News Line| Off Air
Generic placeholder image

Sep
25

උපාධිධාරින් උද්ඝෝෂණය කිරීමට හේතුව ජනපති පහදයි

Generic placeholder image

උපාධිධාරින් රැකියා ඉල්ලා උද්ඝෝෂණය කරන ක‍්‍රමයක් රට තුළ මතුව ඇත්තේ විද්‍යාවෙන්, තාක්ෂණයෙන් හා පර්යේෂණවලින් බැහැර වූ අධ්‍යාපන ක‍්‍රමය නිසා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව සදහන් කළේ අද පෙරවරුවේ පොළොන්නරුව ගල්ලෑල්ල ජාතික කී‍්‍රඩාංගණයේ දී ආරම්භ කෙරුණු ශිල්ප සේනා ප‍්‍රදර්ශනයේ දෙවන අදියරේ සමාරම්භක උත්සවය අමතමින්. ශිල්ප සේනා ප‍්‍රදර්ශනයේ දෙවන අදියර දැනුම, නව නිපැයුම් […]


Sep
25

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් යුධ හමුදාවට

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිනේෂ් චන්දිමාල් කොමිෂන්ලත් නිලධාරියෙක් ලෙස යුධ හමුදාවට එක්වීමට නියමිත බව මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් සුමිත් අතපත්තු ප්‍රකාශ සදහන් කළා. ශ්‍රී ලංකා යුධ හමුදාවේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමේ අදහසින් දිනේෂ් චන්දිමාල් විසින් මෙලෙස කොමිෂන්ලත් නිලධාරියෙක් ලෙස යුධ හමුදාවට එක්වනු ඇති බවත් ඊට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය හිමිවී ඇති බවත් යුධ හමුදා […]


Sep
25

හෙට සිට වැස්ස තරමක් අඩුවෙයි

Generic placeholder image

දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් හෙට සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. කෙසේ වෙතත් බස්නාහිර, දකුණ, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.


Sep
25

අනාගත ජනපතිට සොබාදහමත් ආදරෙයි – හරීන් කියයි

Generic placeholder image

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ රැළිය මේ වන විට මතුගම මහජන කී‍්‍රඩාංගනයේදී පැවැත්වෙනවා. සජිත් පේ‍්‍රමදාස රැළිය අමතමින් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු කියා සිටියේ මෙම රැළියට වර්ෂාවෙන් බාධා එල්ල නොවන බැවින් අනාගත ජනාධිපතිතුමාට සොබාදහමද ආදරය කරන බවයි. එමෙන්ම සජිත් පේ‍්‍රමදාස යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන නායකයෙක් බවත් ජනාධිපතිවරණයට තව දින 52 ක් ඇති බවත් එම […]


Sep
25

මතුගම මහජන රැළියට සජිත් එයි

Generic placeholder image

මතුගම මහජන කී‍්‍රඩාංගනයේ මේ වන විට පැවැත්වෙන ජන හමුවට ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා පැමිණ තිබෙනවා.  


Sep
25

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

Generic placeholder image

වැටුප් විෂමතා ගැටළුව මුල් කරගනිමින් අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තිය සමිති ප්‍රකාශ කළා. දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම් මනුර පීරිස් කියා සිටියේ තම වැටුප් විෂමතා ගැටළුවට රජය විසඳුමක් ලබාදෙන තුරු අඛණ්ඩව මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි. මෙම වර්ජනය සඳහා දුම්රිය ස්ථානාධිපතිවරුන්, නියාමකවරුන්, පාලකවරුන්, අධීක්ෂකවරුන් සහ රියදුරන් එක්වන බව සඳහන්. එසේම […]


Sep
25

වන අලි පහරදීමකින් ජීවිත හතරක් මරුට

Generic placeholder image

කැකිරාව – ඔලොම්බෑව ප්‍රදේශයේදී වන අලි දෙදෙනෙකු සිදුකළ පහරදීමකින් ගවයින් 4 දෙනෙකු මියගොස් තිබෙනවා. කලාවැව ජාතික උද්‍යානයේ සිට ආහාර සොයා ගම්වැඳුණු මෙම වන අලීන් වෙල් යායක තණ කැවීම සඳහා බැඳ තිබූ ගවයින්ට ඊයේ පස්වරුවේ මෙලෙස පහරදී ඇති බව සදහන්. මේ අතර, මහියංගනය අවට ගම්මාන හා මිනිපේ ගොවි ජනපදයට මේ දිනවල උග්‍ර වන අලි තර්ජනයක් පවතින […]


Sep
25

කෙන්යාවේ පාසල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් ළමුන් 07 ක් මරුට

Generic placeholder image

කෙන්යාවේ අගනුවර නයිරෝබි නුවර පාසල් ගොඩනැගිල්ලක් හදිසියේ කඩාවැටීමෙන් පාසලේ ළමුන් 7 දෙනෙක් මියගොස් තිබෙන අතර 57 දෙනෙකුට අධික පිරිසක් අනතුරෙන් රෝහල් ගත කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ අනුව ප්‍රියස් ටැලන්ට් ටොප් පාසලේ දැවයෙන් කළ කොටසක් මෙලෙස කඩා වැටී ඇත්තේ. අනතුරට හේතුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.


Sep
25

සජිත්ගේ ඉල්ලීමට තිස්ස යළි එජාපයට

Generic placeholder image

අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කළ ඉල්ලීමට එකග වූ බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසනවා. ඒ අනුව තිස්ස අත්තනායක මහතාට එක්සත් ජාතික පක්ෂයට නැවත පැමිණෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා ඉල්ලීමක් කර තිබෙනවා.


Sep
25

ලබන ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

Generic placeholder image

රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ නිර්දේශ අනුව ලබන ජනවාරි මස 01 දින සිට නැවත රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වෙනවා. අවස්ථා දෙකකදී සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් වැඩිකිරීමට නියමිතව තිබු අතර ඒ අනුව පළමුව සියයට 50ක් 2020 ජුලි මස 01 දා සිට ගෙවීමටයි නියමව තිබුනේ. මේ […]


Sep
25

පියා තම එකම පුතා සමග ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් යානයක් පදවාගෙන එයි

Generic placeholder image

ශ්‍රී ලංකික සිවිල් ගුවන් සේවා ඉතිහාසයේ සුවිශේෂී කඩයිමක් පහු කරමින් ලාංකික පියෙකු සහ තම එකම පුතු සමග ගුවන් යානයක් පදවාගෙන පැමිණියා. ඊයේ (24) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොල වෙත ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි එයා ඒෂියා ගුවන් සේවයට අයත් ඒ.කේ.- 047 දරන ගුවන් යානය මෙලෙස උදිත දන්වත්ත ප්‍රධාන ගුවන් නියමුවා ලෙසත් ඔහුගේ එකම පුතා වන කවීෂ […]


Sep
25

වැඩ තහනමකට ලක්ව සිටි යෝෂිත රාජපක්ෂ යළි නාවික හමුදා සේවයට

Generic placeholder image

(CSN) රූපවාහිනි නාලිකාව සම්බන්ධයෙන් සිදුකරනු ලැබු විමර්ශනයක් හේතුවෙන් නාවික හමුදාව විසින් 2016 වර්ෂයේ දී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ වැඩ තහනමකට ලක් කෙරුණා. ඊයේ නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා විසින් ජනාධිපතිවරයා ගෙන් ලද අනුමැතියට අනුව ලුතිනන් යෝෂිත රාජපක්ෂ යළි සේවයේ පිහිටුවිමට තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post