News Line| Off Air
Generic placeholder image

Sep
10

සාමනේර හිමිවරුන් දෙනමකට පුද්ගලයෙක් පහර දෙයි

Generic placeholder image

සාමනේර හිමිවරුන් දෙනමකට පුද්ගලයෙක් පහර දෙන ආකාරය දැක්වෙන දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට පැතිර යමින් තිබෙනවා. කෙසේ වෙතත් මෙම පහරදීම සිදුකරන ස්ථානය හෝ පුද්ගලයා පිළිබදව තොරතුරක් වාර්තා වන්නේ වී නැහ. මෙම පුද්ගලයා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පොලිස් මාධ්‍ය ඒකකයේ පහත දුරකථන අංකයට දැනුම් දෙන්න. දුරකථන අංක – 0112 395 605


Sep
10

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිළ පහලට

Generic placeholder image

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 සහ 95 වර්ගයේ සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 2 කින් පහත දැමීමට ඉන්ධන මිල කමිටුව තීරණය කර තිබෙනවා. ඉන්ධන මිල සංශෝධනය කිරීමට අදාළ ඉන්ධන මිල කමිටුව මේ වනවිට මුදල් අමාත්‍යාංයේදී රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව සදහන්.


Sep
10

කෘත්‍රීමව ශරීර කොටස් හදන යන්ත්‍රයක් අද ජනතා අයිතියට

Generic placeholder image

කෘත්‍රිම ශරීර කොටස් නිර්මාණය කිරීම සදහා අළුතින් ස්ථාපනය කෙරුණු ත්‍රිමාණ මුද්‍රණාගාරය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතින් අද (10) පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරුණා. හදිසි අනතුරු සහ විකලාංග ඒකකයට අනුබද්ධව ක්‍රියාත්මක මෙම ත්‍රිමාණ මුද්‍රණාගාරය පිහිටා ඇත්තේ විකලාංග සායන පරිශ්‍රයේ යි. ලෝක සෞඛ්‍ය සංවිධානය හදුන්වා දී ඇති උපකාරක තාක්ෂණවේදය අනුගමනය කරමින් එම […]


Sep
10

තිලංග සුමතිපාලට හරීන්ගෙන් තහනමක්

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරන හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලට එහි පරිපාලන කටයුතුවලට සහභාගිවීමට නොහැකිවන ලෙස තාවකාලික තහනමක් පැනවීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පියවර ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන ලිපිය මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යොමු කර ඇති අතර ක්‍රීඩා පනතින් අමාත්‍යවරයාට ලැබී ඇති බලතලවලට […]


Sep
10

රොකට්ටුවක් නිර්මාණය කළ ගිහාන් සිසුවාට ජනපතිගෙන් නවීන පරිගණකයක්

Generic placeholder image

රොකට්ටුවක් නිර්මාණය කළ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ගිහාන් හෙට්ටිආරච්චි සිසුවාගේ ඉදිරි නිර්මාණ කටයුතු වෙනුවෙන් නවීන ලැප්ටොප් පරිගණකයක් ප්‍රදානය කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වුණා.


Sep
10

නෙළුම් කුළුනේ නවතම ජායා රූප මෙන්න

Generic placeholder image

නෙළුම් කුළුන නැවත අලුත් වැඩියා කිරීමෙන් අනතරුව ලබන 15 වෙනිදා ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා.


Sep
10

භාතිය අර්ථනායකගෙන් නවතම ග්‍රන්ථ දෙකක්

Generic placeholder image

පුද්ගල හැකියා සංවර්ධන හා අභිප්‍රේරණ විෂය සම්බන්ධයෙන් මෙරට සිටින දක්ෂත ම තරුණ පුහුණුකරුවෙක් වගේම දේශකයෙක් තමයි භාතිය අර්ථනායක කියන්නේ. වසර 10 ක් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන් හි මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කල නිසා ම භාතිය දක්ෂ ලේඛකයෙකු ද වෙනවා “ සුණු විසුණු කල අභියෝග” නමින් සිය පලමු ග්‍රන්ථය 2011 වසරේ දී ලියා පලකළ භාතිය, ඉන් අනතුරුව […]


Sep
10

වාහන දහසක් සමඟ යාත්‍රාවක් මුහුදට පෙරළී අනතුරකට ලක්වෙයි

Generic placeholder image

අමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ දී භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබු යාත්‍රාවක් අනතුරට ලක්ව පෙරළි ගොස් තිබෙනවා. එහිදී එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් විසිදෙනෙකු බේරා ගැනීමට වෙරළ ආරක්ෂක බලධාරින් පියවර ගෙන ඇති අතර තවත් සිව්දෙනෙකු නෞකාවේ සිර වී ඇති බවත් අනතුරුව පැය 35කට ආසන්න කාලයක් සිදුකළ මෙහෙයුමකදි සිරවී සිටි එම පුද්ගලයින් සිව්දෙනා බේරාගැනීමට වෙරළ […]


Sep
10

අලි බබා නිර්මාතෘ ජැක් මා අද විශ්‍රාම යයි

Generic placeholder image

චීනයේ ධනවත්ම පුද්ගලයා සහ සුප්‍රකට අලි බාබා සමාගම හරහා චීනයට ඊ- වාණිජ්‍යය හඳුන්වා දුන් බිලියනපති ජැක් මා අද (10) අලි බාබා සමාගමේ විධායක සභාපති ධුරයෙන් විශ්‍රාම යන බව සදහන්. අද ඔහුගේ 55 වැනි ජන්ම දිනය බැවින් ඔහු මේ සඳහා අද දිනය තෝරාගෙන තිබෙනවා. දශක 02ක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් ගොඩ නැගූ අලි බාබා සමාගම මේ වන […]


Sep
10

සඳ ස්පර්ශයට මොහොතක්ව තිබියදී චන්ද්‍රයාන් – 2 යානයට මොකද වුනේ?

Generic placeholder image

ඉන්දියානු අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් තබමින් දියත් කල චන්ද්‍රයානන් – 2 යානය චන්ද්‍රයාගේ පෘෂ්ටය ස්පර්ශයට මොහොතක්ව තිබියදී සදතරණ ලෑන්ඩරයෙහි හා පාලක මැදිරි සම්බන්දතාවය අහිමි වුණා. මෙම අවස්ථාව ඉන්දියානු මාධ්‍යය සජීවීව නැරඹිමට සලසා තිබු අතර මෙම අවස්ථාවට ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදී ඇතුළු පිරිසක් එක්ව සිටියා. කෙසේවෙතත් සියලු දෙනාම නෙත් අයා සිටි එම අවස්ථාව සැනෙකින් කැඩී බිදී […]


Sep
10

කිවියන් බරු ගැසූ මාලිංග

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න – Click Here


Sep
10

දසුන් ශානක සිය උපන්දිනය සැමරූ හැටි මෙන්න

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ පන්දු යවන්නෙකු වන දසුන් ශානක ඊයේ සිය උපන්දිනය සැමරුවා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිය මිතුරන් සමගින්. මෙම අවස්ථාවට ප්‍රවීන ක්‍රීඩකයින් වන ලසිත් මාලිංග ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. ඔහු මෙලසින් සමරුවේ ඔහුගේ 28 වන උපන් දිනයයි. දසුන් ශානකට සියත අපිත් සුබ උපන්දිනයකට ආසිරි එකතු කරනවා.


News Articles
Latest Videos
Most Popular Post