News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
14

කාළගුණය රතු නිවේදනයක් නිකුත් කරයි

Generic placeholder image

ප්‍රභල අකුණු හා තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද පස්වරුවේ නිකුත් කළ මෙම නිවේදනය රාත්‍රී 10.00 තෙක් වලංගු වන බව සදහන්. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ හා ඌව පළාත්වලත් ගාල්ල, මාතර, අනුරාධපුරය හා වව්නියාව දිස්ත්‍රික්වලවත් තැනින් තැන සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ […]


Oct
14

යාපනයටත් සැප නෞකාවක්

Generic placeholder image

ගැටලුවක්ව පැවති යාපනය ප්‍රදේශයේ දුගී ජනතාවගේ ප්‍රවාහන ගැටළුවලට විසදුමක් වශයෙන් සුඛෝපභෝගී නෞකා සේවාවක් හදුන්වා දී තිබෙනවා. ඒ , උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශය විසින්ය. මෙම මගී නෞකාව සදහා රජය රුපියල් මිලියන 137 ක මුදලක් ආයෝජනය කර තිබෙනවා. එකවර නෞකාව තුළ මගීන් 100 කට පහසුවෙන් ගමන් කළ හැකි අතර යාපනය කයිට්ස් සිට එළුවතිවු සහ […]


Oct
14

ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක් ගැන ලෝක බැංකුවෙන් ප්‍රකාශයක්

Generic placeholder image

2019 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2.7ක් ලෙස පැවැතියත් 2020දී ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය 3.3ක් දක්වාත් 2021 දී ආර්ථික වර්ධනය 3.7ක් දක්වාත් ඉහළ යනු ඇති බව ලෝක බැංකුව සඳහන් කරනවා. 2019 වසරේදී ශ්‍රී ලංකාව 2.7 ආර්ථික වර්ධනයක් අත්කර ගත්තත් පාස්කු ප්‍රහාරයෙන් පසුව හා දේශපාලන අර්බුද වලින් පසුව නැවතත් ආයෝජන යථා තත්ත්වයට පත්වීම, අපනයන වර්ධනය වීම […]


Oct
14

ඇන්ජිලෝ නැවතත් පන්දුව අතට ගනී

Generic placeholder image

පසුගිය කාලයේ ආබාධයන්ට ගොදුරු වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු යැවීමෙන් ඉවත්ව තිබුණා. කෙසේ වෙතත් ඔහු පන්දු යැවීම සදහා පුහුණු සැසියකට සහභාගී වී ඇති බව වාර්තා වෙනවා. මේ හේතුවෙන් කණ්ඩායමට නැවතත් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ඇන්ජලෝ මැතිව්ස් කණ්ඩායමට එකතු වීමට ඇති බවයි පැවසෙන්නේ.


Oct
14

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය සියයට 90 කින් අවසන්

Generic placeholder image

ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද පත‍්‍රිකා මුද්‍රණය කිරීම සියයට 90 කින් අවසන් බව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කලේ ජන්ද පත‍්‍රිකා නොවැම්බර් මස 06 වන දිනට ප‍්‍රථම මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දීමට බලාපොරොත්තු වන බවයි. රජයේ මුද්‍රණාලයට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබෙනවා. පොලිස් නිලධාරීන් 41 දෙනකුගෙන් සමන්විත විශේෂ පොලිස් මුරපොළක් එහි ස්ථාපිත […]


Oct
14

කිලිනොච්චියේ දී සුරාබදු ජිප් රථයකට පොලීසියෙන් වෙඩි

Generic placeholder image

කිලිනොච්චිය ප‍්‍රදේශයේ දී අණ නොතකා ධාවනය කල ධාවනය කල ජිප් රථයකට පොලීසිය වෙඩි තබා තිබෙනවා. පොලීසිය පැවසුවේ ජිප් රථයකින් ගංජා ප‍්‍රවාහනය කරන බවට ලද තොරතුරකට අනුව අද පෙරවරුවේ මෙහෙයුමක් ක‍්‍රියාත්මක කල බවයි. කිලිනොච්චිය කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් මෙහෙයුමට එක්ව සිටියා. අදාළ වාහනය නතර කරන්නැයි සංඥා කල පසු පොලිසිය ඊට වෙඩි තබා තිබුනේ පොලිස් අණ […]


