News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
14

හගිබීස් බලපෑමෙන් ජපානයේ මිය ගිය ගණන ඉහළ යයි

Generic placeholder image

ජපානයට බලපෑ හගිබිස් සුළි කුණාටුව හේතුවෙන් මියගිය පුද්ගයින් ගණන 26 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 17 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ආපදා හේතුවෙන් පුද්ගලයින් 100 දෙනෙකු තුවාල ලබා රෝහල් වලට ඇතුලත් කර තිබෙනවා. ජනාපයේ ටෝකියෝ නගරයේ නිවාස 1 ලක්ෂ 50 දහසක විදුලි සැපයුමට බාධා එල්ලවී ඇත්තේ එරට හරහා හමා […]


Oct
14

රන් බිස්කට් තොගයක් සමග පුද්ගලයකු රේගු අත්අඩංගුවට

Generic placeholder image

කිලෝ 1 යි ග‍්‍රෑම් 700 ක් බරැති රන් බිස්කට් තොගයක් සමග පුද්ගලයකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව ග‍්‍රම් 100 බැගින් බර රන් බිස්කට් 10 ක් තිබු බවයි පොලිසිය සදහන් කළේ. සැකකරු මෙම රත‍්‍රං තොගය රැුගෙනවිත් ඇත්තේ සිය ගමන් මල්ලේ හැඩලයේ ඉදිරිපස කොටසේ සහ පිටුපස රෝද දෙකේ රන් බිස්කට් අලවා ගනිමින්. අත්අඩංගුවට ගත් […]


Oct
14

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබද විමර්ශනයට පත් කළ ජනපති කොමිසමට පැමිණිලි භාර ගැනීම අදින් අවසන්

Generic placeholder image

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි භාර ගැනීම අදින් අවසන් වනවා. ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට ජනාධිපතිතුමා විසින් පත්කළ පරීක්ෂණ කොමිෂන් සභාව පංච පුද්ගල කමිටුවකින් සමන්විතයි. අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා කමිටුවේ සභාපති ලෙස පත්කර තිබෙනවා. කමිටුවේ සෙසු සමාජිකයින් වන්නේ අභියාචනාධිකරණයේ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න / විශ‍්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජකරුණා […]


Oct
14

වැලිකඩ නඩුව අද සිට

Generic placeholder image

වැලිකඩ සිරකරු ඝාතන සිද්ධිය සම්බන්ධ නඩු විභාගය අද සිට විභාගයට ගැනීමට නියමිතයි. නඩු විභාගය පැවැත්වෙන්නේ ගිහාන් කුලතුංග /ප‍්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන කොළඹ මහාධිකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ යි. 2012 වසරේ නොවැම්බර් මස 9 දා වැලිකඩ බන්ධනාගාරය තුළ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කරන ලද සෝදිසි මෙහෙයුමක් අතරවාරයේ ඇතිවූ ගැටුම් වලින් සිරකරුවන් අට […]


Oct
14

ජනතා හිතැති ආර්ථිකයක් බිහි කරනවා – ගෝඨාභය කියයි

Generic placeholder image

ජනතා හිතැති ආර්ථික ක‍්‍රමයක් බිහිකරන බව ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ ඊයේ පස්වරුවේ කඩවත මහර පැවති ජන රැළියට එක්වෙමින්.


Oct
14

රණවිරුවන්ගේ ගරුත්වය සුරකින බව සජිත්ගෙන් ප‍්‍රකාශයක්

Generic placeholder image

රණවිරුවන්ගේ ගරුත්වය සුරකින බව එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුනේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ බිබිළ ප‍්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.


