News Line| Off Air
Generic placeholder image

Jul
15

නේපාලයේ ගංවතුරෙන් මියගිය පුද්ගලයින් 88 දක්වා ඉහලට

Generic placeholder image

නේපාලයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 88 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කලේ තවත් පුද්ගලයින් 31 කට ආසන්න පිරිසක් අතුරුදන් වී ඇති බවයි. පසුගිය සතිය පුරා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග මෙම ගංවතුර තත්වය හට ගෙන තිබෙනවා. නේපාල සහන කණ්ඩායම් සදහන් කලේ නිවාස එකොළොස් දහසකට පමණ ඉන් හානි […]


Jul
15

වසරේ ICC එක්දින කණ්ඩායම නම් කරයි

Generic placeholder image

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ එක්දින කණ්ඩායම අද (15) නම් කරනු ලැබූ අතර එම කණ්ඩායමේ නායකත්වය සඳහා නවසීලන්ත ක්‍රිකට් පිලේ නායක කේන් විලියම්සන් නම් කර තිබෙනවා. වසරේ එක්දින තරගාවලිය සඳහා ඊයේ පැවති අවසන් මහ තරගයට ක්‍රීඩා කරනු ලැබූ එංගලන්ත සහ නවසීලන්ත කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් 06 දෙනෙකු ඇතුලත් වීම විශේෂත්වයක්. වසරේ ICC එක්දින කණ්ඩායමට බංග්ලාදේශ කණ්ඩායමේ […]


Jul
15

අගමැතිගෙන් රංජන් රාමණායකට ලියුමක්

Generic placeholder image

රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමණායක විසින් මහා සංඝරත්නය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමාගේ දැඩි අවධානය යොමුවී ඇති බව පවසමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය අමාත්‍යවරයා වෙත ලිපියක් යවා තිබෙනවා. මහා සංඝරත්නය විෂයෙහි සිදුකළ අදහස් පිලිබදව පැහැදිලි කිරීමක් මෙම මස 21 වෙනිදට පෙර තමන් වෙත ලිඛිතව යොමු කරන ලෙස අගමැතිවරයා සිය ලිපියෙන් රන්ජන් රාමණායක අමාත්‍යවරයා වෙත […]


Jul
15

පානදුර උතුර පොලිසියේ ස්ථානාධිතිට වැඩ තහනම්

Generic placeholder image

පානදුර උතුර පොලිස් ස්ථානයේ තිබු ටී-56 ගිනි අවි දෙකක් අතුරුදහන් වීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන වලට අදාළව එම පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂක ප්‍රභාත් පරණවිතානගේ වැඩ තහනම් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා අද (15) නියෝග කර තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව බවයි පොලිස් මුලස්ථානය නිවේදනය කළේ. අතුරුදහන්වූ ගිනි අවි දෙක සම්බන්ධයෙන් බස්නාහිර උතුර […]


Jul
15

මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ ධීවරයින්ට විශ්‍රාම වැටුපක්

Generic placeholder image

මිරිදිය මත්ස්‍ය කර්මාන්තයේ යෙදී සිටින ධීවරයින්ට විශ්‍රාම වැටුපක් හදුන්වාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් ප්‍රකාශ කළා. මිරිදිය මත්ස්‍ය වගා ක්‍රමය දිවයින පුරා ප්‍රචලිත කිරීමටත්, පුරන්වූ ඉඩම් හා වගා කළ නොහැකි භූමි හදුනා ගෙන ඒවායෙහි පොකුණු ඉදිකරමින් ජලජීවි වගාව හදුන්වාදීමට කටයුතු කරන බවත්, අමාත්‍යවරයා සදහන් කළා. […]


Jul
15

ධීවර හා නාවික ප්‍රජාවට කාළගුනයෙන් අවධානාත්මක නිවේදනයක්

Generic placeholder image

දිවයිනට බස්නාහිර, නිරිත හා දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් හෙට(16) දිනයේ සිට 19 වන දා දක්වා බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පුත්තලම සිට කොළඹ හා ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 60-70 ක් පමණ විය හැකියි. ධීවර […]