Oct
14

බදුල්ලේ කොට්ඨාස 03 කට නාය යෑම් අනතුරු ඇගවීම්

Generic placeholder image

බදුල්ල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුනකට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක‍්‍රියාත්මකයි. හල්දුම්මුල්ල, ඇල්ල සහ පස්සර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම නිවේදනය නිකුත් කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ. කලා ඔයේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් පුත්තලම මන්නාරම මාර්ගය එලූවන්කුලම ප‍්‍රදේශයෙන් තාවකාලිකව වසා දමා තිබෙනවා. එලූවන්කුලම […]


Oct
14

TNA එස් විජයාලේන්ද්‍රන්ගේ සහය ගෝඨාභයට

Generic placeholder image

දෙමළ ජාතික සංධානය නියෝජනය කල මඩකලපුව දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් විජයාලේන්ද්‍රන් මහතාගේ සහාය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුනේ ජනාධිපති ධූර අපෙක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීමට තීරණය කර තිබෙනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් සහාය දක්වන අපේක්ෂකයා සම්බන්ධයෙන් ඉදිරියේ දී ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් පක්ෂයේ මන්ත‍්‍රීවරුන් එක් වී විශේෂ සාකච්ඡුාවක් පැවැත්වීමට නියමිත බවයි දෙමළ ජාතික සන්ධානයේ […]


Oct
14

යාපනය අන්තර්ජාතික ගුවන්තොටුපොළ ලබන 17 ජනතා අයිතියට

Generic placeholder image

මේ මස 17 වෙනිදා ඉදිකෙරුණු යාපනය අන්තර්ජාතික ගුවන් තොටුපොල ජනපති සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා. මේ පිලිබදව අදහස් දැක් වූ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කලේ ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් අනතුරුව මුලිකව ඉන්දියාව සමඟ සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට හැකි බවයි


Oct
14

ශ්‍රී ලංකාවාසීන්ට අද දුර්ලභ අවස්ථාවක් – ISS පියවි ඇසට පෙනෙයි

Generic placeholder image

අද ශ්‍රී ලංකා වාසීන්ට දුර්ලභ අවස්ථාවක් හිමිවෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර අභ්‍යාවාකාශ මධ්‍යස්ථානය ප්‍රකශ කරන්නේ පැහැදිලි අහසක් තුල ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය දිස්වෙන බවයි. ඒ අනුව ශ්‍රී ලාංකීය ජනතාවට එය පියවි ඇසට පස්වරු 6.46ට පමණ දැක ගැනීමට හැකි බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්.


Oct
14

ජාතික ජනබලවේගයේ අධ්‍යාපන ප‍්‍රතිපත්තිය ප‍්‍රකාශය අද එළිදැක්වේ

Generic placeholder image

ඉදිරි ජනපතිවරණය සදහා ජාතික ජන බලවේගය යටතේ ඉදිරිපත්වන කුමාර දිසානායක මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය අද සිට එළිදැක්වීමට තීරණය කර තිබෙනවා. අංශ කිහිපයක් යටතේ ඔව්න්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිදිරිපත් කිරීමට සැලසුම්කර තිබෙනවා. ඒ අනුව අද එළිදැක්වීමට ඇත්තේ ඔවුන්ගේ අධ්‍යාපන ප‍්‍රතිපත්තියයි. පිලිබදව අදහස් දැක් වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සදහන් කලේ මෙය ජනතාවට […]


Oct
14

රග්බි ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය ලබන 19 සිට

Generic placeholder image

පළමු තරගය එංගලන්තට හා ඔස්ටේ‍්‍රලියාව අතර පැවැත්විමට නියමිතයි. දෙවන තරගය නවසීලන්තය හා අයර්ලන්තය අතර පැවැත්වෙනු ඇතී වේල්සය හා ප‍්‍රංශය අතරත් ජපානය හා දකුණු අප‍්‍රිකාවත් අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරග ලබන 20 වනදා පැවැත්වෙනවා. ඊයේ පැවති මුලික වටයේ අවසන් තරගයේදී ස්කොට්ලන්තය පරාජය කළ සත්කාරක ජපානය රග්බි ලෝක කුසලානයක අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ ඉතිහාසයේ […]


News Articles
Latest Videos
Most Popular Post