Oct
14

ජනාධිපතිවරණය ගැන ටී එන් ඒ තීරණය ඉදිරි දින කිහිපයේ

Generic placeholder image

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් සහාය දක්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉදිරියේ දී ප‍්‍රකාශයට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. ඒ සම්බන්ධයෙන් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් එක් වී විශේෂ සාකච්ඡුාවක් පැවැත්වීමට නියමිත බවයි එම සන්ධානයේ ප‍්‍රකාශකයකු සදහන් කළේ. සිය තීරණය ප‍්‍රකාශයට පත් කිරීමට පෙර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සමගද සාකච්ජාවක් පැවැත්වීමට දෙමළ ජාතික සන්ධානය තීරණය […]


Oct
13

ගෝඨාභයට තවත් සහයක්

Generic placeholder image

ඉදිරි ජනාධිපතිවරණයේදි ලංකා කම්කරු කොංග්‍රසයේ සහය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දිමට එම පක්ෂය තිරණය කර තිබෙනවා. ඒ බව ප්‍රකාශ කලේ අද පෙරවරුවේ පැවති එම පක්ෂයේ විධායක සභා රැස්වීමෙන් අනතරුවයි.


Oct
13

දෙහිවල ගුවන් පාලම මතින් යතුරු පැදි ධාවනය තහනම් කෙරේ

Generic placeholder image

ගල්කිස්ස කොට්ඨාස මාර්ග ආරක්ෂක කමිටුව හා රත්මලාන මාර්ග සංවර්ධන අධිකාරිය විසින් දෙහිවල ගුවන් පාලම හරහා යතුරු පැදි ධාවනය කිරීම තහනම් කිරීමට කටයුතු කර තිබෙන වාර්තා වෙනවා. මෙම ක්‍රියාමාර්ගය ගැනීමට හේතු වී ඇත්තේ යතුරු පැදි ධාවනය කිරීම තුලින් ගුවන් පාලම මත රිය අනතුරු බහුලව සිදුවීමයි.


Oct
13

අනාරක්‍ෂිතව පැවැති රක්‍ෂිත භූමි 65 ක් ආරක්‍ෂිත වනාන්තර ලෙස නම් කරයි

Generic placeholder image

ගල්ඔය රක්‍ෂිතයේ පැවැති රුක්රෝපණ උත්සවයකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රාජ්‍ය නායකයා ලෙස අනාරක්‍ෂිතව වනාන්තර 65 කට ආරක්‍ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කරනු ලබන ගැසට් නිවේදනවල‍ට අත්සන් කරනු ලැබුවා. මේ අවස්ථාවට පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මානප්පෙරුම මහතා ඇතුළු පිරිසක් සිටියා.


Oct
13

මැතිවරණ පැමිණිලි පිළිබද පැෆරල් සංවිධානයෙන් ප්‍රකාශයක්

Generic placeholder image

ඉදිරි ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට ලැබී ඇති පැමිණිළි ප්‍රමාණය පිළිබද පැෆරල් සංවිධානය ප්‍රකාශ කරන්නේ ඊට අදාළ සිදුවීම් 43ක් මේ වන විට තම සංවිධනයට ලැබී ඇති බවයි. විශේෂයෙන්ම ඒ පැමිණිලි අතර බොහොමයක් රාජ්‍ය බලය සහ දේපළ අවභාවිතා කිරීමට අදාළ කාරණා බවයි එම සංවිධානය සදහන් කරන්නේ. එම කටයුතු නිරීක්ෂණය සඳහා සිය සංවිධානය කටයුතු යොදා ඇති බවයි පවසන්නේ.


Oct
13

ජ පුර අධ්‍යන කටයුතු එළඹෙන සතියේ ආරම්භ වේ

Generic placeholder image

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර අද සිට සිසුන්ට විවෘත වනවා. අධ්‍යන කටයුතු එළඹෙන සතියේ සිට ආරම්භ කරන බවයි ජයවර්ධපුර විශ්ව විද්‍යාලය සදහන් කළේ. ව්‍යවහාරික විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු ඔක්තෝබර් 15 දා සිට ආරම්භ වන අතර මානව ශාස්ත‍්‍ර හා සමාජ විද්‍යා පීඨයේ විභාග ඔක්තෝබර් 16 වනදා සිට ආරම්භ වනු ඇති. සෙසු පීඨවල වල අධ්‍යයන කටයුතු සහ […]


News Articles
Latest Videos
Most Popular Post