එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකත්වයට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට නම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කොන්දේසි 10 පැනවීමට සුදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. මෙම කොන්දේසි අතර ප්‍රධාන වශයෙන් විධායක ජනපති ධුරය අහෝසි කිරීම ඇතුලත් බව වාර්තා වෙනවා. මේ පිළිබද අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ප්‍රකශ කලේ අදාළ කොන්දේසි සහ […]
අද පාපැදි සවාරිය අද ඇඹිලිපිටියෙන් ආරම්භ වන අතර එය නිමාවට පත් වන්නේ ඇඹිලිපිටිය නගරයෙන්. SLT ස්පීඞ් අප් පාපැදි සවාරියේ පළමු අදියර ඊයේ දෙහිවල ගුවන් පාලම අසලින් ආරම්භ වුනා. පානදුර රත්නපුර ඔස්සේ පැමිණ කිලෝ මීටර 159 යි දශම 4 ක් ගෙවා එය අවසන් වුනේ ඇඹිලිපිටිය ඔරලෝසු කණූව අසලින්. පළමු අදියරේ ජයග්‍රහණය හිමි කර ගැනීමට ශ්‍රි ලංකා […]
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය සහ දුම්රිය රියදුරන් ඇතුලූ දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් අද ආරම්භ කිරීමට සැලසුම් කර තිබු වර්ජනය කල් දමා තිබෙනවා. පවතින අයපහත් කාළගුණය හේතුවෙන් වර්ජනය කල් දැමු බවයි එහි ප්‍රකාශකයින් සියත ප්රවෘත්ති වෙත සදහන් කළේ. වැටුප් ගැටලූව ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද පෙරවරු 8 සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ […]
පාකිස්තානයේ ඇති වූ භූ කම්පනයකින් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් 300 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. භූ කම්පනයේ අගය රික්ටර් මාපකයේ 5 යි දශම 8 ක් ලෙස සටහන්වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මීර්පූර් ප්‍රදේශයේ මහා මාර්ග හා රථ වාහන වලට දැඩි අලාභහානි සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ නිවාස රැසක් […]
පාකිස්තානයේ තරග සංචාරයක් සදහා ශී‍්‍ර ලංකා කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත් වුණා.මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානයේ කරච්චි නුවරට ලගා වී ඇති බව වාර්තා වෙනවා. මෙම තරග සංචාරයේදී ශී‍්‍ර ලංකාව එක්දින තරග 3 කට සහ පන්දුවාර 20 තරග 3 කට සහභාගිවීමට නියමිත අතර ඒ අනුව පාකිස්තානු තරග සංචාරයට එක්වන ශී‍්‍ර ලංකා කණ්ඩායමට රාජ්‍ය නායකයෙකුට සපයන […]
ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් එකම වේදිකාවකට කැඳවීමට සියලූ කටයුතු සූදානම් බව මාර්තු 12 ව්‍යාපාරය පවසනවා. එම අපේක්ෂකයන් ලබන මස 05 වන දා සුගතදාස කි‍්‍රඩාංගනයට කැඳවන බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කළේ. වැඩ සටහන සජීවීව විකාශය කිරීමට සැලසුම් කර තිබෙනවා. එදින ජනාධීපතිවරණ අපේක්ෂකයන් මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන ආකාරය ගැන අපේක්ෂකයන්ගේ පොරොන්දු ලබා ගැනිමට […]
අබාධිත රණවිරුවන් ආරම්භ කළ විරෝධතාව 14 වන දිනටත් අද ක්‍රියාත්මකයි. රණවිරුවන් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ සිට අඛණ්ඩ උපවාසයක් ද ආරම්භ කලා. පසුගිය 11 වනදා මෙම විරෝධතාව ආරම්භ වුනේ තමන් මියගිය පසු භාර්යාව හෝ පවුලේ ඥාතියෙකුටද අදාළ විශ්‍රාම වැටුප ලබාගැනීමට අවශ්‍ය ප්‍රතිපාදන සලසන ලෙස ඉල්ලමින්. සියලූ ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප් ගෙවීමට රජය ඊයේ තීරණය කලා […]
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතාට යළි තමා සමග එක්ව කටයුතු කරන ලෙස නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඉල්ලීමක් කර සිටිනවා. ප්රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කළේ තිස්ස අත්තනායක මහතා පක්ෂය අසීරු අවස්ථාවල ශක්තියක් වු බවයි. විවිධ මතවාද හේතුවෙන් පක්ෂය හැර ගිය සියලූ පළාත් සභා / පළාත් පාලන නියෝජිතයින් ඇතුලූ ක්රියාකාරීන්ටද […]
දිස්ත්‍රික්ක 08 කට බලපා ඇති ආපදා තත්වයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 79 959 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අයහපත් කාලගුණයෙන් මෙලෙස බලපෑම් එල්ල වී ඇත්තේ ගාල්ල මාතර හම්බන්තොට කලූතර කොළඹ ගම්පහ නුවර හා කෑගල්ල දිස්ත්‍රික්ක වලටයි. ආපදා තත්වයෙන් පවුල් 3 696 කට අයත් පුද්ගලයින් 14 899 දෙනෙකු ආරක්ෂිත මධ්‍යස්ථාන 16 ක රදවා සිටිනවා. පුද්ගල මරණයක් […]
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කිරීමට එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගේ අනුමැතිය අද [24] රාත්‍රියේ පළවී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වුණා. මේ […]
මහනුවර දළදා පෙරහැරේ ගමන් කිරීම නිසා වඩාත් මතභේදයට තුඩු දුන් රෝගාතුරව සිටි වයෝවෘද්ධ ටිකිරි ඇතින්න අද පස්වරුවේ කෑගල්ල රන්දෙනිය ප්‍රදේශයේදී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
තුන් නිවුන් දරු සම්පතක සෙනෙහස උරුම වී ඇති එහෙත් එම දරුවන් හදා වඩා ගත නොහැකිව අසීරුතාවයට පත්ව සිටි මව් පිය යුවළ දෙපළක් වෙනුවෙන් සහන සළසමින් මුදල් පරිත්‍යාග සිදු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුකෙරුණා. කුඩා තුන් නිවුන් දරුවන් තිදෙනෙකුගේ මවක් වන වත්තල, හැදල ප්‍රදේශයේ පදිංචි මුදිතා ධනංජනී එදිරිවීර […]