෝ […]
හොන්ඩුරාස් රාජ්‍යයේ හිටපු ජනපති පෝර්ෆිරියෝ ලොබෝගේ බිරිඳට වසර 58 ක සිර දඩුවමක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නියම කර තිබෙනවා. ඒ අනුව 2010 සිට 2014 කාල සිමාව තුල ජාත්‍යන්තර ආධාර සහ පොදු ආධාර ලෙස ලැබී තිබු ඇමෙරිකානු ඩොලර් 779,000 ක මුදල් වැරදි ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මතයි මෙලෙස සිරදඩුවම් නියම වී ඇත්තේ, එම ආර්යාව මෙම මුදල් […]
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් යුතු බවට එරට අගමැති බොරිස් ජොන්සන් ඉදිරිපත් කල යෝජනාව එරට පාර්ලිමේන්තුවේදී පරාජයට පත්ව තිබෙනවා. ඒ අනුව නව අගමැති විසින් ඉදිරිපත් කල පළමු යෝජනාව මෙලෙස පරාජයට පත්ව තිබෙන අතර එමෙන්ම මෙම යෝජනාව පරාජය වීමෙන් පසු මහා මැතිවරණයක් පැවැත්විය යුතු බවට ද අගමැතිවරයා ගෙන ආ යෝජනාව ද පරාජයට පත්ව තිබෙනවා. මේ අනුව මහ […]