News Line| Off Air
Generic placeholder image

Oct
16

ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 80ක් ඉක්මවිය හැකියි – මහින්ද දේශප්‍රිය

Generic placeholder image

අද(16) පෙරවරුවේ මැතිවරණ කොමිශන් සභාව විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් මැතිවරණ කොමිශන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 80ක් ඉක්මවනු ඇති බවයි. පසුගියදා පැවති ඇල්පිටිය ප්‍රාදේශිය සභා ඡන්ද විමසීම සැලකිල්ලට ගැනීමේදී මෙම තත්ත්වය අපේක්ෂා කළ හැකි බව මැතිවරණ කොමිශන් සභාවේ සභාපති මෙහිදී වැඩිදුරටත් පවසා සිටියා.


Oct
16

යාපනයට ටොර්නේඩෝ තත්ත්වයක්

Generic placeholder image

ඊයේ (15) සවස යාපනය පන්නෙයි ප්‍රදේශයට ටොර්නේඩෝ තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා. වර්ෂාව හට ගැනීමට සුදානම් වු අවස්ථාවේ අදාළ ටොර්නේඩෝ තත්ත්වය හටගෙන ඇත. ටොර්නේඩෝ තත්ත්වයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර විනාඩි පහකට ආසනන් කාලයක් අදාළ තත්ත්වය පැවති බවද සඳහන් වේ. වර්ෂාව හෝ වර්ෂාව හට ගැනීමට පෙර ඇති වන පීඩන තත්ත්වය මත ටොර්නේඩෝ තත්ත්වයන් හට […]


Oct
16

දීපාවලි වෙනුවෙන් වතු කම්කරුවන්ට වැඩි අත්තිකාරම් මුදලක්

Generic placeholder image

මෙවර දීපවාලි උත්සවය වෙනුවෙන් වතු කම්කරුවෙකුට රු. පහලොස්දහසක අත්තිකාරම් මුදලක් ලබා දිමට රජය කටයුතු කර ඇත. නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යය පලනි දිගම්බරම් මහතා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ වතු සමාගම් විසින් වතු කම්කරුවෙකුට රු දසදහසක්ද රජය මගින් රු පන්දහසක මුදලක්ද ලබා දිමට කටයුතු කරන බවයි. ශ්‍රි ලංකා තේ මණ්ඩලය සතු […]


Oct
16

බැසිල්ගේ නඩුව කල් යයි

Generic placeholder image

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතරදෙනකුට එරෙහිව රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගොනුකළ නඩුවේ විභාගය නොවැම්බර් මස 07 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත. ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදලට අයත් රුපියල් මිලියන 2991 ක මුදලක් දිවිනැගුම ආධාර ලාභීන්ට නිවාස ආධාර වශයෙන් ලබා දීම මගින් […]


Oct
16

හූ කියන අය ගැන විමසිලිමත් වෙන්න – ගම්මන්පිළ

Generic placeholder image

ඊයේ(15) පස්වරුවේ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලබන 25 වනදා එළිදැක්වීමට තීරණය කළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකබද්ධ විපක්ෂයට ගොනු වී සිටින පක්ෂ සියල්ල එක්ව බිහිකරන නව […]


Oct
16

රටේ ඒකීයභාවය සෑම ජනකොටසක්ම හදවතින්ම පිළිගන්නා තැනට පත්කළ යුතුයි – ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස

Generic placeholder image

රටේ ඒකීයභාවය සෑම ජනකොටසක්ම හදවතින්ම පිළිගන්නා තැනට පත්කළ යුතු බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. ඔහු පෙන්වාදෙන්නේ සම්බුද්ධ ශාසනයට ප‍්‍රමුඛතාවය ලබාදීම ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කිරීම අත්‍යවශ්‍ය බවයි. කිසිඳු ජනකොටසකට අසාධාරණයක් සිදුවීමට ඉඩනොතබන බවයි ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා වැඩිදුරටත් පැවසුවේ නිට්ටඹුවේ ඊයේ (15) පස්වරුවේ පැවැති ජනරැළියකට එක්වෙමින්.


