News Line| Off Air
Generic placeholder image

Sep
16

ජනාධිපතිවරණය පැවැත්විය හැකි දිනය ප්‍රකාශ කිරීමේ බලය මැතිවරණ කොමිසමට

Generic placeholder image

ජනපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ පුර්ණ බලතල මැතිවරණ කොමිසම සතු වී තිබෙනවා. ඒ අනුව ඉදිරි ජනපතිවරණය පවත්වන දිනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔක්තෝම්බර් 14 දිනට පෙර ප්‍රකාශයට පත් කල යුතුව තිබෙනවා. මෙවර ජනපතිවරණයෙදී නව ජන්ද දායකයින් 231, 209 කට අවස්ථාව හිමිව තිබෙනවා.


Sep
16

බොරතෙල් මිල සිඝ්‍රයෙන් ඉහළට

Generic placeholder image

පසුගියදා සෞදි ආරාබියේ අරම්කො රාජ්‍ය ඛනිජ තෙල් ව්‍යාපාරයට අයත් ප්‍රධාන පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට එල්ල වූ ද්‍රෝන ප්‍රහාර හේතුවෙන් ලෝක බොරතෙල් මිල ඉහල ගොස් තිබෙනවා. සෞදි ආරාබිය ලෝකයේ ප්‍රධාන තෙල් අපනයනකරුවා වන අතර ඒ අනුව ලෝක තෙල් මිල කෙරෙහිත් ගෝලීය ආර්ථිකය කෙරෙහිත් සැලකිය යුතු බලපෑමක් මේ හේතුවෙන් එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් තෙල් මිල එලෙස ඉහල […]


Sep
16

අගමැති අද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට

Generic placeholder image

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද රාජ්‍ය ආයතනවල දුෂණ වංචා සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට කැදවා තිබෙනවා. ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ පෙරවරු 9ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙසයි. කෘෂි කර්ම අමාත්‍යංශය පවතිවාගෙන යාම සදහා රාජගිරිය ප‍්‍රදේශයේ ගොඩනැගිල්ලක් අධික බදු පදනම මත ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව මෙම කැදවීම සිදු කර තිබෙනවා.මේ […]


Sep
16

එජාපයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී

Generic placeholder image

කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කරන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවේ ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී හමුවෙමින්. පුළුල් බලවේග එකතු කරගත හැකි වැඩපිළිවෙළක් සහ ඒ සඳහා වන ක‍්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන සැමට තමා ප‍්‍රකාශ […]


Sep
16

නිදහස් පක්ෂය අවතක්සේරු කිරීමට ඉඩ දෙන්නේ නෑ – ජනපතිගෙන් ප‍්‍රකාශයක්

Generic placeholder image

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අවතක්සේරුවට ලක් කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ රත්නපුරයේ දී පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ති‍්‍රක් සමුළුවට එක්වෙමින්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේ දී දිස්ති‍්‍රක්ක මට්ටමින් පැවැත්වීමට නියමිත සමුළුව මාලාවේ ප‍්‍රථම සමුළුව ලෙස මෙය සංවිධාන කර තිබුණා.


Sep
16

නෙලූම් කුළුණ අද විවෘත වෙයි

Generic placeholder image

දකුණු ආසියාවේ උසම කුළුණ වන නෙළුම් කුළුණ අද විවෘත කිරීමට නියමිතයි.ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන්. 2012 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ නෙළුම් කුළුණ සැළකෙන්නේ දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ලෙස යි. මහල් 17 කින් යුත් මෙම කුළුණ මීටර් 356 ක උසකින් යුක්තයි.මේ සඳහා වැය වූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 104 ක්. ඉන් 80 % ක් […]


Sep
16

දිවයින පුරා තද වැසි – ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත් වලට මිලි මීටර 100- 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම තද වැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යට වී තිබෙනවා. ඒම නිසා එම ප්‍රදේශ වලට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර තිබෙනවා.ඒ අනුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් […]


Sep
12

ජාතික තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ 64ක් රිමාන්ඩ්

Generic placeholder image

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමග සම්බන්ධ පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් 64 දෙනෙකු අද (12දා) මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 26 වැනිද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් මහතා නියෝග කර තිබෙනවා. මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි ජාතික තවුහිද් ජමාත් මූලස්ථානයේ ආයුධ පුහුණු […]


Sep
12

හරිම පිරිමියෙක් තෝරාගන්නේ අම්මවද, වයිෆ්වද?

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Sep
12

සිරකරුවන් 450 කගේ සහභාගිත්වයෙන් විශේෂ පින්කම් මාලාවක්

Generic placeholder image

එළිමහන් සිරකඳවුරුවල පුනරුත්ථාපනය ලබන සිරකරුවන් 450 කගේ සහභාගිත්වයෙන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා රුවන්වැලි සෑ රඳුන් අභියස විශේෂ පින්කම් මාලාවක් පැවැත්වීමට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු සංවිධානය කර තිබෙනවා. 2019.09.15 දින පස්වරු 2.00 ට පින්කම් මාලාව ආරම්භ වන අතර එම අවස්ථාව සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ […]


Sep
12

එංගලන්ත හිටපු ටෙස්ට් ක්‍රීඩක ඇන්ඬෘ ෆ්ලින්ටොෆ් රිය අනතුරක

Generic placeholder image

‘ටොප් ගියර්’ රූපවාහිනී වැඩසටහන ඉදිරිපත් කරන එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක ඇන්ඬෘ ෆ්ලින්ටොෆ් රිය අනතුරකට ලක් වී තිබෙනවා. එම වැඩසටහන රූ ගත කෙරෙන අතරතුරදී ඔහු පැද වූ ත්‍රිරෝද යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් මෙම අනතුර සිදුව ඇති බව සදහන්. අනතුර සිදුවන අවස්ථාවේ ඔහු පැයට සැතපුම් 124ක වේගයකින් සිය ත්‍රිරෝද යතුරු පැදිය පදවා ඇති […]


Sep
12

ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කර ගැනීමට අවධානය

Generic placeholder image

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත ටෝගෝ ජනාධිපති Faure Essozimna Gnassingbe මැතිතුමා (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණා. ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳ දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහි දී කියා සිටියේ ටෝගෝ ජනාධිපතිතුමාගේ ශ්‍රී ලංකා […]


News Articles
Latest Videos
Most Popular Post