ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here
ඉන්දීය සුපිරි ක්‍රීඩක වීරත් කෝලි අද ඔහුගේ 31 වන උපන් දිනය සමරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු සහ ඔහුගේ බිරිද ඉන්දීය සුපිරි නිළි අනුෂ්ක ශර්මා සමග මේ දිනවල භූතානයේ සංචාරයකද නිරත වෙනවා.
අමෙරිකාව සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් කිරීමට නියමිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අනිවාර්යෙන් පරාජය කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පවසනවා. අද කොළඹ නිදහස් චතුරශ්‍රය පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සදහන් කළා. එහිදී උන්වහන්සේ වැඩි දුරටත් සදහන් කලේ පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පෙන්වා දෙන්නේ මෙවැනි ගිවිසුමක් මේ මොහොතේ අත්සන් […]
මුල්ලේරියාව සල්මල් උයන ප්‍රදේශයේදී ඊයේ හෙරොයින් ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 250ක් සහ මුදල් රුපියල් 22560ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ නිලධාරීන්ට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර එම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවවෙකු වු අංගොඩ ලොක්කා නැමැත්තාගේ සමීපතමයෙකු බවට පොලීසිය කළ විමර්ශනයේදී වැඩි දුරටත් අනාවරණය වී තිබෙනවා. මේ පිලිබදව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.
චීලි රාජ්‍යයේ රිච්ටර් මාපකයේ ඒකකය හයයි දශම බින්දුවක ප්‍රබලතාවයකින් යුතු භූකම්පන තත්ත්වය හටගෙන ඇති බව එරට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. චීලි රාජ්‍ය තුළ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පැවැත්වෙන අතරවාරයේ මෙම භූකම්පන තත්ත්වය හටගෙන ඇත. කෙසේ වෙතත් භූකම්පන තත්ත්වය හේතුවෙන් සිදුවූ හානිය පිළිබද මෙතෙක් අනාවරණය වී නොමැති බව වාර්තා වෙයි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගි වුණ ජන රැළියක් ඊයේ මින්නේරිය ප‍්‍රදේශයේ පැවැත්වුණා. එහිදී අදහස් දැක් වූ සජිත් ප්‍රේමදාස මහතා සදහන් කලේ ජනතාවගේ තිබෙන ගැටලුවලට තමා බලයට පත් වූ පසු දිනයක් තුල විසදුම් ගෙන දෙන බවයි.
බුද්ධි අංශ ආරක්ෂා කිරීමට නව නීති ගෙන එමින් ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ආරක්ෂක අංශ වෙත යළි බලය පවරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ හලාවත පැවති ජනරැලියක් අමතමින්ය.
පවතින ගෑස් හිගය හේතුවෙන් බේකරි කර්මාන්තකරුවන් හා සාමාන්‍ය ජනතාව දැඩි අපහසුතාවයකට පත් ව තිබෙන බව වාර්තා වෙනවා. විශේෂයෙන්ම දිවයිනේ බොහෝ ප්‍රදේශයන්වල මෙම ගෑස් හිගය මවාපාමින් පාරිභෝගික ජනතාව මුලාවට පත් කල කූට වෙළෙදුන් ගැනද පුවත් වාර්තා වුණා. කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය පවසන්නේ රජයේ හදිසි මිලදී ගැනීම් යටතේ අද දිනයේ ගෑස් මෙට්ට්‍රික් ටොන් 3600ක් රැගත් නෞකාවක් පැමිණෙන […]
පුජ්‍ය උඩුදුම්බර කාශ්‍යප හිමියන් අද කොළඹ නිදහස් චතුරශ්‍රයෙදී උපවාසයක් ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ මිලේනියම් චැලෙන්ජ් ගිවිසුමට විරෝධය පල කරමින්ය.
බොරලැස්ගමුව නගරයේ දී පොලීසිය විසින් සිදු කල පරීක්ෂණයකදී ව්‍යාජ මුදල් සමග පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 3 ක් සොයාගෙන ඇති අතර වැඩි දුර විමර්ශන වලදී තවත් පුද්ගලයෝ හතර දෙනෙක් සහ රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 7 ක් සහ ව්‍යාජ නෝට්ටු මුද්‍රණය සඳහා යොදා ගත් උපකරණ කිහිපයක්ද ඔවුන් සතුව තිබී සොයාගෙන තිබෙනවා.
ශ්‍රීලනිපය අද මධ්‍යම කාරක සභා රැස්වීමක් කැදවා තිබෙනවා. විශේෂයෙන්ම පක්‍ෂයේ ප‍්‍රතිපත්ති කඩන පාර්ශ්වයන් සම්බන්දයෙන් මෙහිදී විශේෂ තීරණයක් ගැනීමට සුදානම් වන බවයි වාර්තා වන්නේ. එමෙන්ම අද ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානය විසින් සමුළුවක් සංවිධානය කර තිබෙන බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දක්වන ශ්‍රීලනිපයේ මහලේකම් ඇතුළු පිරිස පෙන්වා දෙන්නේ මිට සහභාගී වන පිරිසට දැඩි විනය […]
දකුණු පළාතේ පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය සේවා නිලධාරීන් අද රෝහල්වල වර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්. මේ සම්බන්දයෙන් බලධාරීන්ගේ අවධනය යොමු නොවුනොත් හෙට සිට දිවයිනේ සියලු රෝහල්වල මෙම වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි ඔවුන් වැඩි දුරටත් සදහන් කරන්නේ.