ජනාධිපතිවරණයේදී සහාය දෙන අපේක්ෂකයා කවුරුන්ද යන්න අනිද්දා ප්‍රකාශයට පත් කිරීමට අද පෙරවරුවේ යාපනයේ පැවති සාකච්ඡාවකදී උතුරේ දෙමළ දේශපාලන පක්ෂ තීරණය කර තිබෙනවා. ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා, උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජනතා සන්ධානය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් නායකත්වය දරණ ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂය සහ දෙමළ ජාතික […]
ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ තරග දෙක පැවැත්වෙන නගර පාකිස්තානය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව එම තරග දිවිත්වය රාවල්පිණ්ඩි හා කරච්චි යන නගර වලිදී පැවැත්වීමට නියමිතයි. 2009 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම පසුගියදා එක්දින […]
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සඳහා ආරක්ෂාව ලබාදෙන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව පොලීසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. තැපැල් කාර්යාල වෙත සහ කාඞ්පත් බෙදාහරින අවස්ථාවේදී මෙලෙස ආරක්ෂාව සපයන ලෙස තැපැල්පති රංජිත් ආරියරත්න ඉල්ලීමක් කළ බව සදහන්. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම අද ආරම්භ වන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් තැපැල්පතිවරයා තවදුරටත් කියා සිටියා. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා […]
මිහින්තලය අඹගහවෙල හන්දිය ප්‍රදේශයේ ජිප් රථයක් සහ වෑන් රථයක් එනිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා කාන්තාවක් මියගොස් තිඛෙනවා. අනතුරින් වෑන් රථයේ ගමන් කළ පස් දෙනෙකු තුවාල ලබා මිහින්තලය රෝහලට ඇතුලත් කිරීමේදී 45 හැවරිදි කාන්තාවක් මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ. ජිප් රථයේ රියදුරු ඇතුළු තවත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර […]
ජපානයේ සිය තුන් දින නිල සංචාරය නිමා කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (27) රාත්‍රී යළිත් කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය . ජපානයේ නරුහිතෝ රජතුමාගේ රාජාභිෂේක මංගල්‍යයට සහභාගී වීම සදහා ජනාධිපතිවරයා එරටට ගොස් සිටි අතර , ජනාධිපතිවරයා සමග 21 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද මෙම සංචාරය සදහා සහභාගී වී සිටියහ. මෙම පිරිස ඊයේ […]
කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ 2015 වසෙර්දී ලබා ගත් සමාජ නිදහස තවදුරටත් සහතික කිරීම සඳහා එළඹෙන ජනාධිපතිවරණයේදි අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරමින් තෙරරතුරු දැනගැනිමේ පනත බලාත්මක කරමින් ජනතාවට අවශ්‍ය නිදහස ලබා දීමට පියවර ගත් බවද අග්‍රාමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේය.
දිවයිනේ බොහෝ පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ශ්‍රී ලංකාවට දකුණු දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින වායුගෝලයේ කැළඹිලි ස්වභාවය දකුණු මුහුදු ප්‍රදේශය හරහා දිවයිනට බටහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයට අද (28) දිනයේදී ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ. මෙම පද්ධතියේ බලපෑමට යටත්ව දිවයිනේ බොහෝ පළාත් වල වැසි තත්ත්වය […]
එංගලන්තයේ එසෙක්ස් හි කන්ටේනරයක තිබී සොයාගත් මළ සිරුරුවල අනන්‍යතාව මේ වනවිට අනාවරණය වෙමින් පවතිනවා. එංගලන්තයේ එසෙක්ස් හි කන්ටේනරයක තිබී සොයාගත් මළ සිරුරු චීන ජාතිකයන් බව මුලින් අනාවරණය වුවත්, ඉන් 6 දෙනෙකු වියට්නාම ජාතිකයන් බව මේ වනවිට අනාවරණය වෙමින් තිබෙනවා. වියට්නාමයේ පවුල් කිහිපයක් තමන්ගේ ඥාතීන් මෙම මියගිය පිරිස අතර සිටින බව මේ වනවිට පවසා ඇති බව […]
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඊයේ (25) රාත්‍රියේ එල්ලවූ එම සයිබර් ප්‍රහාරය හේතුවෙන් මිනිත්තු 25 කට ආසන්න කාලයක් එම ගිණුමේ නිරුවත් ජයාරූප ආදිය පළකර තිබු බව වාර්තා වනවා. කෙසේ හෝ අද අළුයම් කාලය වන විට යළි පාර්ලිමේන්තුවේ ට්විටර් ගිණුම යථා තත්ත්වයට පත් කර ගැනීමට හැකිවී තිබෙනවා. මේ දක්වා එය සයිබර් […]
සංචාරක ශ්‍රී ලංකා කාණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පළමු 20යි 20 තරගය හෙට (27) පැවැත්විමට නියමිතව තිබෙනවා. පළමු තරඟය ඔක්තෝම්බර් 27 උදෑසන 9.00 ට ඇඩිලේඩ් හි පැවැත්වෙන අතර දෙවැනි තරඟය ඔක්තෝම්බර් 30 සවස 1.40 ට බ්‍රිස්බෙන්හි පැවැත්වීමට නියමිතයි. තෙවැනි තරඟය නොවැම්බර් 1 වැනි දා සවස 1.40 ට මෙල්බන් හිදී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකා කණ්ඩායම ලසිත් […]
ලබන මස 16 වන දා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. එහි මූලික අදියර ලෙස තැපැල් මූලස්ථානයේ සිට ප්‍රාදේශීය තැපැල් අධිකාරීවරුන් හරහා තැපැල් කාර්යාලවලට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා යොමු කිරීම අද දිනයේදි සිදුකෙරෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න කියා සිටියා. අනතුරුව ලබන සඳුදා සිට ඡන්ද දායකයින් […]
ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අද පෙරවරුවේ එළිදැක්වුණා. ‘අනුර සමග රට හදන හැටි ’ අපේක්ෂාවේ උදානය ලෙස එය නම් කර තිබෙනවා. ඒ සඳහා වන උත්සවය අද කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වුණා. මැතිවරණයකදී ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශනය හා ජනතාව අතර නිතිමය බැඳීමක් පවතින ආකාරයේ නීතියක් සම්පාදනය කිරීම සිය ප්‍රමුඛ අරමුණ බව […]