Oct
16

රටේ විකුණූ සම්පත් නැවත ලබාගැනීමට කටයුතු කරනවා – ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ

Generic placeholder image

වත්මන් ආණ්ඩුව විදේශිකයන්ට විකුණූ සම්පත් නැවත ලබාගැනීමට කටයුතු කරන බව ඊයේ(15) කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළේය. ජාතික සමථා බලවේගයේ නියෝජිත සම්මේලනය ඊයේ පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වුනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ […]


Oct
16

කොළඹ කුණු අරුවක්කාලු වෙත බැහැර කිරීම නවති.

Generic placeholder image

මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ විසින් කොළඹ නගරයේ එක්රැස්වන කැළිකසල අරුවක්කාලු කසළ අංගනයට බැහැර කිරීම අද සිට අත්හිටුවන බව පවසා ඇත. කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය විසින් අරුවක්කාලු කසල අංගනය පිළිබඳ සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුව ඇති බවයි කොළඹ නාගරික කොමසාරිස්වරයා වෙත ලිඛිත දැනුම් දිමක් කරමින් අමාත්‍යාංශ ලේකම් නිහාල් රූපසිංහ මහතා පෙන්වා […]


Oct
15

ජනාධිපති අපේක්ෂකයන් සඳහා උපරිම ආරක්ෂාවක් සැපයීමට ජනපති උපදෙස් දෙයි

Generic placeholder image

එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ජනාධිපති අපේක්ෂකයන් සඳහා උපරිම ආරක්ෂාවක් සැපයීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී තීරණය කරනු ලැබුවා. ඒ අනුව ජනාධිපති අපේක්ෂකයින් ඉල්ලා සිටින පරිදි ඔවුන්ට අවශ්‍ය උපරිම ආරක්ෂාව සැලසීමට ජනාධිපතිතුමා ආරක්ෂක අංශ ප්‍රධානීන් දැනුවත් කර තිබෙනවා.


Oct
15

බොස්ට මුට්ටි ඇල්ලීමේ කලාව

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here  


Oct
15

කොළඹ කැළිකසල අරුවක්කාලු කසල අංගනයට බැහැර කිරීම හෙට සිට අත්හිටුවයි

Generic placeholder image

කොළඹ නගරයේ එක්රැස්වන කැළිකසල අරුවක්කාලු කසල අංගනයට බැහැර කිරීම හෙට(16) සිට අත්හිටුවන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පවසනවා. අරුවක්කාලු කසල අංගනය පිළිබඳ කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය විසින් සිදුකරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුව ඇති බව කොළඹ නාගරික කොමසාරිස්වරයා වෙත ලිඛිත දැනුම් දිමක් සිදුකරමින් අමාත්‍යංශ ලේකම් නිහාල් රූපසිංහ මහතා පෙන්වා දී තිබෙනවා.


Oct
15

ගතවූ මාස 10 තුළ මැලේරියා රෝගීන් 31 ක් වාර්තා වෙයි

Generic placeholder image

ගතවූ මාස 10ක කාලය තුළ මැලේරියා රෝගීන් 31 ක් වාර්තා වී ඇතැයි මැලේරියා මර්ධන ව්‍යාපාරය සදහන් කළා. 2012 වසරින් පසු මෙරටින් අභ්‍යන්තර මැලේරියා රෝගීන් වාර්තා වී නොමැති බව එම ව්‍යාපාරය ප්‍රකාශ කළා. මෙලෙස වාර්තා වී ඇති රෝගීන් 31 දෙනා අප්‍රිකානු සහ ඉන්දීය සංචාරවලින් පසු මෙරටට පැමිණි පිරිස් බව තහවුරු වී තිබෙනවා. මැලේරියා රෝගය තුරන් කළ […]


News Articles
Latest Videos
Most Popular Post