Jul
15

වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය හෙට දිස්වීමට නියමිතයි

Generic placeholder image

හෙටට (16) යෙදී තිබෙන ඇසල පුර පසලොස්වක පොහෝ දින වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය දිස්වීමට නියමිතව තිබෙනවා. හෙට මධ්‍යම රාත්‍රීය පසු වී විනාඩි 13ක් යන විට ග්‍රහනය ආරම්භ වන බවද මෙම චන්ද්‍රග්‍රහනය අර්ධ චන්ද්‍රග්‍රහනයක් බවද කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවා. පෘථිවියේ උප ඡායාව මගින් චන්ද්‍රයා ගමන් කිරීම නිසා […]


Jul
15

රට ගොඩනැඟීමට නම් අවංක දේශපාලනඥයන් සිටින ආණ්ඩුවක් අවශ්‍යයි -ජනපති

Generic placeholder image

තවත් මාස 05කින් මේ රටේ ජනතාවට අලූත් ආණ්ඩුවක් හැදීමට අවස්ථාව හිමි වන අතර පිරිසිදු, සැබෑ මානවවාදී, රටට ආදරය කරන සහ දූෂණයෙන් වංචාවෙන් තොර අවංක දේශපාලනඥයන් සිටින ජනතාවාදී ආණ්ඩුවක් පත් කර ගැනීමට එහි දී ජනතාව සිය ඡන්ද බලය භාවිත කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. සමස්ත ආර්ථීක දේහයම කඩා වැටුණු සහ […]


Jul
15

පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍රගේ නඩුවේ විභාගය කල්යයි

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට එරෙහි නඩුවේ විභාගය දෙසැම්බර් මස 3 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා. නඩුව අද කැදවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ඉදිරියේයි. 2016 වසරේ දෙමටගොඩ ප‍්‍රදේශයේ වෙළඳසැලක සේවය කළ අමිල ප‍්‍රියංක නැමැති තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දීමට ක‍්‍රියා කිරීම සම්බන්ධයෙන් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර ඇතුළු […]


Jul
15

ස්වීඩනයේ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් 09 දෙනෙකු මරුට

Generic placeholder image

ස්වීඩනයේ උතුරු දිග උමීයා නගරය ආසන්නයේ සිදුවූ ගුවන් යානා අනතුරකින් පුද්ගලයින් නවදෙනකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම යානය පැරෂුට් පුහුණුව සඳහා කණ්ඩායමක් රැගෙන ගිය ගුවන් යානයක් බවයි. ගුවන් යානයේ ගමන් කළ ගුවන් නියමුවා ඇතුළු සියලූදෙනාම අනතුරින් මියගොස් තිබෙනවා. යානයේ ගමන් ගත් පිරිසගේ දුරකතන දත්තද මේ වන විට පරීක්ෂා කරමින් පවතින බවයි ස්වීඩන් ආරක්ෂක […]


Jul
15

කඩුවෙල – කොල්ලුපිටිය රථවාහන ධාවනය රාතී‍්‍ර 8 සිට 11 තෙක් සීමා කෙරේ

Generic placeholder image

කඩුවෙල කොල්ලූපිටිය 177 බස් මාර්ගයේ රථවාහන ධාවනය අද රාත‍්‍රී 8 සිට රාත‍්‍රී 11 තෙක් සීමා කර තිබෙනවා.  ඒ කොතලාවල සංඛපිටිය රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහර හේතුවෙන්. පොලිසිය රියදුරන්ට දැනුම් දෙන්නේ එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි. විකල්ප මාර්ග ලෙස කඩුවෙල සිට මාළඹේ දෙසට ගමන් කරන රථවාහන කඩුවෙල මංසන්ධියෙන් කොළඹ දෙසට ගමන් කර විහාර […]


Jul
15

හෙරොයින් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Generic placeholder image

ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ කළ වැටලීමකදී හෙරොයින් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සදහන් කළේ අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී සැකකරුවන් සතුව හෙරොයින් ග‍්‍රෑම් 400ක් සහ රුපියල් ලක්ෂ දෙකක් තිබී සොයා ගත් බවයි. වැලලම්පිටිය ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 හා 39 වන පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අද මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින […]


News Articles
Latest Videos
Most Popular Post